BREAKING
ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●
Top Ad
පුවත්

පලෙයි රක්ෂිතයේ ‘LTTE කඳවුරක්’ ගැන කතාව බොරුවක්: ඇත්තටම එතන වුණේ කුමක්ද?

T

The Leader Desk

August 18, 2026 • 3:48 PM

පලෙයි රක්ෂිතයේ ‘LTTE කඳවුරක්’ ගැන කතාව බොරුවක්: ඇත්තටම එතන වුණේ කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය වීඩියෝවට කැබිනට් ප්‍රකාශකගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්
  • (LTTE) ත්‍රස්තවාදී කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ පදනම් විරහිත බව රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
  • අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව අවධාරණය කළේය.
  • එම ප්‍රදේශයේ කිසිදු ත්‍රස්තවාදී හෝ පුහුණු කඳවුරක් නොමැති බවත්, සිදුව ඇත්තේ රක්ෂිත භූමියක් අනවසරයෙන් එළිපෙහෙළි කර පවත්වාගෙන ගිය වගාවක් හා ඇඟලුම් නිෂ්පාදන ස්ථානයක් සම්බන්ධ සිදුවීමක් බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අනවසර ඉදිකිරීම් සහ රක්ෂිත හානි කිරීම් සම්බන්ධයෙන් නඩු හතක් අධිකරණයට

පලෙයි රක්ෂිත වනාන්තර කලාපය තුළ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදී කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ පදනම් විරහිත බව රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි. අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව අවධාරණය කළේය.

එම ප්‍රදේශයේ කිසිදු ත්‍රස්තවාදී හෝ පුහුණු කඳවුරක් නොමැති බවත්, සිදුව ඇත්තේ රක්ෂිත භූමියක් අනවසරයෙන් එළිපෙහෙළි කර පවත්වාගෙන ගිය වගාවක් හා ඇඟලුම් නිෂ්පාදන ස්ථානයක් සම්බන්ධ සිදුවීමක් බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මුක්කන්පන් සිදුවීම සහ රක්ෂිතයේ පසුබිම

මෙම සිදුවීමට අදාළ සැබෑ පසුබිම අනාවරණය කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ස්ථානය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් කන්නගිපුරම් බටහිර ග්‍රාම නිලධාරී වසමේ ‘මුක්කන්පන්’ නමැති ප්‍රදේශයේ පිහිටා ඇති බවයි. 1919 නොවැම්බර් 17 වැනි දින අංක 70/64 දරන ගැසට් පත්‍රය මගින් මෙම භූමිය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

2025 වසරේ සිට මෙම රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කිරීම් පිළිබඳව වන සංරක්ෂණ නිලධාරීන්ට තොරතුරු වාර්තා වී ඇති අතර, ත්‍යාගරාසා ගුනදීපන් නමැති පුද්ගලයෙකු විසින් මුලින් අක්කර 10ක් ද, පසුව අක්කර 20ක් දක්වා වූ භූමි ප්‍රමාණයක් ද එළි කරමින් කෝමාරිකා සහ එළවළු වගාවක් පවත්වාගෙන ගොස් ඇත. පසුව 2026 ජනවාරි මාසය වන විට එම භූමිය තුළ මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

නීතිමය පියවර සහ අධිකරණ ක්‍රියාමාර්ග

අදාළ පුද්ගලයා විසින් සිදුකරන ලද නීතිවිරෝධී ඉදිකිරීම් හා වන හානි සම්බන්ධයෙන් අඩවි වන කාර්යාලය සහ පොලීසිය මගින් වැටලීම් ගණනාවක් සිදුකර නඩු 7ක් පවරා ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

2026 පෙබරවාරි 6 වැනිදා කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා විසින් එම භූමියට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබූ අතර, එම තහනම් නියෝගය ඉවත් කිරීමට සැකකරු කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ඊට අමතරව ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් අනවසර වැලි කැණීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් ද පොලීසිය වෙනම නඩුවක් ගොනු කර ඇත.

පසුගිය ජූලි 24 වන දින අඩවි වන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සහාය ඇතිව අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

යථාර්ථය සහ ව්‍යාජ ප්‍රචාරවලට එරෙහි ක්‍රියාමාර්ග

අදාළ භූමිය සම්බන්ධයෙන් සිය පාර්ශ්වයේ හිමිකම් ලිපිලේඛන කිහිපයක් සැකකරු විසින් ද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එම කරුණු මේ වන විට විභාග වෙමින් පවතී. එහි ඉදිකර ඇති ගොඩනැගිල්ල තුළ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මැෂින් කිහිපයක් සහිතව රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ ලියාපදිංචි කරන ලද කුඩා පරිමාණ ඇඟලුම් ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

සාමාන්‍ය ඉඩම් සහ පාරිසරික නීතිමය ගැටලුවක් මුල්කරගනිමින්, ජනතාව නොමඟ යවන සුළු අයුරින් 'LTTE පුහුණු කඳවුරක්' පවතින බවට අසත්‍ය ප්‍රචාර සිදුකළ පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව රජය අවධාරණය කරයි.

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පලෙයි රක්ෂිතයේ ‘LTTE කඳවුරක්’ ගැන කතාව බොරුවක්: ඇත්තටම එතන වුණේ කුමක්ද? | The Leader