The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමාන්ඩුවත් එළියට නොදමන හත් අවුරුද්දක් කල්ගිය වාර්තාවක් ගැන UN හෙළිදරව්වක්

T

The Leader Desk

June 30, 2026 • 5:25 AM

මාලිමාන්ඩුවත් එළියට නොදමන හත් අවුරුද්දක් කල්ගිය වාර්තාවක් ගැන UN හෙළිදරව්වක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වධහිංසාව වැලැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ දූත මණ්ඩලයක් මෙම බියජනක හෙළිදරව්ව කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දස දින නිල සංචාරයක් නිමා කරමිනි.
  • නඩු විභාග කිරීමට පෙර දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම, හිරගෙවල් ජනාකීර්ණ වීම සහ රැඳවුම් ස්ථානවල අගහිඟකම් සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන අනුකමිටුව වධහිංසාව වැළක්වීමේ ජාතික යාන්ත්‍රනය (NPM) ශක්තිමත් කරන ලෙස ජිනීවා නුවරින් නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා සිටී.
  • වධහිංසාව වැළක්වීම සඳහා ශ්‍රී ලංකාව ස්ථාපිත කර ඇති ජාතික යාන්ත්‍රනය වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමයි.
  • කෙසේවෙතත්, අත් අඩංගුවේ මරණ සහ බහිර්නීතික ඝාතන සම්බන්ධයෙන් අවධානය යොමුකොට නොතිබුණු අනුකමිටු නිවේදනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කාර්යසාධනය සම්බන්ධයෙන් සඳහන්ව තිබුනේ ප්‍රසාදජනක අයුරින් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වධහිංසාව වැලැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ දූත මණ්ඩලයක් මෙම බියජනක හෙළිදරව්ව කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දස දින නිල සංචාරයක් නිමා කරමිනි. නඩු විභාග කිරීමට පෙර දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම, හිරගෙවල් ජනාකීර්ණ වීම සහ රැඳවුම් ස්ථානවල අගහිඟකම් සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන අනුකමිටුව වධහිංසාව වැළක්වීමේ ජාතික යාන්ත්‍රනය (NPM) ශක්තිමත් කරන ලෙස ජිනීවා නුවරින් නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා සිටී.

වධහිංසාව වැළක්වීම සඳහා ශ්‍රී ලංකාව ස්ථාපිත කර ඇති ජාතික යාන්ත්‍රනය වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමයි.

“අපේ පළමු සංචාරය ඇවෑමෙන් අවුරුදු හතකට වැඩි කාලයක් ගතවී තිබුනත් අප විසින් මීට ඉහතදී දෙන ලද නිර්දේශ ගණනාවක් සපුරා ක්‍රියාත්මක කොට නැත. එහෙයින්, නිදහස අහිමිවූ ජනතාවට තමන් මුහුණ පා සිටින තත්වයේ දියුණුවක් තවමත් දැකගන්නට නැතැ,” යි වධහිංසාව වැලැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ අනුකමිටු නායිකා අයිෂා ෂුජුනේ මුහම්මඩ් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ රැඳී සිටි ජුනි 14 සිට 25 දක්වා කාලය තුල එජා දූත පිරිස බන්ධනාගාර, පොලිස් ස්ථාන, රිමාන්ඩ් මධ්‍යස්ථාන, පුනරුත්ථාපන කඳවුරු සහ වෙනත් රැඳවුම් ස්ථාන ඇතුළු රැඳවුම් මධ්‍යස්ථාන රැසකට කල්තියා නොදන්වා ගොස් තිබෙන අතර රාජ්‍ය නිලධාරීන්, NPM සාමාජිකයන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හමුවී ඇත.

අනුකමිටු සංචාරය ආරම්භයේ කොළඹ දී ඔවුන් මුණගැසුණු දිවයිනේ ප්‍රමුඛ පෙලේ මානව හිමිකම් සංවිධාන ගණනාවක ක්‍රියාකාරින් සහ නීතිඥවරුන් විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථානවල තත්වය, පොලිස් සහ ආරක්ෂක අත්අඩංගුවේ දී සිදුවන මරණ ඇතුළු නීතියට පරිබාහිර ඝාතන සහ රාජ්‍ය මානව හිමිකම් ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අනු කමිටුව වෙත තොරතුරු ලබා දී තිබුණි.

කෙසේවෙතත්, අත් අඩංගුවේ මරණ සහ බහිර්නීතික ඝාතන සම්බන්ධයෙන් අවධානය යොමුකොට නොතිබුණු අනුකමිටු නිවේදනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කාර්යසාධනය සම්බන්ධයෙන් සඳහන්ව තිබුනේ ප්‍රසාදජනක අයුරින් නොවේ.

“ස්වාධීන, ප්‍රමාණවත් සම්පත් සහිත හා පලදායී ලෙස ක්‍රියාත්මක වන වධහිංසාව වැළක්වීමේ ජාතික යාන්ත්‍රනයක් වධහිංසාව හා නොමනා සැලකිල්ල වැලැක්වීම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. හුදු පදවි නාමයෙන් ඔබ්බට ගොස් ස්වාධීනත්වය, පලදායීතාව සහ මෙහෙයුම් ධාරිතාව අඛණ්ඩව සහතික කරනු ලැබීම වධහිංසාව, සහ වෙනත් කෘර අමානුෂික හෝ අවමාන සහගත සැලකිල්ල හෝ දඬුවම පිලිබඳ සම්මුතියේ විකල්ප මුලපත්‍රය යටතේ වන බැඳීමකි,” යි අනුකමිටු නායිකා මුහම්මඩ් සිහිපත් කර දෙයි.

ශ්‍රී ලංකාව වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විකල්ප මුලපත්‍රයට අනුගත වුනේ 2017 දෙසැම්බර් 5 දාය.

ශ්‍රී ලංකාවේ සංචාරයෙන් අනතුරුව ස්වකීය නිර්දේශ සහිතව ජාතික ජන බලවේග රජයට බාර දීමට නියමිත රහස්‍ය වාර්තාව මෙන්ම යහපාලන රජයට බාරදුන් වාර්තාවත් පල කරන මෙන් වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ අනුකමිටුව ඉල්ලා සිටී. එය පාරදෘශ්‍ය භාවය සහ වගඋත්තරදායකත්වය මෙන්ම වධහිංසාව පිටුදැකීම සඳහා වන මහජන කතිකාවතත් නගා සිටුවීමට දිරි දෙනු ඇති බව  අනුකමිටුවේ විශ්වාසයයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...