BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

knews.lk : ගවේෂණාත්මක මාධ්‍ය භාවිතාව වෙනුවෙන් කේ. සංජීවගෙන් අලුත් වැඩක්

T

The Leader Desk

August 3, 2026 • 4:20 AM

knews.lk : ගවේෂණාත්මක මාධ්‍ය භාවිතාව වෙනුවෙන් කේ. සංජීවගෙන් අලුත් වැඩක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *දේශපාලන, ආර්ථික සහ කලාපීය ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ගුණාත්මක තොරතුරු මූලාශ්‍රයක් සමාජගත කිරීමට පියවර
  • සමාජයීය වෙනසක් සහ විචාරාත්මක සංවාදයක් උදෙසා ගුණාත්මක තොරතුරු මූලාශ්‍රයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිත මෙම නව මාධ්‍ය ප්‍රයත්නයට 'ද ලීඩර්' සමූහයේ උණුසුම් සුබපැතුම් හිමිවේ.
  • ගවේෂණාත්මක පුවත්පත් කලාවේ භාවිතාවන් අභ්‍යාස කරමින්, ප්‍රශස්ත මට්ටමේ විශේෂාංග සපිරි ප්‍රවෘත්ති ද අඩු නැති වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යාම අපගේ බලාපොරොත්තුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

*ජීවිතය වින්දනය කිරීමට මෙන්ම සමාජයීය වෙනසක් වෙනුවෙන් 'ද ලීඩර්' වෙතින් නව මාධ්‍ය භාවිතාවට සුබපැතුම්


ගවේෂණාත්මක පුවත්පත් කලාවේ ප්‍රශස්ත භාවිතාවන් අභ්‍යාස කරමින්, දේශපාලනය, ආර්ථිකය, කලාව සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ. සංජීව විසින් 'knews.lk' නමින් නව පුවත් වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ. සමාජයීය වෙනසක් සහ විචාරාත්මක සංවාදයක් උදෙසා ගුණාත්මක තොරතුරු මූලාශ්‍රයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිත මෙම නව මාධ්‍ය ප්‍රයත්නයට 'ද ලීඩර්' සමූහයේ උණුසුම් සුබපැතුම් හිමිවේ.

 මතු පලවන්නේ ඒ සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනකි.  

knews.lk ගැන යමක්..!

ගවේෂණාත්මක පුවත්පත් කලාවේ භාවිතාවන් අභ්‍යාස කරමින්, ප්‍රශස්ත මට්ටමේ විශේෂාංග සපිරි ප්‍රවෘත්ති ද අඩු නැති වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යාම අපගේ බලාපොරොත්තුවයි.

ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවන්ට අමතරව අපි එදිනෙදා සිදුවන වැදගත් සිදුවීම් ද ජීවිතයේ නෙක රසයන් ද ඔබ හමුවට ගෙන එන්නෙමු.

දේශපාලනය, ආර්ථිකය, කලාව, සංස්කෘතිය, ක්‍රීඩාව, ජීවිතය ආදී කලාප විශාල ප්‍රමාණයක එකවිට වැඩකරමින් වැදගත් තොරතුරු මූලාශ්‍රයක් ඔන්ලයින් අවකාශයේ වෙබ් අඩවියක ස්වරූපයෙන් ස්ථාපනය කර පවත්වාගෙන යන්නට අප උත්සාහ කරමු.

ජීවිතය වින්දනය කරමින් ජීවිතය සොයාගෙන යාම සඳහා ද සාකච්ඡාවෙන් විචාරයෙන් සමාජය තේරුම් ගැනීම සඳහා ද උද්ඝෝෂණයෙන් මැදිහත් වීමෙන් සමාජය වෙනස් කරගැනීම සඳහා ද හොඳ තොරතුරු මූලාශ්‍රයක් පවත්වාගන්නට අප හට සහාය වන්න.

(කේ. සංජීව)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...