The Leader News
BREAKING
Top Ad
පුවත්

'පිළුණු ගෝවායි බතුයි පත්තර කොළේක දාලා බල්ලෙකුට වගේ කන්න දුන්නා... මට මීට වඩා මැරෙන එක සැපයි!' - සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක!

T

The Leader Desk

June 6, 2026 • 8:37 AM

'පිළුණු ගෝවායි බතුයි පත්තර කොළේක දාලා බල්ලෙකුට වගේ කන්න දුන්නා... මට මීට වඩා මැරෙන එක සැපයි!' - සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (06) උදෑසන සිට ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
  • තමන් මුහුණ දෙන අමානුෂික සැලකීම්වලට වඩා මියයාම සැපක් බව සුරේෂ් සලේ අද තමන්ව බැලීමට පැමිණි සිය පුත්‍රයා සහ සහෝදරයා හමුවේ ප්‍රකාශ කර ඇතැයි නීතිඥ උදය ගම්මන්පිල පැවසිය.
  • සිරමැදිරියේ පිඟානක් හෝ ගෘහ භාණ්ඩයක් නැති නිසා බිම දිගා වී එය කන්න වෙලා," යැයි සලේ සිය පුත්‍රයාට පවසා ඇතැයි ද ගම්මන්පිල සඳහන් කළේය.
  • අද පවුලේ සාමාජිකයන් මුණගැසුණු කෙටි කාලයට පවා නිලධාරීන් 7 දෙනෙකු යොදවා ඔහුට දැඩි මානසික පීඩනයක් එල්ල කර ඇතැයි ද නීතිඥවරයා පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (06) උදෑසන සිට ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

 තමන් මුහුණ දෙන අමානුෂික සැලකීම්වලට වඩා මියයාම සැපක් බව සුරේෂ් සලේ අද තමන්ව බැලීමට පැමිණි සිය පුත්‍රයා සහ සහෝදරයා හමුවේ ප්‍රකාශ කර ඇතැයි නීතිඥ උදය ගම්මන්පිල පැවසිය.

"පිළුණු ගෝවාත් එක්ක බත් ටිකක් පත්තර කොළ කෑල්ලට දාල ඊයේ රෑ කන්න දුන්නේ බල්ලෙකුට කන්න දෙනවා වගේ .. සිරමැදිරියේ පිඟානක් හෝ ගෘහ භාණ්ඩයක් නැති නිසා බිම දිගා වී එය කන්න වෙලා," යැයි සලේ සිය පුත්‍රයාට පවසා ඇතැයි ද ගම්මන්පිල සඳහන් කළේය.

අද පවුලේ සාමාජිකයන් මුණගැසුණු කෙටි කාලයට පවා නිලධාරීන් 7 දෙනෙකු යොදවා ඔහුට දැඩි මානසික පීඩනයක් එල්ල කර ඇතැයි ද නීතිඥවරයා පැවසිය.

තමන් මියගියද, නීතිඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණයේ පවතින රිට් පෙත්සම ඉදිරියටම ගෙන ගොස් තම නම නිදොස් කරන ලෙස සලේ පුතුගෙන් ඉල්ලා තිබේ.

එසේම අත්අඩංගුවට ගෙන දින 7කට පසු තමන්ට සිදුවූ අමානුෂික වධහිංසා පිළිබඳව සත්‍යය දැනගැනීමට නම්, තමන් සමඟ සිටි අනෙකුත් සිරමැදිරි සගයන්ගෙන් (Cell mates) කටඋත්තර ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් සහ මානව හිමිකම් කොමිසමෙන් (HRC) ඉල්ලා ඇත.

මේ අතර, ඊයේ (05) මානව හිමිකම් කොමිසමේ පැවැති විභාගයට වගඋත්තරකාර CIDය සහභාගී නොවීමද දැඩි විවේචනයට ලක්ව තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'පිළුණු ගෝවායි බතුයි පත්තර කොළේක දාලා බල්ලෙකුට වගේ කන්න දුන්නා... මට මීට වඩා මැරෙන එක සැපයි!' - සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක! | The Leader