The Leader News
BREAKING
Top Ad
පුවත්

චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

T

The Leader Desk

August 4, 2026 • 5:01 PM

චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ ඉල්ලීම පිළිබඳ කරුණු සලකා බලමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය විසින් ඉල්ලා සිටින මෙම සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික හෝ තථාගත කරුණු ඉදිරිපත් කර නොමැති බවයි.
  • ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ අධිකරණය, නඩුව ඉදිරි පියවර සඳහා එළඹෙන ඔක්තෝබර් මස 09 වන දින නැවත කැඳවීමට නියෝග කළේය.
  • පැමිණිල්ල සහ නීතිමය ඉල්ලීම් ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් ගොනු කර ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුට දාව උපන් බව කියන බාලවයස්කාර ආර්යන් කරුණාරත්න සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
  • පැමිණිලිකාරිය අධිකරණය හමුවේ දක්වා ඇත්තේ, 2023 වසරේ හෝ ඊට ආසන්න කාලයකදී චාමික කරුණාරත්න තමන් සමග සමීප සබඳතාවයක් පැවැත්වූ බවත්, ඒ අනුව 2025 සැප්තැම්බර් මස 29 වන දින උපත ලැබූ ආර්යන් කරුණාරත්න නමැති දරුවාගේ පියා ඔහු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පීතෘභාවය සම්බන්ධයෙන් ගුවන් නියමුවරිය පැවරූ නඩුව ඔක්තෝබර් 09 වැනිදාට කල් යයි


අධිකරණ තීන්දුව සහ නියෝගය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න  DNA පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කෙරුණු ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද (04) ප්‍රතික්ෂේප කළේය.

අදාළ ඉල්ලීම පිළිබඳ කරුණු සලකා බලමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය විසින් ඉල්ලා සිටින මෙම සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික හෝ තථාගත කරුණු ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ අධිකරණය, නඩුව ඉදිරි පියවර සඳහා එළඹෙන ඔක්තෝබර් මස 09 වන දින නැවත කැඳවීමට නියෝග කළේය.

පැමිණිල්ල සහ නීතිමය ඉල්ලීම්

ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් ගොනු කර ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුට දාව උපන් බව කියන බාලවයස්කාර ආර්යන් කරුණාරත්න සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පැමිණිලිකාරිය අධිකරණය හමුවේ දක්වා ඇත්තේ, 2023 වසරේ හෝ ඊට ආසන්න කාලයකදී චාමික කරුණාරත්න තමන් සමග සමීප සබඳතාවයක් පැවැත්වූ බවත්, ඒ අනුව 2025 සැප්තැම්බර් මස 29 වන දින උපත ලැබූ ආර්යන් කරුණාරත්න නමැති දරුවාගේ පියා ඔහු බවයි. පසුව ගැබ්ගැනීමෙන් අනතුරුව ඔහු තමන් මගහැරීමට කටයුතු කරමින් පීතෘභාවය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවට ඇය චෝදනා කර සිටින්නීය.


උප්පැන්න සහතිකය සහ ඉදිරි කටයුතු

දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව පීතෘභාවය සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම ඊට අදාළව DNA පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස ද ඇය ඉල්ලා සිටිය ද, අධිකරණය විසින් එම DNA පරීක්ෂණ ඉල්ලීම මෙදින ප්‍රතික්ෂේප කරන ලදී. නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු ඔක්තෝබර් 09 වන දින අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...