BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ගණේමුල්ලේ සංජීව ඝාතන නඩුව: ඉෂාරා සෙව්වන්දිගේ DNA වාර්තා අධිකරණයට – සැකකරුවන් යළි රිමාන්ඩ්

T

The Leader Desk

August 21, 2026 • 4:17 PM

ගණේමුල්ලේ සංජීව ඝාතන නඩුව: ඉෂාරා සෙව්වන්දිගේ DNA වාර්තා අධිකරණයට – සැකකරුවන් යළි රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යාජ හැඳුනුම්පත් සකස් කළ නීතිඥවරිය ගැනත් රස පරීක්ෂක වාර්තාවක්
  • බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරුණු අතර, සැකකාර ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස ලබන මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
  • මීට අමතරව, සිද්ධියේ 28 වැනි සැකකාරිය වන තමරා කුමාරී නමැති නීතිඥවරිය විසින් සකස් කරන ලද බව කියන ව්‍යාජ හැඳුනුම්පත් සම්බන්ධයෙන් ද රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී ඇති බව පොලිසිය පැවසීය.
  • එම වාර්තාවට අනුව, අපරාධය සිදු කිරීම සඳහා අදාළ නීතිඥවරියගේ හැඳුනුම්පත උපයෝගී කරගෙන ඇති බවට කරුණු තහවුරු වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

පළා යාමට සහාය දුන් අය සහ ඕමානයේදී කොටුවූ ‘මට්ටක්කුලියේ චතු’ තවදුරටත් රැඳවුම් නියෝග මත

කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘ගණේමුල්ලේ සංජීව’ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ DNA සහ ඡායාරූප පරීක්ෂණ වාර්තා රජයේ රස පරීක්ෂකවරයා වෙතින් ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (21) අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරුණු අතර, සැකකාර ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස ලබන මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රස පරීක්ෂක වාර්තා සහ විද්‍යාත්මක සාක්ෂි

අධිකරණය හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ, පසුගිය අගෝස්තු 17 වැනිදා සැකකාරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර මුහුණු පරීක්ෂාව, DNA සාම්පල, ඡායාරූප සටහන් සහ වීඩියෝ දර්ශන ලබාගෙන විද්‍යාත්මක පරීක්ෂණ සම්පූර්ණ කළ බවයි.

මීට අමතරව, සිද්ධියේ 28 වැනි සැකකාරිය වන තමරා කුමාරී නමැති නීතිඥවරිය විසින් සකස් කරන ලද බව කියන ව්‍යාජ හැඳුනුම්පත් සම්බන්ධයෙන් ද රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී ඇති බව පොලිසිය පැවසීය. එම වාර්තාවට අනුව, අපරාධය සිදු කිරීම සඳහා අදාළ නීතිඥවරියගේ හැඳුනුම්පත උපයෝගී කරගෙන ඇති බවට කරුණු තහවුරු වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

රැඳවුම් නියෝග සහ සැලසුම් සහගත ඔත්තු බැලීම්

නඩුවේ 32 වැනි සැකකරු වන ‘බටුවත්තේ චාමර’ සහ ‘ගම්පහ ඔස්මන්’ යන අයට ලබාගෙන තිබූ රැඳවුම් නියෝග අගෝස්තු 13 වැනිදායින් අවසන් වූ බැවින්, ඔවුන් වෙනුවෙන් තවත් දින 90ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිසිය මෙහිදී ප්‍රකාශ කළේය. එසේම ඉෂාරා සෙව්වන්දිට යාපනය හරහා මන්නාරමට පලා යාමට ආධාර අනුබල දුන් 41 සහ 42 වැනි සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි.

ජාත්‍යන්තර රතු නිවේදන මත ඕමාන් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ‘මට්ටක්කුලියේ චතු’ නමැත්තා ද දින 90ක රැඳවුම් නියෝග මත පසුවන අතර, ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එම ප්‍රකාශයන්ට අනුව, ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා ලබාදුන් මුදල් මත, ඝාතනය සිදුවීමට පෙර ඉෂාරා සෙව්වන්දි සමඟ අදාළ සැකකරු ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ නිරීක්ෂණ හා පෙර සූදානම් කටයුතු සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.

වැඩිදුර විමර්ශන සහ අධිකරණ නියෝගය

මෙම සිද්ධියට අදාළ 29 වැනි සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විමර්ශන නිලධාරීහු දන්වා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. අද දින සැකකරුවන් තිදෙනෙකු විවෘත අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, සෙසු සැකකරුවන් බන්ධනාගාරයේ සිට ‘සූම්’ (Zoom) තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා සම්බන්ධ කර ගැණින.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...