රැඳවුම් නියෝග යටතේ (PTA ) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි ගේ බිරිඳ සහ දරුවන් සිවිල් ඇඳුමින් සැරසුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් යැයි සැකකෙරෙන පිරිසකගේ දැඩි ලුහුබැඳීමට, තර්ජනයට සහ රහසිගත වීඩියෝ ගත කිරීම්වලට ලක්වෙමින් සිටින බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් සුරේෂ් සලෙයිගේ බිරිඳ වන මනෝරි බන්දුසේන සලෙයි විසින් "අපරාධවලින් වින්දිතයන් වූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ" සභාපතිවරයා වෙත ඊයේ (20) හදිසි ලිඛිත පැමිණිල්ලක් යොමු කර ඇත.
රැඳවුම් නියෝග යටතේ (PTA ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රෝහලගතව පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි ගේ බිරිඳ සහ දරුවන් සිවිල් ඇඳුමින් සැරසුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් යැයි සැකකෙරෙන පිරිසකගේ දැඩි ලුහුබැඳීමට, තර්ජනයට සහ රහසිගත වීඩියෝ ගත කිරීම්වලට ලක්වෙමින් සිටින බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
ජාතික රෝහලේදී සිදු වූ තැතිගන්වනසුලු සිදුවීම
ඊයේ (20) දිනයේ සුරේෂ් සලෙයි බැලීමට ජාතික රෝහලට ගිය ඔහුගේ 17 හැවිරිදි පාසල් යන දියණිය සහ 22 හැවිරිදි පුතා මුහුණ දුන් සිදුවීම පැමිණිල්ලේ විස්තර කර ඇත්තේ මෙසේය.
ලිෆ්ට් එක ඇතුළේ ලුහුබැඳීම:
දරුවන් දෙදෙනා රෝහලෙන් පිටවීමට යාමේදී සිවිල් ඇඳුමින් සැරසුණු CID නිලධාරියෙකු ඔවුන් සමඟ සෝපානයට (Lift) ඇතුළු වී දිගින් දිගටම ලුහුබැඳ ඇත.
ෆොටෝ සහ වීඩියෝ කිරීම:
මාධ්‍යවේදීන් මඟහරිමින් දරුවන් වෙනත් ගේට්ටුවකින් ගොස් වාහනයට ඇතුළු වූ පසුත්, එම පුද්ගලයා වාහනය අසලටම පැමිණ සිය ජංගම දුරකථනයෙන් දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන තිබේ.
සාක්ෂි සහිතව කොටු කරගැනීම:
එහිදී සුරේෂ් සලෙයි ගේ පුතා විසින් තමන්ව ලුහුබැඳ ආ පුද්ගලයාගේ ඡායාරූපයක් රහසින් ලබාගෙන ඇති අතර, එම ඡායාරූපය "X1" සලකුණ යටතේ ප්‍රධාන සාක්ෂියක් ලෙස ආරක්ෂක අධිකාරිය වෙත බාරදී ඇත.
මානව හිමිකම් කොමිසමේදී CID එක නිරුවත් වෙයි
මනෝරි සලෙයි පෙන්වා දෙන්නේ, මීට පෙර CID මූලස්ථානය අසල තම වාහනය නවතා තිබූ අවස්ථාවලදී ද මෙම පුද්ගලයා සැකකටයුතු ලෙස ගැවසුණු බවයි. එමෙන්ම, සලෙයි ව අනෙක් රැඳවියන් ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරුවත් කර සෝදිසි කිරීම් (Strip Search) කළ බව CID හි ස්ථානාධිපතිවරයා (OIC) විසින්ම මානව හිමිකම් කොමිසම ඉදිරියේ පිළිගෙන ඇති බවද ඇය සඳහන් කරයි.
වින්දිතයන්ගේ අධිකාරියෙන් ඉල්ලන සහන 3ක්
තම බාල වයස්කාර දියණිය ඇතුළු දරුවන් දැඩි මානසික පීඩනයකට හා බියකට පත්ව ඇති බැවින් මනෝරි සලෙයි මෙම ඉල්ලීම් ඉදිරිපත් කරයි.
1- ස්වාධීන පරීක්ෂණයක්:
සිවිල් ඇඳුමින් සැරසී තම පවුල ලුහුබඳින, වීඩියෝ කරන පුද්ගලයා කවුද සහ ඔහු කාගේ උපදෙස් මත ක්‍රියා කරන්නේද යන්න වහාම විමර්ශනය කිරීම.
2- ජීවිත ආරක්ෂාව:
"අපරාධවලින් වින්දිතයන් වූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත" යටතේ තමන්ට සහ තම දරුවන්ට වහාම නිල ආරක්ෂාව සැපයීම.
3- මැදිහත්වීම් වැළැක්වීම:
දැනට සිදුවන නීතිමය ක්‍රියාවලීන්ට බාධා කරමින් CID එක මඟින් සිදුකරන මෙම දඩයම් කිරීම් සහ හිරිහැර කිරීම් වහාම නැවැත්වීමට පියවර ගැනීම.
සබැඳි පුවත් :
'CID එකට මාව ආපහු යවන්න එපා!' - රෝහලට ආ මහේස්ත්‍රාත් ගෙන් සුරේෂ් සලෙයි ඉල්ලයි




