The Leader News
BREAKING
කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●සුරේෂ් සලේගේ පෙත්සම් නියෝගය ජනවාරි 28 දක්වා කල් යයි●
Top Ad
පුවත්

වරාය අයිස් සිද්ධිය: SDIG රන්මල් ගැන CID පරීක්ෂණයක්

T

The Leader Desk

October 1, 2026 • 4:43 AM

වරාය අයිස් සිද්ධිය: SDIG රන්මල් ගැන CID පරීක්ෂණයක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ වරායේදී සොයාගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමේදී සහ පියවර ගැනීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට පොලිස් අභ්‍යන්තර පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
  • පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) කළ විමර්ශන වාර්තාව පදනම් කරගනිමින්, පොලිස්පතිවරයාගේ නියෝග මත මේ පිළිබඳව පුළුල් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
  • බහාලුම් තොරතුර සහ විමර්ශන කාලරාමුව විශේෂ විමර්ශන ඒකකය අනාවරණය කරගෙන ඇති පරිදි, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් කොළඹ වරායට පැමිණ ඇති බවට මුල්ම තොරතුර SDIG රන්මල් කොඩිතුවක්කු වෙත ලැබී ඇත්තේ පසුගිය අගෝස්තු 14 වැනිදාය.
  • එදිනම එම තොරතුර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත දන්වා තිබුණද, ඉන් අනතුරුව නිසි මෙහෙයුම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේදී නොසැලකිලිමත් භාවයක් පෙන්නුම් කර ඇති බව විමර්ශන වාර්තාවේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ වරායේදී සොයාගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමේදී සහ පියවර ගැනීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට පොලිස් අභ්‍යන්තර පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.  

පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) කළ විමර්ශන වාර්තාව පදනම් කරගනිමින්, පොලිස්පතිවරයාගේ නියෝග මත මේ පිළිබඳව පුළුල් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.  

බහාලුම් තොරතුර සහ විමර්ශන කාලරාමුව  

විශේෂ විමර්ශන ඒකකය අනාවරණය කරගෙන ඇති පරිදි, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් කොළඹ වරායට පැමිණ ඇති බවට මුල්ම තොරතුර SDIG රන්මල් කොඩිතුවක්කු වෙත ලැබී ඇත්තේ පසුගිය අගෝස්තු 14 වැනිදාය.  

එදිනම එම තොරතුර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත දන්වා තිබුණද, ඉන් අනතුරුව නිසි මෙහෙයුම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේදී නොසැලකිලිමත් භාවයක් පෙන්නුම් කර ඇති බව විමර්ශන වාර්තාවේ සඳහන් වේ.  

අනතුරුව අගෝස්තු 22 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක ට ද සිය ඔත්තුකරුවකු මගින් මෙම තොරතුර ලැබී ඇත.  

ඒ අනුව ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් රේගු නිලධාරීන් සමග එක්ව අගෝස්තු 31 වන දින බහාලුම පරීක්ෂා කර අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට කටයුතු කර තිබේ.  

CID පරීක්ෂණය සහ ස්ථාන මාරුවීම්  

මෙම තොරතුර සම්බන්ධයෙන් මුලින්ම දැනුවත්ව සිටියදී නිසි පියවර නොගැනීම කිසියම් පාර්ශ්වයකට වාසි සහගත තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදුවූවක්ද යන්න තහවුරු කරගැනීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර ඇත.  

අදාළ සිදුවීමට සම්බන්ධයෙන් රන්මල් කොඩිතුවක්කු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා පැය කිහිපයක ප්‍රකාශයක් සටහන් කරගත්තේය.  

සිද්ධියට අදාළව සාපරාධී වරදක් සිදුව ඇත්දැයි නීතිපති උපදෙස් ලබාගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.  

මේ අතර, රන්මල් කොඩිතුවක්කු  ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කිරීමට ද නිර්දේශ ඉදිරිපත්ව තිබේ.  

ජාත්‍යන්තර ජාල සහ මෙහෙයුම් පසුබිම  

කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් ‘අයිස්’ (Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 8 ඉක්මවන බවට (ඇමරිකානු ඩොලර් මිලියන 27කට ආසන්න) තක්සේරු කර තිබේ.

පාකිස්තානය ඇතුළු කලාපීය මුහුදු මාර්ග හරහා ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රතිනැව්ගත කිරීමේ (transshipment) මධ්‍යස්ථානයක් ලෙස භාවිත වන බවට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) දීර්ඝ කාලයක සිට පෙන්වා දී ඇත.  

විශාල ජාවාරම් අනාවරණය වන අවස්ථාවන්හිදී මෙහෙයුම් දාමයේ කාර්යක්ෂමතාව සහ අභ්‍යන්තර විනය තහවුරු කිරීම ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කිරීමේ විශ්වසනීයත්වයට සෘජුව බලපාන ප්‍රධාන සාධකයක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සබැඳි පුවත් :

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සී.අයි.ඩී.යට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...