8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආන්දෝලනාත්මක එංගලන්ත සංචාරයේ වියදම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට කැඳවූ හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරියෙකුට සාක්ෂි දීමේ වියදම් ලෙස ස්ටර්ලින් පවුම් 650 ක (රුපියල් ලක්ෂ 2.5 කට අධික) මුදලක් මහජන බදු මුදලින් ගෙවීමට පියවර ගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයේ නිල මූල්‍ය දත්ත සහ බිල්පත් සකස් කර ඇත්තේ සරෝජා සිරිසේන මහා කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සමයේ එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස සේවය කළ අරුණ ප්‍රනාන්දු ය.
පසුව ඔහු නිසි ක්‍රමවේදයකින් තොරව සේවයෙන් ඉවත්ව ලන්ඩනයෙන් බැහැරව ගොස් සිටි අතර, සාක්ෂි රැස් කිරීමට ලන්ඩන් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් හමුවට ඔහු පැමිණ ඇත්තේ බ්ලැක්ෆූල් (Blackpool) නගරයේ සිට බවද ඉහත ආරංචිමාර්ග තව දුරටත් පවසයි.
විමර්ශනයේදී මතු වූ ප්‍රධාන කරුණු 3ක් !
ස්කයි වින්ග් සමාගමේ සෘජු සම්බන්ධය-
රනිල් වික්‍රමසිංහ ගේ සංචාරක වියදම් සම්බන්ධීකරණයට සහ සැකසීමට අරුණ ප්‍රනාන්දු විසින් ඔහුගේ සමීපතමයෙකු වන සායී මුකුන්දන්ට අයත් "ස්කයි වින්ග්" (Sky Wing) සමාගමේ සෘජු දායකත්වය ලබාගෙන ඇති බව හෙළිව තිබේ.
CID නිලධාරීන් 5කගේ නඩත්තුව-
මෙම සිදුවීමට අදාළව සාක්ෂි සෙවීම සඳහා ලන්ඩන් බලා ගිය රහස් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කර ඇත.
තොරතුරු පනතට රජය මෙතෙක් මුළුමනින්ම ගොළුයි -
CID නිලධාරීන්ගේ මෙම විදේශ සංචාරය සඳහා වැය වූ සමස්ත මහජන මුදල කොපමණදැයි "තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත" (RTI) යටතේ නිල වශයෙන් විමසා මාස 5ක් ඉක්ම ගොස් ඇතත්, වගකිවයුතු ආයතන මෙතෙක් ඊට කිසිදු පිළිතුරක් ලබා දී නොමැත.
රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරයේ මූල්‍ය පාරදෘශ්‍යභාවය පිළිබඳව සිදුකෙරෙන මෙම CID විමර්ශනය, රාජ්‍ය තාන්ත්‍රික වියදම් සඟවා තැබීමේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය නැවත වරක් ප්‍රශ්න කරනු ලබන්නකි.




