The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

ලබන වසරේ සිට රජය සමග සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත (Online) ක්‍රමයට - ජනපති යාපනයේ දී කියයි

T

The Leader Desk

September 1, 2025 • 3:51 PM

ලබන වසරේ සිට රජය සමග සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත  (Online) ක්‍රමයට - ජනපති යාපනයේ දී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (01) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
  • යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත ය.
  • යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීම ද මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (01) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත ය.

මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදුව තිබිණි. උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරිණි.

යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීම ද මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සමග හමුවකට එක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් එක් ව වැඩ කළ යුතු බවයි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ ජනාධිපතිවරයා...

 

රට ගොඩනැගීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය යි

''වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු කර ගත යුතු කාර්ය ඉතා සමීපව ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙනවා. තමන් වෙත පැවරී ඇති බලය ජනතා සුබසෙත උදෙසා යොදවන රාජ්‍ය නිලධාරින් උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන අතරම, එම බලය මුදල් වෙනුවෙන් යොදවන රාජ්‍ය නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වෙන්නෙත් නැහැ.

අද වන විට මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ට රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. රට ගොඩනැගීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය යි. ලොව දියුණු වූ සෑම රටකම දියුණුව පිටුපස ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඩිජිටල්කරණයයි

අද අපි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයෙන් සේවා ලබා ගැනීමේ පහසුකම ඇති කර තිබෙනවා. එය සංකේතාත්මකව ආගමන හා විගමන බලපත්‍ර නිකුත් කිරීමක් වුවත් ඊට වඩා විශාල ඇරමුණක් ඇතිවයි අපි මෙම කාර්යයට මැදිහත් වුණේ. අපේ සමස්ත පරිපාලන ව්‍යුහයම සකස් වී තිබෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙනයි. බොහෝ කාර්ය සඳහා ඈත පළාත්වල ජීවත්වන ජනතාව කොළඹට යා යුතුව තිබෙනවා.

අපේ ආණ්ඩුවේ අරමුණ මෙම පරිපාලනය ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කිරීමයි. රජයෙන් ඉටු කර ගත යුතු කාර්යයන් තමන්ට ඉතා සමීපව ඉටු කර ගැනීම සඳහා පහසුකම් සකස් කළ යුතුව තිබෙනවා. ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරනු ලබන සියලු ගනුදෙනු පරිගණක මෘදුකාංග පද්ධතියෙන් සහ ඔබගේ දුරකථනයෙන් කිරීමට හැකි පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව අපි කටයුතු කරමින් සිටිනවා. අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඩිජිටල්කරණයයි.

රට ගොඩනැගීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි

ඒ වගේම, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. එදා මෙම ස්ථානයේ පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී මම ප්‍රකාශ කළා අප්‍රේල් මාසයේ දී අපි දැනෙන වැටුප් වැඩි කිරීමක් සිදු කරනවා කියලා. අපි එය සිදු කළා. ලබන ජනවාරි මාසයේ එහි ඉතිරි කොටස ලබා දීමට අපි කටයුතු කරනවා. මේ රට ගොඩනැගීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. දියුණු වූ සෑම රටකට ම ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබෙනවා. අපිත් රට තුළ ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගනවා.

ඒ වගේම, ඔබේ අත්සනට බලයක් තිබෙනවා. එම අත්සන ජනතාවගේ සේවය සඳහා යොදවනවා නම් අපි ඔබව උපරිම ආරක්ෂා කරනවා. එහෙත් එම අත්සන මුදල් සඳහා යොදනවා නම් ඊට නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය ගොඩනඟන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අපේ රට නීතිය වල් වැදුණු රටක්, රාජ්‍ය ආයතනවල ගෞරවය බිඳ වැටුණු රටක් බවට පත්ව තිබුණා. නැවත සෑම රාජ්‍ය ආයතනයකම ගෞරවය ඇති කළ යුතුයි. ඒ වගේම සැම රාජ්‍ය නිලධාරියෙකුටම යළි ගෞරවය ගෙන දිය යුතුයි. ඒ වෙනුවෙන් අපි එම ආයතනවලට පහසුකම් ලබා දෙනවා.

පරාජිත දේශපාලන බලවේග ජාතිවාදය මෙවලමක් කර ගැනීමට උත්සාහයක

අපේ රට ගොඩනැඟීම මුල සිට ආරම්භ කළ යුතු තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ උතුරු පළාත පිළිබඳ විශාල සංවර්ධන සැලැස්මක් අප සතුව තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී පළමු වතාවට ආණ්ඩුවක් හදන්න උතුරේ ජනතාව ඡන්දය ලබා දුන්නා. බෙදී වෙන් වී එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් සිටි රට ආණ්ඩුවක් කෙරෙහි විශ්වාස තැබුවා. දැන් අප කළ යුත්තේ මෙම එකතුව බිඳ වැටීමට ඉඩ නොතබා එය වඩා ශක්තිමත් කර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් සමගියෙන් සහ සහෝදරත්වයෙන් පිරි රටක් ගොඩනැගීම යි.

අපි දන්නවා, තැන තැන පරාජිත දේශපාලන බලවේග තමන්ගේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදය මෙවලමක් කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. උතුරේත්, දකුණේත් අද එම තත්ත්වය දක්නට ලැබෙනවා. උතුරේ හෝ දකුණේ සිදු කෙරෙන මෙම ජාතිවාදී දේශපාලනය ජනතාව වෙනුවෙන් නොවෙයි, දේශපාලකයන් වෙනුවෙන් බව අමතක නොකළ යුතු යි. ඒ නිසා උතුරේ සහ දකුණේ අපි සියලු දෙනා මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතු යි. ජාතිවාදයට කොතැනකවත් යළි හිස එසවීමට ඉඩ නොදිය යුතු යි. ඒ පිළිබඳ අපි ඉතා දැඩිව කටයුතු කරනවා.

සමූහ මිනී වළවල් ගොඩ නොගැසෙන රාජ්‍යයක්

අපි රජයක් ලෙසත්, පෞද්ගලිකවත් විශ්වාස කරනවා යළි අපේ රටේ යුද්ධයක් එන්නේ නැහැ. ඇතැමුන් කටයුතු කළේ යුද්ධයක් එයි කියලා. අපි වැඩ කරන්නේ යුද්ධයක් යළි ඇති නොවෙන්න. අපි උපරිම ප්‍රමාණයෙන් ජනතාවගේ ඉඩම් ජනතාවට ලබා දිය යුතුයි. වසා දමා තිබෙන පාරවල් විවෘත කළ යුතුයි. අපි එකිනෙකාව සැක නොකළ යුතුයි. අපි සියලුදෙනාම යළි යුද්ධයක් ඇති නොවීමට කටයුතු කරන බව විශ්වාසයි. එම චින්තනයෙන් අපේ රට දෙස බැලිය යුතුයි. අපි අපේ රට අලුත් සමාජයක් කරා ගෙන යා යුතුයි. පැරණි අසාර්ථක දේශපාලන ව්‍යාපාර, ආගම්වාදය, කුලවාදය උපයෝගී කර ගන්නවා. ඒවා සියවසකට වඩා ඈතට අයිති දේවල්. අද ප්‍රධාන සාධකය ජාතිය, ආගම, කුලය නොවෙයි මනුෂ්‍යත්වයයි.

ඒ නිසා සියලු බෙදීම් මනුෂ්‍යත්වයට යටපත් කළ යුතුයි. ඒ නිසි සියල්ලට ඉහළින් මනුෂ්‍යත්වය තියෙන රටක් අපි ගොඩනැගිය යුතුයි. එය තමයි අපේ රටේත්, ලෝකයේත් අනාගතය වන්නේ. මම දන්නවා බිම හාරන විට පරණ ඇට සැකිලි මතු වෙනවා. දැන් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා චෙම්මනි ප්‍රදේශයේ තිබෙන සමූහ මිනීවළ පිළිබඳ අපි ඉතාමත් විවෘතව විමර්ශනයක් සිදු කරනවා.

නැවත එවැනි සමූහ මිනී වළවල් ගොඩ නොගැසෙන රාජ්‍යයක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාවයි. මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය හොඳම දේ අපි ඉටු කරමින් සිටිනවා. අපේ ආගමික නායකයන්, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන් අපි සියලුදෙනා එකම අරමුණකින් වැඩ කරමු. දේශපාලන අධිකාරිය ලෙස අපි අපේ පාර්ශ්වයෙන් කළ හැකි සියලු දේ ඉටුකරනවා. අපි සියලු දෙනා එක්ව මේ රට ගොඩනගමු.''

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරිතීපන් සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(සටහන - ජයසිරි අලවත්ත)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...