BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

GSP+ වෙළෙඳ සහනය යළි ලබාගැනීමට ශ්‍රී ලංකාවෙන් නව අයදුම්පතක්

T

The Leader Desk

August 28, 2026 • 5:16 AM

GSP+ වෙළෙඳ සහනය යළි ලබාගැනීමට ශ්‍රී ලංකාවෙන් නව අයදුම්පතක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *නව යුරෝපා රෙගුලාසි යටතේ කොන්දේසි සපුරාලීමට රජය සූදානම් බව විදේශ ඇමැති කියයි
  • කොළඹදී පැවති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ සහ මෙරට සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ විශේෂ හමුවක් අමතමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මේ බව තහවුරු කළේය.
  • රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ ආයතනික පද්ධති ශක්තිමත් කිරීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
  • රෙගුලාසි මාලාව 2027 ජනවාරි 01 වැනිදා සිට නිල වශයෙන් බලාත්මක වීමට නියමිත අතර, දැනට එම පහසුකම භුක්ති විඳින රටවලට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කරගැනීම සඳහා 2028 දෙසැම්බර් 31 දක්වා සංක්‍රාන්ති කාලයක් (Transition Period) හිමි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණවල ප්‍රගතියක්

යුරෝපා සංගමයේ සංශෝධිත නව රෙගුලාසි රාමුව යටතේ 2028 වසරේ දෙසැම්බර් මාසයට පෙර ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු සහනය සඳහා නැවත අයදුම් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර තිබේ. කොළඹදී පැවති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ සහ මෙරට සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ විශේෂ හමුවක් අමතමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මේ බව තහවුරු කළේය.

රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ ආයතනික පද්ධති ශක්තිමත් කිරීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

නව යුරෝපා රෙගුලාසි හා කාල රාමුව

යුරෝපා සංගමයේ නව ජී.එස්.පී. රෙගුලාසි මාලාව 2027 ජනවාරි 01 වැනිදා සිට නිල වශයෙන් බලාත්මක වීමට නියමිත අතර, දැනට එම පහසුකම භුක්ති විඳින රටවලට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කරගැනීම සඳහා 2028 දෙසැම්බර් 31 දක්වා සංක්‍රාන්ති කාලයක් (Transition Period) හිමි වේ. එම කාල සීමාව අවසන් වීමට පෙර සිදුකරන නැවත ඇගයීම සාර්ථක කර ගැනීමෙන් පමණක් 2029 ජනවාරි 01 වැනිදා සිට අඛණ්ඩව මෙම සහනය රඳවා ගැනීමට මෙරටට අවස්ථාව හිමි වනු ඇත.

ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර සම්මුති

ජී.එස්.පී. ප්ලස් පහසුකම හිමි වන්නේ මානව හිමිකම්, කම්කරු ප්‍රමිතීන්, යහපාලනය සහ පාරිසරික ආරක්ෂණයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීම මතය. සංශෝධිත නව රාමුව යටතේ සම්මුති සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නංවා ඇති අතර, ඒ සඳහා නිශ්චිත ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ප්‍රමිති සපුරාලීම සඳහා රජය මේ වන විටත් ප්‍රගතිශීලී පියවර කිහිපයක් ගනිමින් සිටින බවයි. විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර නව නීති හඳුන්වා දීම, මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act) සංශෝධනය කිරීම සහ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අනාවරණය කෙරිණි.

අපනයන තරගකාරීත්වය සහ ආර්ථික බලපෑම

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වන යුරෝපා සංගමයේ රටවල් වෙත ශ්‍රී ලංකාව සිදුකරන අපනයනවලින් 60%කට අධික ප්‍රමාණයක් ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ බදු රහිතව හෝ අවම බදු යටතේ සිදුවේ. විශේෂයෙන් ඇඟලුම්, ධීවර හා රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රවල තරගකාරීත්වය රැකගැනීමටත්, විදේශ විනිමය ඉපැයීම් සුරක්ෂිත කිරීමටත් මෙම වෙළෙඳ සහනය අතිශය තීරණාත්මක සාධකයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එබැවින්, ජාත්‍යන්තර හවුල්කාරිත්වය සහ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පෙරදැරි කරගනිමින් නියමිත කාලරාමුව තුළ නැවත අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම රජයේ ප්‍රමුඛ ඉලක්කයක් වී තිබේ.


වැඩිදුර තොරතුරු සහ වාර්තා :

යුරෝපා කොමිසමේ නිල ජී.එස්.පී. වෙළෙඳ තොරතුරු: European Commission – Generalised Scheme of Preferences (GSP)  


ලංකා වාණිජ මණ්ඩලයේ විග්‍රහය:ලංකා වාණිජ මණ්ඩලයේ විග්‍රහය: The Ceylon Chamber of Commerce – EU GSP Framework Update
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...