විවාහ ගිවිස ගත්තා.
මේ දෙදෙනා මෙසේ නිල වශයෙන් විවාහ ගිවිස ගත්තේ වසර අටක් එකට ජීවත්වීමෙන් පසුව.
31 හැවිරිදි රොඩ්රීගස් මේ සතුටුදායක පුවත ‘ඉන්ස්ටග්‍රෑම්’ වේදිකාවෙන් සඳුදා නිවේදනය කළේ ඇගේ ඇඟිල්ලේ තිබෙන ලොකු මුද්දක් පෙන්වන ඡායාරූපයක් සමග.
කැරට් 25-30ක මේ මුද්දේ වටිනාකම ඩොලර් මිලියන 2.5 - මිලියන 5 අතර වනු ඇතැයි ප්‍රකාශ වනවා.
“Yes, I do. In this and in all my lives” යනුවෙන් එහි කැප්ෂනයෙන් කියැවුනේ ස්පාඤ්ඤ භාෂාවෙන්.
රොඩ්රීගස් හා 40 හැවිරිදි රොනාල්ඩෝ ට දියණියන් දෙදෙනෙක් සිටිනවා. රොනාල්ඩෝගේ අනෙක් දරුවන් තිදෙනා උස් මහත් කිරීමට ද ඇය උපකාර කර තිබෙනවා.
2022 වසරේදී මේ යුවලට ඔවුන්ගේ අලුත උපන් නිවුන්නු දෙදෙනාගෙන් එක් කෙනෙකු වූ පිරිමි දරුවෙක් අහිමි වුනා.
රොනාල්ඩෝ ට රොඩ්රීගස්ව මුණගැසුනේ ඇය මැඩ්රිඩ් නුවර Gucci වෙළඳසැලේ රැකියාව කරමින් සිටියදී.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




