The Leader News
BREAKING
ආදායම් බදු වාර්තා ගොනු කිරීම දෙසැම්බර් 14 දක්වා දිගු කෙරේ  ●බදු අභියාචනා කොමිසමේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වෙලාද?●සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල: උත්තර ලියලාම ජීවිත ගොඩගන්න බැහැ●'දේවී' ගීතයෙන් රසික හදවත් දිනූ ඉසුමි හසිත්මා●පොතක් තරම් වටිනා තෑග්ගක් තවත් නැහැ: කැමිලා රැජින ජාතියටම ලියූ විවෘත ලිපිය●විදෙස් ඔත්තු සේවාවකට රාජ්‍ය රහස් දුන් චීන නිලධාරියාට මරණ දඬුවම●රනිල්ගේ සහ අනුරගේ ශ්‍රී ලංකාව: මාස 26ක ආර්ථික විගණනය●බ්‍රිතාන්‍ය තරුණ පරපුරේ ලිංගික හැසිරීම් වෙනස් වෙයි: නවතම සමීක්ෂණ හෙළිදරව්ව●ඉන්දීය පුරවැසිභාවයටත් පෙර සෝනියා ඡන්ද ලැයිස්තුවේ? දිල්ලි පොලිසියෙන් හෙළිදරව්වක්●වසර 37කට පසු නිවසට ආ ප්‍රංශ තැපැල්පතේ අබිරහස●
Top Ad
පුවත්

ආදායම් බදු වාර්තා ගොනු කිරීම දෙසැම්බර් 14 දක්වා දිගු කෙරේ

Pasan

Pasan

November 29, 2026 • 11:34 PM

ආදායම් බදු වාර්තා ගොනු කිරීම දෙසැම්බර් 14 දක්වා දිගු කෙරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • /2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව අදින් (30) අවසන් වීමට නියමිතව තිබුණත්, දෙසැම්බර් මස 14 වැනි දින හෝ ඊට පෙර වාර්තා ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දඬුවම් පනවන්නේ නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
  • දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය විසින් අද (29) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නාය.
  • අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව, ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලුම තැනැත්තන් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තාව 2026 නොවැම්බර් මස 30 වැනි දින හෝ ඊට පෙර ගොනු කළ යුතු විය.
  • එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතිය තුළ තදබදයක් ඇති වී ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් සිදු වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව අදින් (30) අවසන් වීමට නියමිතව තිබුණත්, දෙසැම්බර් මස 14 වැනි දින හෝ ඊට පෙර වාර්තා ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දඬුවම් පනවන්නේ නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.  

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය විසින් අද (29) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නාය.  

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව, ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලුම තැනැත්තන් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තාව 2026 නොවැම්බර් මස 30 වැනි දින හෝ ඊට පෙර ගොනු කළ යුතු විය.

RAMIS පද්ධතියට එල්ල වූ පීඩනය සහ තදබදය

කෙසේ වෙතත්, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා පළමු වරට ආදායම් බදු වාර්තා ගොනු කරන ලියාපදිංචි තැනැත්තන්ගේ සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන්, 2026 නොවැම්බර් මාසය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී ඇත.  

එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතිය තුළ තදබදයක් ඇති වී ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් සිදු වී තිබේ. බොහෝ බදු ගෙවන්නන්ට තම කාර්යය සම්පූර්ණ කිරීමේදී දුෂ්කරතා ඇති වූ බවටද, ඇතැම් බදු ගෙවන්නන්ට එම කාර්යය සම්පූර්ණ කිරීමට අපහසු වූ බවටද වාර්තා වී තිබේ.

සහන කාලසීමාවෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග  

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තාව 2026 දෙසැම්බර් මස 14 වැනි දින හෝ ඊට පෙර ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දඬුවම් පනවන්නේ නැතැයි දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම සහන කාලය තුළ වාර්තා ඉදිරිපත් කරන අයට එරෙහිව පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම හෝ දේශීය ආදායම් පනතේ XVIIA වැනි සහ XVIII වැනි පරිච්ඡේද යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.  

සියලුම බදු ගෙවන්නන් කලින්ම බදු වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ සඳහා පනවා ඇති නීතිමය කාලසීමාව ඉක්මවා නොයන ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. මෙම සහන කාලසීමාවෙන් පසුව ලබා දෙන බදු වාර්තා සඳහා දඬුවම් පැනවීමට කටයුතු කරන බවද නිවේදනයේ සඳහන් වේ.  

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...