BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ටියුෂන් ඇතුළු සියලු ගුරුවරුන්ට ඉගැන්වීමේ ‘ලයිසන්’ අනිවාර්ය කෙරේ

T

The Leader Desk

August 29, 2026 • 11:08 AM

 ටියුෂන් ඇතුළු සියලු ගුරුවරුන්ට ඉගැන්වීමේ ‘ලයිසන්’ අනිවාර්ය කෙරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * ආචාර්ය උපාධිධාරී ගුරුවරුන්ට සරසවි ඇදුරන්ගේ මූලික වැටුපම ලබාදීමටත් පියවර
  • කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති මෙම නව පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය.
  •   ඒ අනුව, එම කාණ්ඩයේ ගුරුවරයකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු අතර වැටුප් පරතරය නිර්මාණය වන්නේ ඒ ඒ ආයතනික දීමනාවලින් පමණක් බවත්, මූලික වැටුප සමාන වන බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
  • මීට අමතරව, ඉදිරියේදී ගුරු සේවයට බඳවා ගැනීම් සිදු කෙරෙන්නේ උපාධිධාරීන් පමණක් බවට ද ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

* පෞද්ගලික පාසල් ගාස්තු නියාමනයට හා උපාධිධාරී ගුරු බඳවාගැනීම්වලට අදාළ නව පනත කැබිනට් අනුමැතියෙන් පාර්ලිමේන්තුවට  


රටේ සමස්ත පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ප්‍රමිතිගත අධ්‍යාපන රාමුවක් ස්ථාපිත කිරීමේ අරමුණින්, පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් ද ඇතුළුව මෙරට සියලුම ගුරුවරුන් සඳහා ‘ඉගැන්වීමේ බලපත්‍රයක්’ (Teaching License) අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.  

නුදුරේදීම ස්ථාපිත කිරීමට නියමිත නව ජාතික අධ්‍යාපන සභාව හරහා මෙම නියාමන ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර, අදාළ බලපත්‍රය ලබා නොගන්නා කිසිදු පුද්ගලයකු පද්ධතිය තුළ නිල ගුරුවරයකු ලෙස පිළිනොගැනීමට තීරණය කර ඇත.

කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති මෙම නව පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය.  


ආචාර්ය උපාධියට සරසවි මට්ටමේ වැටුපක්  


දක්ෂ හා ඉහළ සුදුසුකම් සහිත වෘත්තිකයන් පාසල් පද්ධතිය තුළ රඳවා ගැනීමේ අරමුණින්, ආචාර්ය උපාධියක් (PhD) හිමි ගුරුවරයකුගේ මූලික වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ මූලික වැටුප හා සමාන මට්ටමකට ගෙන ඒමට ද මෙමගින් යෝජනා කර ඇත.  

ඒ අනුව, එම කාණ්ඩයේ ගුරුවරයකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු අතර වැටුප් පරතරය නිර්මාණය වන්නේ ඒ ඒ ආයතනික දීමනාවලින් පමණක් බවත්, මූලික වැටුප සමාන වන බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මීට අමතරව, ඉදිරියේදී ගුරු සේවයට බඳවා ගැනීම් සිදු කෙරෙන්නේ උපාධිධාරීන් පමණක් බවට ද ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.  


පෞද්ගලික පාසල් ගාස්තු නියාමනයට  

මෙම නව පනත හරහා රජයේ අනුමත පෞද්ගලික පාසල් වෙත දරුවන් ඇතුළත් කිරීමේදී හා පවත්වාගෙන යාමේදී අය කෙරෙන විවිධ අයකිරීම් සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රමිතියක් සහ දැඩි නියාමන රාමුවක් ස්ථාපිත කිරීමට නියමිතය.  

ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ මෙන්ම අධ්‍යාපන පරිපාලන යන සාමාන්‍ය අධ්‍යාපනයේ සියලු වෘත්තීය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පිහිටුවන මෙම ජාතික අධ්‍යාපන සභාවේ සභාපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වේ.  


ජාත්‍යන්තර ප්‍රවණතා සහ අනාගත දැක්ම  

සිංගප්පූරුව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි ලොව දියුණු අධ්‍යාපන පද්ධතීන් පවතින රටවල ද ගුරුවෘත්තිය සඳහා නිශ්චිත කාලසීමාවකට යටත් වෘත්තීය බලපත්‍ර ක්‍රමවේද (Professional Licensing & CPD) ක්‍රියාත්මක වේ.  

ශ්‍රී ලංකාවේ ද මෙතෙක් පැවති ලිහිල් නියාමනයන් වෙනුවට, ගුරු පෞරුෂය සහ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීමේ පියවරක් ලෙස මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට නියමිත බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පවසති. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...