දේහය අද පෙ.ව. 9.00 සිට කිරුළපන පූර්වාරාම පාරේ නිවසේ තැන්පත් කෙරේ; අවසන් කටයුතු අද පස්වරුවේ කිරුළපන සුසාන භූමියේදී
කීර්තිමත් රාජ්‍ය සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස ද විශාල මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ හරිස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ආදරණීය පියාණන් ය.
හරිස් ද සිල්වා මහතා මියදෙනවිට ඔහුගේ වසර 93කි.
මෙරට රාජ්‍ය ලේඛන නඩත්තුව, ආරක්ෂණය සහ ලේඛනාගාර පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් දිගුකාලීන නායකත්වයක් දුන් හරිස් ද සිල්වා මහතා, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ ගෞරවාදරයට පාත්‍ර වූ කීර්තිමත් නිලධාරියෙකි.
අවසාන කටයුතු පිළිබඳ තොරතුරු:
අභාවප්‍රාප්ත හරිස් ද සිල්වා මහතාගේ දේහය අද (05) පෙරවරු 9.00 සිට කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මහජන ගෞරවය උදෙසා තැන්පත් කර තැබීමට කටයුතු යොදා ඇත.
දේහය පිළිබඳ අවසාන කටයුතු අද (05) පස්වරුවේ කිරුළපන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග පවසයි.




