BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස්කිරීමේ අර්බුදය උණුසුම් වෙයි: ජාත්‍යන්තරය සහ IMF හමුවට යාමට නීතිඥ ප්‍රජාව සැරසෙයි!

T

The Leader Desk

July 31, 2026 • 3:28 AM

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස්කිරීමේ අර්බුදය උණුසුම් වෙයි: ජාත්‍යන්තරය සහ IMF හමුවට යාමට නීතිඥ ප්‍රජාව සැරසෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ශ්‍රී ලංකා ඇන්ග්ලිකන් සභාව ඇතුළු ආගමික සංවිධානත් විරෝධයට එක්වෙයි; ජනමත විචාරණයකට යන ලෙස නීතිඥ සංගම් සභාපතිගෙන් අභියෝගයක්
  • ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ සිවිල් සමාජය පෙන්වා දී ඇති පරිදි, නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටීමේ බරපතළ අවදානම සලකා බලා රජය මෙම තීරණය වහාම හකුලා ගත යුතු බව උන්වහන්සේලා අවධාරණය කරති.
  • අමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ විපක්ෂයේ සූදානම   ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, නඩු ප්‍රමාදයන් පවතින්නේ පහළ අධිකරණවල මිස ඉහළ අධිකරණවල නොවන බැවින් මෙම පියවර අධිකරණ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් වන බවයි.
  • මෙකී බරපතළ වාතාවරණය හමුවේ, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ පිළිබඳව දැඩි ලෙස හඬ නැගීමට තීරණය කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


*පොදුරාජ්‍ය මණ්ඩලීය, ආසියානු හා ලන්ඩන් ජාත්‍යන්තර නීතිඥ සංගම් හරහා මූල්‍ය ආයතන දැනුවත් කිරීමට සූදානමක


අර්බුදයේ වත්මන් තත්ත්වය සහ මතුවන විරෝධතා  

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට ගෙන ඇති කැබිනට් තීරණයත් සමඟ, අධිකරණ සහ නීති ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතී. නීතිඥ ප්‍රජාවට අමතරව ආගමික හා බහුජන සංවිධාන ද පවත්නා තත්ත්වයට එරෙහිව හඬ නැගීමට පටන්ගෙන ඇති බව අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.  

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු යන පියතුමන්ලාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ඇන්ග්ලිකන් සභාව (Church of Ceylon) ප්‍රකාශ කළේ, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ල සහ අපේක්ෂාභංගත්වය පළකරන බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ සිවිල් සමාජය පෙන්වා දී ඇති පරිදි, නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටීමේ බරපතළ අවදානම සලකා බලා රජය මෙම තීරණය වහාම හකුලා ගත යුතු බව උන්වහන්සේලා අවධාරණය කරති.  

දේශපාලන මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික පියවර

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය පෙන්වා දෙන්නේ, නිසි පූර්ව අධ්‍යයනයකින් හෝ පූර්ව සාකච්ඡාවකින් තොරව ගෙනවිත් ඇති මෙම යෝජනාව, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට අදාළව මතුවූ ගැටලුවටත් වඩා බරපතළ එකක් බවයි. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව සකස් කළ වාර්තාවේ පවා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට කිසිදු නිර්දේශයක් කර නොමැති බව පැවසූ රජීව් අමරසූරිය, සමස්ත නීතිඥ ප්‍රජාවම මෙයට එරෙහි බැවින් රජයට අවශ්‍ය නම් මේ සඳහා ජනමත විචාරණයකට යා හැකි බවට අභියෝග කළේය.

මේ අතර, පවතින නීතිමය හා ව්‍යවස්ථාපිත තත්ත්වය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA), ආසියානු නීතිඥ සංගමය (LAWASIA) සහ ලන්ඩනයේ පිහිටි ජාත්‍යන්තර නීතිඥ සංගමය (IBA) වෙත කරුණු වාර්තා කිරීමට නීතිඥ කණ්ඩායම් පියවර ගෙන තිබේ. යහපාලනය (Good Governance) සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ මූලධර්ම පදනම් කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන දැනුවත් කිරීමටද මෙමගින් අපේක්ෂා කෙරේ.

අමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ විපක්ෂයේ සූදානම  

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, නඩු ප්‍රමාදයන් පවතින්නේ පහළ අධිකරණවල මිස ඉහළ අධිකරණවල නොවන බැවින් මෙම පියවර අධිකරණ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් වන බවයි. මෙකී බරපතළ වාතාවරණය හමුවේ, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ පිළිබඳව දැඩි ලෙස හඬ නැගීමට තීරණය කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමන් වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය සහ කරුණු සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි. අදාළ නීතිඥ සංගම් නියෝජිතයන්ගේ අදහස් සහ සවිස්තරාත්මක වාර්තාව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර රජයේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...