ශ්‍රේෂ්ඨාධිකරණයට ආ පෙත්සම් 50 සහ ඩිජිටල් ආයෝජනවලට එල්ල වූ තර්ජන මැද නව නීතියක අවශ්‍යතාව මතු වෙයි
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ 35 වැනි පිටුවේ දුන් පොරොන්දුව රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවේදී මතක් කර දෙයි
මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මෙන්ම ඩිජිටල් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ 2024 අංක 9 දරන මතභේදාත්මක 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත' (Online Safety Act) මුළුමනින්ම අහෝසි කිරීමට පියවර ගන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉදිරිපත් කළ පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ඊයේ (23) සභාවට ඉදිරිපත් කෙරිණි.
'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ අහෝසි කිරීමේ පනත් කෙටුම්පත' (Online Safety Repeal Bill) නමින් ඉදිරිපත් වූ මෙම යෝජනාවේ දෙවන වර කියවීම ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සභානායක බිමල් රත්නායක විසිනි.
පසුගිය රජය විසින් සම්මත කරන ලද මෙම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 50කට වඩා ගොනු වූ අතර, අධිකරණය නියම කළ කාරක සභා සංශෝධන පවා අවසන් පනතට නිසි පරිදි ඇතුළත් නොවීම නිසා මුල සිටම මේ කෙරෙහි සමාජීය සහ ජාත්‍යන්තර විරෝධයක් පැවතුණි. වත්මන් මාලිමා රජය ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා මෙහි මතභේදාත්මක වගන්ති ඉවත් කරන බවට පොරොන්දු වී තිබූ පසුබිමක, මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව රජයේ ඉදිරි ඩිජිටල් ප්‍රතිපත්තිය උරගා බලන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.
පනත අහෝසි කර කැඳවිය යුතු පාර්ශව
ජාත්‍යන්තර ඩිජිටල් දැවැන්තයන්:
ආසියානු අන්තර්ජාල සන්ධානය (AIC) මෙන්ම Google, Facebook (Meta) සහ TikTok වැනි ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාලවල සෘජු දායකත්වය.
දේශීය ක්ෂේත්‍ර ප්‍රවීණයන්:
ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය නීති සංසදය සහ Factum ආයතනය.
අන්තර්ගත නිර්මාණකරුවන්:
ඩිජිටල් සහ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, පවතින පනත හුදෙක් සංශෝධනය කිරීම පමණක් විදේශීය ආයෝජන සහ ඩිජිටල් නවෝත්පාදනයන් (Digital Innovation) දිනාගැනීමට ප්‍රමාණවත් නොවේ. අන්තර්ජාලය හරහා සිදුවන හානි වැළැක්වීම අත්‍යවශ්‍ය වුවද, එය සිදුවිය යුත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම ආරක්ෂා වන පරිදි සමබර යාන්ත්‍රණයකින් පමණි.
ජාතික ජන බලවේගයේ (NPP) ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 35 වැනි පිටුවේ, ‘නිදහස් මාධ්‍ය කර්මාන්තය’ යටතේ දී ඇති පොරොන්දු ප්‍රකාරව, නිදහස් ඩිජිටල් පරිසර පද්ධතියක් වෙනුවෙන් රජය මෙම අහෝසි කිරීමේ කෙටුම්පතට සහය පළ කරන්නේද යන්න ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී දැකගත හැකි වනු ඇත.






