The Leader News
BREAKING
දකුණු ආසියානු සුවතා කේන්ද්‍රය වීමට ලංකාවෙන් දැවැන්ත පියවරක්●චීන තාක්ෂණික වෙළෙඳපොළේ කෘත්‍රිම බුද්ධි බුබුල බිඳවැටෙයි●බ්‍රසීල ඡන්දයට ට්‍රම්ප්ගෙන් චෝදනා: පරාජිත පක්ෂය ප්‍රතිඵලය පිළිගනී●කාන්තා ඔසප් වීම දේවත්වයෙන් සලකන කාමක්ඛ්‍යා දේවාලය●යුද අර්බුදය හමුවේ ඊශ්‍රායල ඡන්දපොළ වාර්තාගත ලෙස පිරී යයි●ක්‍රිෂ් නඩුව : දෙමාපියන්ගේ සෞඛ්‍ය පෙන්වා නාමල් කළ ඇප ඉල්ලීම●නාමල් ත්‍රිපුද්ගල මහාධිකරණයට: එතෙක් බන්ධනාගාරයේ රඳවයි●ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට●ඕස්ට්‍රේලියානු කෘෂිකර්මයට සිනහවක් එක්කළ යෝධ වියළි මිදිගෙඩිය●ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!●
Top Ad
පුවත්

ක්‍රිෂ් නඩුව : දෙමාපියන්ගේ සෞඛ්‍ය පෙන්වා නාමල් කළ ඇප ඉල්ලීම

දෙමාපියන්ගේ බරපතල රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා නාමල් රාජපක්ෂට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම ගැන ස්ථාවරය හෙට දන්වන ලෙස අල්ලස් කොමිසමට නියෝග කෙරේ.

Pasan

Pasan

October 27, 2026 • 11:00 PM

ක්‍රිෂ් නඩුව : දෙමාපියන්ගේ සෞඛ්‍ය පෙන්වා නාමල් කළ ඇප ඉල්ලීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තීරණාත්මක නීති තර්ක මතු විය.
  • දෙමාපියන්ගේ රෝගී තත්ත්වය සහ සුවිශේෂී කරුණු සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින්, පියා වන මහින්ද රාජපක්ෂ මහතා 81 වන වියේ පසුවන බවත්, මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෘද ස්පන්දන යන්ත්‍රයක (pacemaker) ආධාරයෙන් දැඩි සත්කාර ලබන බවත් පෙන්වා දුන්නේය.
  • මවට අද පස්වරුවේ ජීවිත අවදානම් විවෘත හදවත් සැත්කමක් සිදුකිරීමට නියමිත බව පෙන්වා දුන් නීතිඥවරයා, පවුලේ වැඩිමහල් පුත්‍රයා ලෙස දෙමාපියන් රැකබලා ගැනීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතා සතු බව සඳහන් කළේය.
  • එහෙම කරනවනම් නිර්මාණය කරලා තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ," යනුවෙන් නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තීරණාත්මක නීති තර්ක මතු විය.

සැකකාර මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් ගොනුකළ විශේෂ මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු දැක්වීම සිදුවිය.


දෙමාපියන්ගේ රෝගී තත්ත්වය සහ සුවිශේෂී කරුණු

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින්, පියා වන මහින්ද රාජපක්ෂ මහතා 81 වන වියේ පසුවන බවත්, මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෘද ස්පන්දන යන්ත්‍රයක (pacemaker) ආධාරයෙන් දැඩි සත්කාර ලබන බවත් පෙන්වා දුන්නේය.

මවට අද පස්වරුවේ ජීවිත අවදානම් විවෘත හදවත් සැත්කමක් සිදුකිරීමට නියමිත බව පෙන්වා දුන් නීතිඥවරයා, පවුලේ වැඩිමහල් පුත්‍රයා ලෙස දෙමාපියන් රැකබලා ගැනීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතා සතු බව සඳහන් කළේය.

"මීට වඩා සුවිශේෂී කරුණු ඉදිරිපත් කරන්න බෑ... එහෙම කරනවනම් නිර්මාණය කරලා තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ," යනුවෙන් නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.


නීතියේ සමානාත්මතාව සහ දේශපාලන යටිපෙළ

නීතිය ඉදිරියේ සැවොම එක හා සමාන විය යුතු බව අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය අනුව වරදකරු වන තෙක් ඕනෑම අයෙකු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බව මතක් කර දුන්නේය.

වත්මන් රජයේ අමාත්‍යවරයෙකුට එරෙහිව නඩු පැවරුවද ඔහු අධිකරණයට ඉදිරිපත් නොකර නිදැල්ලේ උත්සවවල පීත්ත පටි කපන බව පෙන්වා දුන් නීතිඥවරයා, ප්‍රභාකරන් මියගිය පසු ඔහුගේ දෙමාපියන් පවා රජය රැකබලා ගත්තේ සානුකම්පිත කරුණු මත බව සිහිපත් කළේය.

අද පීඩාකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් හෙට පීඩිතයන් බවට පත්විය හැකි බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.


අල්ලස් කොමිසමේ දැඩි විරෝධය

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයට දන්වා සිටියේ, අදාළ මෝසම් පත්‍රය පිළිබඳව තම කොමිසමට කලින් දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.

එයාර් බස් නඩුවේ කරුණු සහ ක්‍රිෂ් නඩුවේ කරුණු හා සැකකරුවන් එකිනෙකට වෙනස් බව පෙන්වා දුන් කොමිසම, වෙනත් නඩුවක කරුණු මෙයට ඈඳාගත නොහැකි බැවින් ඇප ලබාදීමට විරෝධය පළ කළේය.

අද ඉදිරිපත් කළ නව කරුණු අධ්‍යයනය කර ලිඛිත ස්ථාවරය දැක්වීමට කල් ලබාදෙන ලෙස කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


අධිකරණ තීන්දුව හෙට දිනට

දෙපාර්ශ්වයේම කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා, අද ඉදිරිපත් වූ කරුණු මීට පෙර අවස්ථාවේ සුවිශේෂී හේතු ලෙස ඉදිරිපත් නොවූ බව නිරීක්ෂණය කළේය.

අද ඉදිරිපත් කළ සියලු ලිඛිත ලේඛන අල්ලස් කොමිසමට භාරදෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය හෙට (28) අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කරමින් නඩුව හෙට දින යළි කැඳවීමට නියෝග කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිෂ් නඩුව : දෙමාපියන්ගේ සෞඛ්‍ය පෙන්වා නාමල් කළ ඇප ඉල්ලීම | The Leader