BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

උතුරේ තවත් සමූහ මිනීවලවල් පහකට OMP කාර්යාලය පොලිස් ආරක්ෂාව ඉල්ලයි

T

The Leader Desk

July 30, 2026 • 10:12 AM

උතුරේ තවත් සමූහ මිනීවලවල් පහකට OMP කාර්යාලය පොලිස් ආරක්ෂාව ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මඩතීව් ළිඳකින් මළ සිරුරු 60ක්? - කෑනීම් සඳහා පරිපාලන රැස්වීමකට සහ අරමුදල් වෙන්කිරීමට මඟපෑදෙයි
  • එයට අදාලව කයිට්ස් පොලීසිය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව 2026 ජුලි 28 වැනි අගහරුවාදා කයිට්ස් මහේස්ත්‍රාත් අනිපා රජීව් ඉදිරියේ යළි විභාගයට ගැනුණි.
  • ඒකට සවන් දුන් විනිසුරුවරුන් වාර්තා ඉදිරිපත් කරන්න ලබන සැප්තැම්බර් 22 වෙනිදා දක්ව නඩුව කල් තිබ්බා.
  • සෙල්වකුමාර් අධිකරණයට පැමිණ සිටි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


උතුරේ ස්ථාන පහක සමූහ මිනීවලවල් ඇති බවට සැක: නඩුව සැප්තැම්බර් 22 දක්වා කල් යයි


යාපනයේ දුපත් කලාපයේ සමුහ මිනි වළවල් ඇති බවට පැමිනිලි ඉදිරිපත් වී ඇති ස්ථාන වලට පොලිස් ආරක්ෂාව සපයන ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

OMP කාර්යාලය එම ඉල්ලීම කර ඇත්තේ තිස් පස් වසරකට ඉහතදී  අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති උතුරේ ස්ථාන පහක කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් විසින් ගොනු කර ඇති නඩුව ජුලි 28 වැනි අගහරුවාදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි  විභාගයට ගත් අවස්ථාවේදිය.

දසක තුන හමාරකට ඉහතදී  අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් 2025 අගෝස්තු මාසයේදී  කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබුනි. එයට අදාලව කයිට්ස් පොලීසිය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව 2026 ජුලි 28 වැනි අගහරුවාදා කයිට්ස් මහේස්ත්‍රාත් අනිපා රජීව් ඉදිරියේ යළි විභාගයට ගැනුණි.

 

mass grave 56
එම පැමිනිල්ල ඉදිරිපත් කිරීමට මුලිකත්වය ගත් වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ  අදාල නෛතික කටයුතු  නිමාවීමෙන් පසු  කෑනීම් කටයුතු සිදු කිරිම සදහා අවශ්‍ය මුදල් වෙන් කර දිය හැකි බව OMP කාර්යාලය අධිකරණයට දැනුම් දුන් බවයි.

“ පැමිණිලිකරුවන් සඳහන් කරන තැනට පොලිස් ආරක්ෂාව ලබා දෙන්න ඕනේ කියලත්, ඒ ඉඩමේ ඉතිහාස වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ කියලත් මේ සම්බන්ධයෙන් කුරුක්කල්මඩමේ චෙම්මනියේ කළා වගේ පරිපාලන රැස්වීමක් පවත්වන්න, ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය, ප්‍රාදේශීය සභාව, අධිකරණ වෛද්‍ය නිලධාරියා යන අය රැස්වෙලා පරිපාලන රැස්වීමක් පවත්වලා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව ලැබුණාට පස්සේ මේකට වැය වන මුදල් ප්‍රමාණය වෙන් කරලා දෙන්න පුළුවන් කියලා කිව්වා. ඒකට සවන් දුන් විනිසුරුවරුන් වාර්තා ඉදිරිපත් කරන්න ලබන සැප්තැම්බර් 22 වෙනිදා දක්ව නඩුව කල් තිබ්බා.  ”

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය දිස්ත්‍රික් අපරාධ නිවාරණ කොට්ඨාසය අතිරේක සාක්ෂි සම්බන්ධ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පුර්ණිමා මරියනාගයම් සහ යාපනය සම්බන්ධිකාරක ටී. සෙල්වකුමාර් අධිකරණයට පැමිණ සිටි බවයි. නඩුව සැප්තැම්බර් 22 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

යාපනයේ,  මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන්  2025 අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනි. ඒ ළිඳේ දමා ඇති බවට විශ්වාස කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින අතර ඔහු   එදින වැඩි දුරටත් හෙළි කර තිබුනි.

තිස් පස් වසරකට ඉහතදී රජයේ හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් ගැන ද සිහිපත් කළ ප්‍රාදේශීය සභිකයා අවධාරණය කර තිබුනේ එදින හමුදා විසින් සිය භාරයට ගන්නා ලද අය අතුරින් 84 දෙනකුට අත් වු ඉරණම සම්බන්ධයෙන් මේ තාක් කිසිදු තොරතුරක් නොමැති බවයි. හමුදාව සිය භාරයට ගත් අයගෙන් පිරිසක්  ඝාතනය කර ළිංවලට දැමු බව ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එදින තව දුරටත් හෙළි කර තිබුනි.

නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින් පසු ගිය වසරේ  මුල් වරට හෙළි කර තිබුනේ  මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇති බවයි. කෙසේ වෙතත්, මානව හිමිකම් ක්‍රියාධාරීන් පෙන්වා දෙන පරිදි සිරිලක් දෙරණ පුරා සමූහ සුසාන විශාල සංඛ්‍යාවක් විසිරී පවතී.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...