The Leader News
BREAKING
Top Ad
පුවත්

'Rebuilding Sri Lanka’ තවත් සුදු අලියෙක්ද? නිල අරමුදලක් කරන්න මුදල් කමිටුවෙන් නියෝග!

T

The Leader Desk

June 6, 2026 • 1:34 PM

  'Rebuilding Sri Lanka’ තවත් සුදු අලියෙක්ද? නිල අරමුදලක් කරන්න මුදල් කමිටුවෙන් නියෝග!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා (02) ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPF) ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) වැඩසටහනේ බරපතල අර්බුද රැසක් කරළියට පැමිණ තිබේ.
  • ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම වැඩසටහනට අදාළ ගිණුම මෙතෙක් ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස ස්ථාපිත කර නොමැති බවයි.
  • එය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවතින සාමාන්‍ය ගිණුමක් පමණක් වන අතර, ඉන් මෙතෙක් කිසිදු ප්‍රායෝගික ගෙවීමක් හෝ කාර්යයක් සිදුව නොමැති බව හෙළිවීම විශේෂත්වයකි.
  • මේ හේතුවෙන්, මෙය නාමික ව්‍යාපෘතියක් හෙවත් 'සුදු අලියෙකු' බවට පත්වීමේ අවදානම පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගියදා (02) ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPF) ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) වැඩසටහනේ බරපතල අර්බුද රැසක් කරළියට පැමිණ තිබේ.

ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම වැඩසටහනට අදාළ ගිණුම මෙතෙක් ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස ස්ථාපිත කර නොමැති බවයි. එය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවතින සාමාන්‍ය ගිණුමක් පමණක් වන අතර, ඉන් මෙතෙක් කිසිදු ප්‍රායෝගික ගෙවීමක් හෝ කාර්යයක් සිදුව නොමැති බව හෙළිවීම විශේෂත්වයකි. මේ හේතුවෙන්, මෙය නාමික ව්‍යාපෘතියක් හෙවත් 'සුදු අලියෙකු' බවට පත්වීමේ අවදානම පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා විය.


සමෘද්ධි විගණනය අගාධයක: රාමුවක් නෑ

රටේ දුප්පත් ජනතාවගේ මූල්‍ය කේන්ද්‍රස්ථානය බඳු සමෘද්ධි බැංකු හා සමිති විගණනය සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණය වූයේ කණගාටුදායක තත්ත්වයකි. මේ සඳහා කිසිදු නිශ්චිත ක්‍රමවේදයක් (Framework) නොමැති බව විගණන නිලධාරීන් පිළිගත් අතර, ක්‍රමවත් විගණන රාමුවක් වහාම යෝජනා කරන ලෙස කමිටු සභාපතිවරයා එහිදී නිර්දේශ කළේය.

2025 වසරේ විගණන කටයුතු ආරම්භ කිරීමට නම් 2023 සහ 2024 වසරවල හිඟ විගණන අවසන් කළ යුතු වුවද, ඒවා බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ ප්‍රසම්පාදන කටයුතු පවා මෙතෙක් නිම කර නොමැති බව අනාවරණය විය.

මානව හිඟයට විගණකාධිපතිනියගෙන් විකල්ප විසඳුමක්

වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය දක්වමින් විගණකාධිපති සමුදිකා ජයරත්න ප්‍රකාශ කළේ, මෙම සමෘද්ධි විගණන කාර්යයන් සඳහා නිලධාරීන් 300ක ඇස්තමේන්තුවක් තිබුණද, පවතින තත්ත්වය මත වසර එකහමාරක් ඇතුළත නිලධාරීන් 200ක් බඳවා ගැනීම හරහා මෙම අර්බුදය කළමනාකරණය කරගත හැකි බවයි.

රාජ්‍ය මූල්‍ය විනය සහ විනිවිදභාවය සුරැකීම වෙනුවෙන් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවීමේ සහ විගණන කඩිනම් කිරීමේ දැඩි අවශ්‍යතාවය මෙම කාරක සභා වාරයේදී අවධාරණය කෙරිණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...