දීර්ඝකාලීන බදු සහන සහ ජාත්‍යන්තර මට්ටමේ නීතිමය ආරක්ෂාව ගැන ඩුබායිහිදී සහතික වෙයි.
අරාබි ලෝකය දිනාගැනීමේ අරමුණින් ප්‍රකට ව්‍යාපාරික මුජ්තබා ෂයික්හානි පෝට් සිටියේ ගල්ෆ් කලාපීය අධ්‍යක්ෂ පුටුවට.
ශ්‍රී ලංකාවට ගල්ෆ් කලාපයේ (Gulf Investment) බිලියන ගණනක ධනවත් ආයෝජන දිනාගැනීම සඳහා වන විශේෂ උපායමාර්ගික ප්‍රවර්ධන සමුළුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී අති සාර්ථකව පවත්වා තිබේ.
ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) පිහිටි සුපිරි 'Ritz-Carlton' හෝටලයේදී පැවැත්වුණු මෙම විශේෂ සමුළුව සඳහා මැදපෙරදිග සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික විධායකයන්, ආයෝජකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් 200කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහි ප්‍රධානතම අරමුණ වූයේ, දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළවල් කරා ළඟාවීමට ඇති ප්‍රධානතම උපායමාර්ගික ද්වාරය "කොළඹ වරාය නගරය" (Port City Colombo) බව අරාබි ආයෝජකයන්ට ඒත්තු ගැන්වීමයි.
සැලසුම් යුගය ඉවරයි; දැන් වැඩ පටන්ගෙන
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති හර්ෂ අමරසේකර සමුළුව අමතමින් කියා සිටියේ, පෝට් සිටිය දැන් ප්ලෑන් ඇඳීමේ මට්ටමෙන් එහාට ගොස් ප්‍රායෝගික වාණිජ කටයුතු (Tangible commercial activity) අරඹා ඇති බවයි. පසුගිය මාස 12-18ක කාලය තුළ ලෝක මට්ටමේ ආයෝජකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාර මඟින් වරාය නගරය කෙරෙහි ඇති ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වන බව ද ඔහු පැවසීය.
මෙහිදී ආයෝජකයන් මුහුණ දෙන නීතිමය සහ පාලන ගැටලු පිළිබඳව පැහැදිලි කළ අධ්‍යක්ෂ ජනරාල් රෙවන් වික්‍රමසූරිය, ජාත්‍යන්තර ආයෝජකයන් අපේක්ෂා කරන පාරදෘශ්‍යභාවය, ස්ථාවරත්වය, දිගුකාලීන බදු සහන සහ විශේෂ ආයෝජන ආරක්ෂණ නීතිමය රාමුව (Investor protections) පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
ලංකාව වෙනස්ම පරිවර්තනයක
සමුළුවේ සුවිශේෂීම දේශනයක් පැවැත්වූ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් (Hanif Yusoof), ගල්ෆ් කලාපීය සමාගම්වලින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව දෙස තවදුරටත් ආර්ථික අර්බුදවලින් බැටකෑ රටක් ලෙස නොබලන ලෙසයි. වත්මන් රජය යටතේ රට දැවැන්ත ව්‍යුහාත්මක පරිවර්තනයකට (Structural transformation) ලක්වෙමින් පවතින බවත්, මුල සිට යටිතල පහසුකම් නොහදා දකුණු ආසියානු වෙළඳපොළට සෘජුවම ඇතුළු වීමට ඇති සූදානම් කළ වේදිකාව පෝට් සිටිය බවත් ඔහු අවධාරණය කළේය.
මෙම සමුළුවේදී සිදුවූ තවත් තීරණාත්මක වර්ධනයක් වන්නේ, මැදපෙරදිග කලාපයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මුජ්තබා ෂයික්හානි (Mujtaba Shaikhani) කොළඹ වරාය නගරයේ ගල්ෆ් කලාපය (GCC) සහ පාකිස්ථානය සඳහා වන උපායමාර්ගික හවුල්කරු සහ අධ්‍යක්ෂවරයා ලෙස නිල වශයෙන් පත් කිරීමයි. සාම්ප්‍රදායික වෙළඳපොළවල්වලින් එහාට ගොස් ගල්ෆ් කලාපයේ ඩොලර් සහ ඩිරාම් ලංකාවට ගෙන ඒමට වත්මන් රජය දියත් කර ඇති මෙම ඒකාබද්ධ මෙහෙයුම, ඉදිරි වසරවලදී රටේ ආර්ථික ගමන්මඟ තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු ඇත.
(වාර්තාව - සම්පත් ධීරසේකර )
අදහස් සහ යෝජනා :
ඩුබායි සමුළුවෙන් ලැබුණු ප්‍රගතිය උපරිම කර ගනිමින්, පෝට් සිටි ආයෝජන සැබවින්ම රට තුළට ගෙන්වා ගැනීමට රජය වහාම පහත පියවර ගත යුතුය.
1- 'Setting up a Dubai-Colombo Fast-Track Approvals Desk' (ඩුබායි-කොළඹ කඩිනම් ආයෝජන කවුළුව):
ඩුබායි සමුළුවේදී කැමැත්ත පළ කළ ගල්ෆ් ආයෝජකයන්ගේ ලියකියවිලි පරීක්ෂා කර දින 14ක් ඇතුළත සියලුම අනුමැතීන් ලබා දීම සඳහා වරාය නගර කොමිසම සහ ආයෝජන මණ්ඩලය (BOI) ඒකාබද්ධව "විශේෂ කඩිනම් ආයෝජන කවුළුවක්" (Fast-Track Desk) කොළඹදී පිහිටුවිය යුතුය. සාමාන්‍ය ලාංකික රතු පටි ක්‍රමයට (Red tape) අසුවුවහොත් අරාබි ආයෝජකයන් වෙනත් රටවල් වෙත යොමු වනු ඇත.
2- 'Pegging Port City Commercial Disputes to Dubai/Singapore Arbitration' (ජාත්‍යන්තර බේරුම්කරණ සහතිකය):
වරාය නගරය තුළ සිදුවන ඕනෑම වාණිජ ආරවුලක් (Commercial disputes) සිංගප්පූරුවේ හෝ ඩුබායිහි ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථාන (International Arbitration Courts) හරහා මාස කිහිපයක් ඇතුළත විසඳාගත හැකි බවට වන නීතිමය සහතිකය ආයෝජන ගිවිසුම්වලටම ඇතුළත් කළ යුතුය.
3- 'Targeting Gulf Sovereign Wealth Funds for Infrastructure' (රාජ්‍ය ස්වෛරී අරමුදල් දිනාගැනීම):
තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට අමතරව, ලෝකයේ විශාලතම අරමුදල් වන අබුඩාබි ආයෝජන අධිකාරිය (ADIA) හෝ සෞදි අරාබියේ 'PIF' වැනි රාජ්‍ය ස්වෛරී අරමුදල් (Sovereign Wealth Funds) පෝට් සිටියේ මහා පරිමාණ යටිතල පහසුකම්, ඩිජිටල් දත්ත මධ්‍යස්ථාන (Data Centers) සහ මූල්‍ය කුළුණු ඉදිකිරීම සඳහා සෘජුවම සම්බන්ධ කර ගැනීමට ජනාධිපති විශේෂ දූතයා හරහා රාජ්‍ය මට්ටමේ (G2G) සාකච්ඡා වහාම ඇරඹිය යුතුය.
මුලාශ්‍රය :
Port City Colombo Takes Center Stage In Dubai




