වත්මන් දේශපාලන තත්වය පිළිබඳව විග්‍රහ කරමින් ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍යය නිවේදනයක එබව සඳහන්වේ. එම නිවේදනය පහත පළවේ.
''ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කර ගත හැක්කේ කෙසේදැයි ආර්ථික විශේෂඥයෙකු ලෙස මා නොයෙක් අවස්ථාවල ආර්ථික විග්‍රහ සිදුකර තිබේ. එම විග්‍රහයන් සමග සමහරුන් එකඟවන අතර සමහරුන් එකඟ නොවන බව මා දනිමි.
පසුගියදා එල්ලකළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අහිංසක මිනිස් ජීවිත රැසක් රටට අහිමි වූ අතර බොහෝ දෙනෙකු ඉන් තුවාල ලැබීය. මේ හේතුවෙන් මෙරට ජන ජීවිතය විශාල වශයෙන් අඩාල වූ අතර අප සියළු දෙනාම මේ වනවිට සිටින්නේ දැඩි වේදනාවකින් සහ කණගාටුවකිනි.
තොරතුරු ලැබී තිබියදීත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වලක්වා ගැනීමට රජයට නොහැකිවීම පිළිබඳව වත්මන් රජයේ නියෝජිතයෙකු ලෙස මා අවංකවම ලැජ්ජාවටත් කණගාටුවටත් පත්වෙමි.
ජනතාව තුළ මේ වනවිට තිබෙන වේදනාව සහ කණගාටුව අයුතු ලෙස භාවිතා කරමින් ජනතාව ප්‍රකෝප කිරීමටත් ඒ තුළින් ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමටත් ඇතැම් පිරිස් උත්සාහ කරන බව මේ දිනවල වර්ධනය වෙමින් තිබෙන සිදුවීම් වලින් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
අපි මේ ජාතිවාදී උගුලේ පැටලුණහොත් ඉතාමත් අසීරුවෙන් කළමනාකරණය කරමින් තිබෙන මෙරට ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක්වීම වැලැක්විය නොහැකි අතර ඒ තුළින් අපගේ පරම්පරා ගණනාවක් විඳවනු ඇත.
අයි.එස්. අයි. එස්. ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරවූ සමහර රටවල් මෙන්ම ශ්‍රී ලංකාවටත් වේගයෙන් යථා තත්ත්වයට පත්විය හැකි අතර එවිට සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් වෙනදා තිබූ තත්ත්වයටම පත්කර ගැනීමේ හැකියාවක් තිබෙන බව ඉතාමත් වගකීමෙන් ආර්ථික විශේෂඥයෙකු ලෙස මා සඳහන් කරමි.
ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙය ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයක් ලෙස හුදකළා කිරීම සහ එම ත්‍රස්තවාදී කණ්ඩායම විනාශ කිරීම සඳහා ආරක්ෂක අංශ වලට සහයෝගය ලබාදීමයි.
මේ නිසා, මේ මොහොතේ ඇතැම් පුද්ගලයින්ගේ උසි ගැන්වීම් වලට නොරැවටෙන ලෙසත් සාමකාමීව කටයුතු කරන ලෙසත් මා ජනතාවගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටිමි.
මා මෙම ආයාචනය කරන්නේ අපි ජාතිවාදී උගුලේ පැටලුණහොත් සමස්ත ජාතියක් ලෙස අපට සිදුවිය හැකි අනිසි ආර්ථික ඵල විපාක පිළිබඳව මා හොඳින්ම දන්නා නිසයි. මේ තීරණාත්මක අවස්ථාවේ වගකිව යුතු පුද්ගලයෙකු ලෙස මා මෙම ඉල්ලීම කළ යුතුයැයි මාගේ හෘද සාක්ෂිය මා වෙත බලකරන නිසා මා මෙම ආයාචනය කරමි.
මෙම ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව නැවතත් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව තිබියදී මෙවැනි ගැටුම් වලට අපි පැටලුණහොත් එයින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම පරිහානියට යන අතර එය අනාගතයේදී ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක් වනු ඇත.
එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුවහොත් සංචාරක කර්මාන්තය තිබූ තත්ත්වයට පත්කර ගැනීමට අපට නොහැකි වනු ඇත. එවිට එහි බලපෑම කෘෂි නිෂ්පාදන අංශයට, ආහාර පාන නිෂ්පාදන අංශයට, තොග සහ සිල්ලර වෙළඳාමට, ප්‍රවාහනය ඇතුළු බොහෝ අංශ වලට අහිතකර ලෙස බලපානු ඇත.
මෙහිදී, විදේශ මූල්‍ය අංශය පිරිහීමට ලක්වන අතර විදේශීය ණය ගෙවීමේ හැකියාවද දුර්වල වනු ඇත.
එසේම, ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයින්ගේ තිබෙන විශ්වාසය පිරිහී යන අතර මෙරටට ප්‍රාග්ධන ගලා ඒම් අඩුවනු ඇත. මෙම තත්ත්වය මග හරවා ගැනීම සඳහා ජාතිවාදී ගැටුම් නිර්මාණය නොවන පරිදි රජයේ ආරක්ෂක වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන්නැයි අදාළ බළධාරීන්ගෙන් මා ඉල්ලා සිටි අතර එවැනි ගැටුම් නිර්මාණය කරන අන්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවද අවධාරණය කළෙමි.
මේ අවස්ථාවේ අප ඉදිරියේ තිබෙන අභියෝගය වන්නේ මරාගෙන මැරෙන වහබ්වාදී මුස්ලිම් ත්‍රස්තවාදය ඇතුළු සියළු අන්තවාදයන් පරාජය කර සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර් සමාජයේ මධ්‍යස්ථ මතධාරීන් ශක්තිමත් කරමින් රට ගොඩ නැගීමයි. ''
'ත්‍රස්ත ප්‍රහාරයකට වඩා ජාතිවාදී ප්‍රහාරයක් බරපතලයි' - ඇමති හර්ෂ
T
The Leader Desk
May 16, 2019 • 4:53 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වත්මන් දේශපාලන තත්වය පිළිබඳව විග්‍රහ කරමින් ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍යය නිවේදනයක එබව සඳහන්වේ.
- ''ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කර ගත හැක්කේ කෙසේදැයි ආර්ථික විශේෂඥයෙකු ලෙස මා නොයෙක් අවස්ථාවල ආර්ථික විග්‍රහ සිදුකර තිබේ.
- එම විග්‍රහයන් සමග සමහරුන් එකඟවන අතර සමහරුන් එකඟ නොවන බව මා දනිමි.
- තොරතුරු ලැබී තිබියදීත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වලක්වා ගැනීමට රජයට නොහැකිවීම පිළිබඳව වත්මන් රජයේ නියෝජිතයෙකු ලෙස මා අවංකවම ලැජ්ජාවටත් කණගාටුවටත් පත්වෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


