BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

නීතිවිරෝධී සූදු වෙබ් අඩවි තහනම් වෙද්දී LPL පිටියේ ප්‍රවර්ධනය වන හැටි!

T

The Leader Desk

August 8, 2026 • 3:46 AM

නීතිවිරෝධී සූදු වෙබ් අඩවි තහනම් වෙද්දී LPL පිටියේ ප්‍රවර්ධනය වන හැටි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ලියාපදිංචි නොවූ ඔන්ලයින් සූදු අඩවි අත්හිටුවීමට පියවර ගනිද්දී ක්‍රිකට් අනුග්‍රාහකත්වයන් සහ වෙළෙඳ දැන්වීම් පිළිබඳ අවධානය
  • එමෙන්ම තරග අතරතුර ප්‍රචාරය වන ඇතැම් රූපවාහිනී දැන්වීම් මගින් ද ඔන්ලයින් සූදු වෙබ් අඩවි ප්‍රසිද්ධ කෙරෙයි.
  • තරගාවලියට එක්වන ඇතැම් කණ්ඩායම්වල නිල ඇඳුම් සඳහා ද මෙම සූදු සමාගම් අනුග්‍රහකත්වය ලබාදී ඇති අතර, ඇතැම් ක්‍රීඩකයින් එම ලාංඡන නොපෙනෙන පරිදි ආවරණය කරගනිමින් තරග බිමට පිවිසෙන ආකාරය ද නිරීක්ෂණය විය.
  • මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු තහවුරු කළේ මේ දක්වා ඔන්ලයින් ඔස්සේ සූදු ක්‍රීඩාවේ නිරත වන කිසිදු වෙබ් අඩවියක් මෙරට නිල වශයෙන් ලියාපදිංචි කර නොමැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරී පනතේ නීතිමය තත්ත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ස්ථාවරය


සූදු වෙබ් අඩවි තහනම සහ LPL ප්‍රවර්ධන ගැටලුව

බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී ලෙස ක්‍රියාත්මක වූ ඔන්ලයින් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 146කට පිවිසීම අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගෙන තිබේ. 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ බලතල ප්‍රකාරව, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (GRA) කළ දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තහවුරු කරයි.

කෙසේ වෙතත්, මෙලෙස නීතිමය වශයෙන් තහනම් කිරීමට සහ නියාමනය කිරීමට පියවර ගෙන ඇති පසුබිමක, මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ඇතැම් කණ්ඩායම්වල ඇඳුම්, ක්‍රීඩාංගණ සීමා රේඛා (Boundary boards) මෙන්ම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ඔස්සේ ද අදාළ ඔන්ලයින් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් වක්‍රව හා සෘජුව ප්‍රවර්ධනය වන ආකාරය නිරීක්ෂණය වේ.

ඔන්ලයින් සූදු නියාමනය සහ LPL ප්‍රවර්ධන පසුබිම   


| තහනම් කළ වෙබ් අඩවි: බලපත්‍ර නොමැති ජාත්‍යන්තර හා දේශීය සූදු වෙබ් අඩවි 146ක් (TRCSL මගින් අත්හිටුවන ලදී)                
| අදාළ පනත සහ දඩ: 2025 අංක 17 දරන පනත ප්‍රකාරව රු. මිලියන 10ක දඩයක් හෝ වසර 2ක සිරදඬුවම්                                  
| LPL පිටියේ තත්ත්වය: '1Xbat', 'Betss', 'STBet' වැනි වෙබ් අඩවි අනුග්‍රාහකත්ව සහ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය වීම              
| නීතිමය තත්ත්වය: මෙරට තුළ ඔන්ලයින් සූදු සඳහා මෙතෙක් කිසිදු ආයතනයකට නිල ලියාපදිංචියක් ලබාදී නොමැති බව මුදල් අමාත්‍යාංශය කියයි


වක්‍ර ප්‍රවර්ධනයන් සහ ක්‍රීඩකයින්ගේ ආවරණයන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රෙගුලාසිවලට අනුව ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා ප්‍රවර්ධනය තහනම් කර තිබුණ ද, LPL තරගාවලියේදී '1Xbet' සූදු වෙබ් අඩවියේ වක්‍ර නාමයක් වන '1Xbat' වැනි ප්‍රවර්ධන සීමා රේඛාවල සටහන් කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම තරග අතරතුර ප්‍රචාරය වන ඇතැම් රූපවාහිනී දැන්වීම් මගින් ද ඔන්ලයින් සූදු වෙබ් අඩවි ප්‍රසිද්ධ කෙරෙයි.

තරගාවලියට එක්වන ඇතැම් කණ්ඩායම්වල නිල ඇඳුම් සඳහා ද මෙම සූදු සමාගම් අනුග්‍රහකත්වය ලබාදී ඇති අතර, ඇතැම් ක්‍රීඩකයින් එම ලාංඡන නොපෙනෙන පරිදි ආවරණය කරගනිමින් තරග බිමට පිවිසෙන ආකාරය ද නිරීක්ෂණය විය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු තහවුරු කළේ මේ දක්වා ඔන්ලයින් ඔස්සේ සූදු ක්‍රීඩාවේ නිරත වන කිසිදු වෙබ් අඩවියක් මෙරට නිල වශයෙන් ලියාපදිංචි කර නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ පනතේ ස්ථාවරය

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න සඳහන් කළේ, LPL තරගාවලිය වෙනුවෙන් මීට පෙර අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව ඉදිරියේදී නැවත සොයා බලන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු විටෙක සූදු සමාගම් හරහා අනුග්‍රාහකත්වයන් ලබා නොගන්නා බවත්, පවතින නීතිමය රාමුවට අනුකූල වන පරිදි අතීත ගිවිසුම් සමාලෝචනය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරී පනතට අනුව බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස ඔන්ලයින් සූදු පවත්වාගෙන යාම මෙන්ම ප්‍රවර්ධනය කිරීම ද දණ්ඩනීය වරදකි. ඊට රුපියල් මිලියන 10 නොඉක්මවන දඩයක් හෝ වසර 2ක සිරදඬුවමක් හෝ එකී දඬුවම් දෙකම නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.

නව සූදු නියාමන රාමුව සහ ඉදිරි පියවර

නව පනත මගින් විදේශීය සූදු සමාගම්වලට මෙරට තුළ ක්‍රියාත්මක වීමට නම් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම, දේශීය නියෝජිතයෙකු පත් කිරීම, ශක්තිමත් මූල්‍ය පසුබිමක් පෙන්වීම සහ අනිවාර්ය පාරිභෝගික ආරක්ෂණ කොන්දේසි (KYC පරීක්ෂණ, වයස් සීමා, තැන්පතු සීමා) සපිරීම අනිවාර්ය කර තිබේ.

අවසර නොලද සූදු වෙබ් අඩවි 146ක් අත්හිටුවීමට TRCSL පියවර ගැනීමත් සමඟ, මෙරට අන්තර්ජාල සූදු ක්ෂේත්‍රය මෙන්ම ක්‍රීඩා අනුග්‍රාහකත්වයන් ද දේශීය නීතිමය රාමුවට යටත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ වී ඇත.


සබැඳි පුවත් :

අවසර නොලත් නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙයි!  


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...