The Leader News
BREAKING
පොලිසියේ 'බිලී කොක්ක' සහ පුරවැසියාගේ මූලික අයිතිය●රාජ්‍ය ආයතන 34ක් වැසීමට මුදල් අමාත්‍යාංශයෙන් පියවර●ඥානසාර හිමිට යළි සිවුර ඇන්දවීමට අධිකරණය මැදිහත් නොවෙයි●මීගමුව බන්ධනාගාර මරණ පිටුපස අපරාධයක්: පුළුල් CID විමර්ශනයක් ඇරඹේ●IMF පසු එකඟතාවක් නැතිව ශ්‍රී ලංකාවට යා හැකිද? - රවී ප්‍රශ්න කරයි●රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට අලුත් නීති: යටිතල පහසුකම්වලට පෞද්ගලික ප්‍රාග්ධනය කැඳවයි●විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් බිලියන 19ක පාඩුවක්●කෘත්‍රිම බුද්ධියෙන් හෙළිවන මෘදුකාංග දෝෂ: සයිබර් අවකාශයට අලුත් අර්බුදයක්?●බර අඩුකරන ඖෂධ රැල්ලෙන් මතු වූ ප්‍රෝටීන් උන්මාදය සහ මාර්කටින් උගුල●මැතිවරණ අභියස ඩීසල් අර්බුදය හමුවේ ට්‍රම්ප්ගෙන් දැවැන්ත ආර්ථික ඔට්ටුවක්●
Top Ad
පුවත්

ඥානසාර හිමිට යළි සිවුර ඇන්දවීමට අධිකරණය මැදිහත් නොවෙයි

දඬුවම් නියම වූ භික්ෂූන් වෙනුවෙන් බන්ධනාගාර නීති ඉක්මවා නියෝග නිකුත් කළ නොහැකි බව පෙන්වා දෙමින්, ඥානසාර හිමිට යළි සිවුර ඇන්දවීමට නියෝගයක් ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Pasan

Pasan

October 23, 2026 • 9:45 PM

ඥානසාර හිමිට යළි සිවුර ඇන්දවීමට අධිකරණය මැදිහත් නොවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බන්ධනාගාර නීතිය හා චීවරයේ අර්බුදය දඬුවම් නියමව බන්ධනාගාරගතව පසුවන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත චීවරය ඇන්දවීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට නීතිමය හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය අවධාරණය කළේය.
  • ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී, විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ විශේෂ ඉල්ලීමක් විභාග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී.
  • එම තත්ත්වය සැලකිල්ලට ගත් බන්ධනාගාර බලධාරීන්, ආරක්ෂක හේතූන් මත විත්තිකරු මෙවර සෘජුව අධිකරණ ශාලාවට නොකැඳවා වට්ස්ඇප් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාර්ගගතව විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
  • වරද පිළිගැනීමේ එකඟතාවට විමසීමක් 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත ප්‍රකාරව දෙපාර්ශ්වය වරද පිළිගැනීමේ එකඟතා ගිවිසුමකට එළඹෙන්නේද යන්න ඉදිරි දිනයේදී දැනුම් දෙන ලෙස අධිකරණය නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බන්ධනාගාර නීතිය හා චීවරයේ අර්බුදය

දඬුවම් නියමව බන්ධනාගාරගතව පසුවන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත චීවරය ඇන්දවීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට නීතිමය හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය අවධාරණය කළේය.

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී, විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ විශේෂ ඉල්ලීමක් විභාග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම ස්ථාවරය පැහැදිලි කළේය.


මාර්ගගත තාක්ෂණයෙන් කළ ඉදිරිපත් කිරීම

අභියාචනාධිකරණ තීන්දුවකට අනුව බන්ධනාගාරගත කෙරුණු ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සුදු වස්ත්‍රයක් අන්දවා මීට පෙර අධිකරණයට රැගෙන ඒම හේතුවෙන් සමාජය තුළ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය විය.

එම තත්ත්වය සැලකිල්ලට ගත් බන්ධනාගාර බලධාරීන්, ආරක්ෂක හේතූන් මත විත්තිකරු මෙවර සෘජුව අධිකරණ ශාලාවට නොකැඳවා වට්ස්ඇප් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාර්ගගතව විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.


මහානායක ඉල්ලීම සහ විනිසුරු ප්‍රශ්න කිරීම

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ තර්ක කළේ, බන්ධනාගාර නීති උල්ලංඝනය නොවන අයුරින් උන්වහන්සේට නැවත චාරිත්‍රානුකූලව චීවරය ඇන්දවිය යුතු බවට කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාරයට ලිඛිත ඉල්ලීමක් කර ඇති බවයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා, විවිධ වැරදිවලට වරදකරුවන් වී බන්ධනාගාරවල පසුවන සෙසු භික්ෂූන් වහන්සේලාද නඩු කටයුතු සඳහා ඉදිරිපත් කළ යුත්තේ මහානායක හිමිවරුන් ලවා සිවුරු අන්දවා දැයි විවෘත අධිකරණයේදී විමසා සිටියේය.


වරද පිළිගැනීමේ එකඟතාවට විමසීමක්

2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත ප්‍රකාරව දෙපාර්ශ්වය වරද පිළිගැනීමේ එකඟතා ගිවිසුමකට එළඹෙන්නේද යන්න ඉදිරි දිනයේදී දැනුම් දෙන ලෙස අධිකරණය නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණය, අදාළ නඩුව යළි කැඳවීම ලබන වසරේ ජනවාරි 29 වැනිදා දක්වා කල් තැබීය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...