BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

හෙට දවසේ නායකත්වයට මාවත තනන ‘Future Voices 2026’ අවසන් මහා තරගය මහනුවරදී

T

The Leader Desk

August 28, 2026 • 6:57 AM

හෙට දවසේ නායකත්වයට මාවත තනන ‘Future Voices 2026’ අවසන් මහා තරගය මහනුවරදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් තේරී පත් වූ දක්ෂයින් 30ක් එකම වේදිකාවකට
  • ඒ යටතේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් නියෝජනය කරමින් තරගකරුවන් 15 දෙනෙකු සහ ප්‍රමුඛ උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් තරගකරුවන් 15 දෙනෙකු බැවින් මුළු තරගකරුවන් 30 දෙනෙකු මූලික වට හරහා අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබේ.
  • එමෙන්ම උසස් අධ්‍යාපන ආයතන කාණ්ඩය යටතේ APIIT, ANC Education, American College of Higher Education, SLIM සහ SLIIT යන ආයතනවල විද්‍යාර්ථීන් තමන් සතු නිර්මාණශීලී අදහස් හා විග්‍රහාත්මක චින්තනය මයික්‍රෆෝනය හමුවේ ප්‍රබලව ඉදිරිපත් කර ඇත.
  • ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන කුසලතා සංවර්ධනයක් වර්තමාන ගෝලීය දැනුම ආර්ථිකය තුළ සහ රැකියා වෙළඳපොළ තුළ මෘදු කුසලතා (Soft Skills), විවේචනාත්මක චින්තනය (Critical Thinking) මෙන්ම ආකර්ශනීය සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධක බවට පත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අවසන් මහා තරගය සහ ජයග්‍රාහකයින් ඇගයීම සැප්තැම්බර් 05 වැනිදා මහනුවර KCC පරිශ්‍රයේදී


ශ්‍රී ලාංකීය තරුණ පරපුරේ සන්නිවේදන කුසලතා සහ නායකත්ව පෞරුෂය සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරෙන ‘Future Voices 2026’ කථිකත්ව වැඩසටහනේ අවසන් මහා තරගය ලබන සැප්තැම්බර් 05 වැනිදා මහනුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

"සෑම ප්‍රබල හඬක්ම ඇරඹෙන්නේ කතා කිරීමට ගන්නා නිර්භීත උත්සාහයෙනි" යන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන, සාම්ප්‍රදායික විවාද හෝ කථික තරග සීමාවෙන් ඔබ්බට ගොස් තාරුණ්‍යයේ තර්කානුකූල චින්තනය සහ ඉදිරිපත් කිරීමේ හැකියාව ඔප්නංවන වේදිකාවක් බවට පත්ව ඇත.

පාසල් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් තෝරාගත් දක්ෂයින් 30ක්

මෙවර තරගාවලිය පාසල් මෙන්ම උසස් අධ්‍යාපන ආයතන නියෝජනය වන පරිදි කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඒ යටතේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් නියෝජනය කරමින් තරගකරුවන් 15 දෙනෙකු සහ ප්‍රමුඛ උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් තරගකරුවන් 15 දෙනෙකු බැවින් මුළු තරගකරුවන් 30 දෙනෙකු මූලික වට හරහා අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබේ.

පාසල් අංශය යටතේ ගේට්වේ විද්‍යාලය, ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, පුෂ්පදාන බාලිකා විද්‍යාලය, විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, බද්යුද්දීන් මහමුද් බාලිකා විද්‍යාලය, එකෝල් ඉන්ටර්නැෂනල් (Ecole Internationale) සහ වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය නියෝජනය කරමින් සිසුහු සිය කුසලතා ප්‍රදර්ශනය කරති.

එමෙන්ම උසස් අධ්‍යාපන ආයතන කාණ්ඩය යටතේ APIIT, ANC Education, American College of Higher Education, SLIM සහ SLIIT යන ආයතනවල විද්‍යාර්ථීන් තමන් සතු නිර්මාණශීලී අදහස් හා විග්‍රහාත්මක චින්තනය මයික්‍රෆෝනය හමුවේ ප්‍රබලව ඉදිරිපත් කර ඇත.

ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන කුසලතා සංවර්ධනයක්

වර්තමාන ගෝලීය දැනුම ආර්ථිකය තුළ සහ රැකියා වෙළඳපොළ තුළ මෘදු කුසලතා (Soft Skills), විවේචනාත්මක චින්තනය (Critical Thinking) මෙන්ම ආකර්ශනීය සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධක බවට පත්ව තිබේ. විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සංක්‍රමණය වන වකවානුවේදී තරුණ ප්‍රජාව මෙවන් අත්දැකීම්වලට මුහුණදීම මගින් ඔවුන්ගේ සමාජ අවබෝධය සහ ආත්මවිශ්වාසය සැලකිය යුතු ලෙස ඉහළ යන බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

මූලික වටවල සිට අවසන් පූර්ව වටය දක්වා වූ ගමන්මග තුළදී, වේදිකාව මත නිර්භීතව අදහස් ප්‍රකාශ කිරීම සහ ශ්‍රාවකයා ආමන්ත්‍රණය කිරීම හරහා සහභාගී වූ සෑම තරුණ තරගකරුවෙකුම සුවිශේෂී පරිවර්තනයකට ලක්ව ඇති ආකාරය දැකගත හැකි විය.

අවසන් මහා තරගය සැප්තැම්බර් 05 වැනිදා KCC හිදී

දක්ෂතාව, නායකත්වය සහ තරුණ හඬ එකට මුසුවන මෙම තරගාවලියේ අවසන් මහා තරගය (Grand Finale) සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා පෙරවරු 8.30 ට මහනුවර නගර මධ්‍යස්ථානයේ (KCC) 5 වන මහලේ පිහිටි උත්සව ශාලාවේදී (Level 5 Banquet Hall) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.


මෙහිදී ජයග්‍රහණය ලබන විශිෂ්ටයින්ට සහතිකපත් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත අතර, එම කුසලතා ඔප්නැංවීමට දායක වූ අදාළ පාසල් සහ අධ්‍යාපන ආයතන ද විශේෂ ඇගයීමට ලක්කිරීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර ඇත.

 voice 1
voice 2
voice 3
voice 4

 voice 5

WhatsApp Image 2026 08 27 at 21.55.56

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...