The Leader News
BREAKING
ලැක්ටෝස්වත්ත නඩුව: සාජිත් මවුලවී වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි●මිලියන 25ක දඩයෙන් ඉතිරි මිලියන 9 ගෙවන්න ප්‍රසන්න තවත් කල් ඉල්ලයි●රිජ්වේ ළමා රෝහලේ දරු මරණය: වෛද්‍යවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි●මීගමුව බන්ධනාගාර ගැටුමට අලුතින් සැකකරුවන් රැසක්●එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ල අවසන්: විත්තියෙන් විශේෂ ඉල්ලීමක්●අපරාධ පනතේ දැඩි වගන්ති ලිහිල් කිරීමට ජනපති සූදානම්●රඛිත රාජපක්ෂගේ ගිණුම් 4ක් සහ වාහන 3ක් අත්හිටුවයි●වියළි දෑසට වෛද්‍යවරුන් නිර්දේශ කළ සරල විසඳුම●පීසා මත අන්නාසි තැබීම ප්‍රතික්ෂේප කළ ඉතාලි සූපවේදියාගේ රැකියාව අහිමිවෙයි●මැදවාර ජයෙන් පසු 2028 ඇමෙරිකානු ජනපතිවරණ සටන ඇවිළෙයි●
Top Ad
පුවත්

රිජ්වේ ළමා රෝහලේ දරු මරණය: වෛද්‍යවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි

Pasan

Pasan

November 5, 2026 • 9:55 PM

රිජ්වේ ළමා රෝහලේ දරු මරණය: වෛද්‍යවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු තුන් හැවිරිදි පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනෙකුට ලබන මාර්තු 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (05) සිතාසි නිකුත් කළේය.
  • කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ සැත්කම සිදුකළ බව කියන විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් සහ ඊට අදාළ පරීක්ෂණ සිදුකළ වෛද්‍ය නුවන් හේරත් යන මහත්වරුන්ටය.
  • විමර්ශන පසුබිම හා මරණයට හේතුව කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හම්දි ෆස්ලිම් නමැති මෙම දරුවා වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණි.
  • එහිදී සිදුකළ ශල්‍යකර්මයකින් පසු ඇති වූ ආසාදන හා සංකූලතා හේතුවෙන් ක්‍රියාකාරී තත්ත්වයේ පැවති අනෙක් වකුගඩුවද ඉවත් කිරීමට සිදුවීමෙන් දරුවා මියගිය බවට දෙමාපියන් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු තුන් හැවිරිදි පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනෙකුට ලබන මාර්තු 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (05) සිතාසි නිකුත් කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ සැත්කම සිදුකළ බව කියන විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් සහ ඊට අදාළ පරීක්ෂණ සිදුකළ වෛද්‍ය නුවන් හේරත් යන මහත්වරුන්ටය.

විමර්ශන පසුබිම හා මරණයට හේතුව

කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හම්දි ෆස්ලිම් නමැති මෙම දරුවා වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී සිදුකළ ශල්‍යකර්මයකින් පසු ඇති වූ ආසාදන හා සංකූලතා හේතුවෙන් ක්‍රියාකාරී තත්ත්වයේ පැවති අනෙක් වකුගඩුවද ඉවත් කිරීමට සිදුවීමෙන් දරුවා මියගිය බවට දෙමාපියන් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ විය.

අගතියට පත් පාර්ශ්වයේ කරුණු දැක්වීම

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෛද්‍ය යුෂුප් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සැත්කමට පෙර වෛද්‍ය නුවන් හේරත් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තාවල දරුවාගේ දකුණු වකුගඩුව නීරෝගී මට්ටමේ පැවති බවත්, හානි වී තිබුණේ වම් වකුගඩුවට පමණක් බවත් පැහැදිලිව දක්වා තිබූ බවයි.

එසේ තිබියදී සාමාන්‍ය තත්ත්වයේ තිබූ වකුගඩුවටද හානි සිදුවීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇති බව නීතිඥවරයා අවධාරණය කළේය.

නීතිපති උපදෙස් හා ස්කයිප් සාක්ෂි

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ සැත්කම සිදුකළ බව කියන දැනට විදේශගතව සිටින වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මීට පෙර ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ ලබාදුන් සාක්ෂිය ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් තහවුරු කර අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බව විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍යවරුන් දෙදෙනාට සිතාසි නිකුත් කරමින් නඩුව ලබන මාර්තු 29 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...