The Leader News
BREAKING
Top Ad
පුවත්

'සාමය කියන්නේ යුද්ධ නැති එක විතරද?' සජිත් X පිටුවෙන් කියූ කතාව'

T

The Leader Desk

June 15, 2026 • 4:00 AM

'සාමය කියන්නේ යුද්ධ නැති එක විතරද?' සජිත් X පිටුවෙන් කියූ කතාව'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු එබව සඳහන් කර ඇත.
  • ''සාමය යනු හුදෙක් යුද්ධයක් නොමැතිකම පමණක් නොවේ; එය බලාපොරොත්තුව, ගෞරවය, අවස්ථා සහ අපේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් උරුම කර දීමේ විශ්වාසයයි.'' යයි ද ඔහු එහි සනදහන් කර ඇත.
  • "සාමය යනු යුද්ධයක් නොමැතිකම පමණක් නොවේ" විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයේ හරය රැඳී තිබෙන්නේ සාමය පිළිබඳ ඔහු කරන අර්ථකථනය තුළය.
  • යුද්ධයක් හෝ ගැටුමක් නොමැති වීමෙන්ම පමණක් සාමය තහවුරු නොවන බව ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු එබව සඳහන් කර ඇත.

''සාමය යනු හුදෙක් යුද්ධයක් නොමැතිකම පමණක් නොවේ; එය බලාපොරොත්තුව, ගෞරවය, අවස්ථා සහ අපේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් උරුම කර දීමේ විශ්වාසයයි.'' යයි ද ඔහු එහි සනදහන් කර ඇත.

sajith post
"සාමය යනු යුද්ධයක් නොමැතිකම පමණක් නොවේ"

විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයේ හරය රැඳී තිබෙන්නේ සාමය පිළිබඳ ඔහු කරන අර්ථකථනය තුළය. යුද්ධයක් හෝ ගැටුමක් නොමැති වීමෙන්ම පමණක් සාමය තහවුරු නොවන බව ඔහු පවසයි. සැබෑ සාමය යනු බලාපොරොත්තුව, ගෞරවය, අවස්ථා සහ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත හෙටක් නිර්මාණය වීමයි.

මෙම අදහස ලෝක දේශපාලනයට මෙන්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන යථාර්ථයටද එකසේ වලංගු වේ. දශක තුනක සිවිල් යුද්ධයක අමිහිරි අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවට, බෙදීමේ විනාශය සහ සංහිඳියාවේ වටිනාකම අමුතුවෙන් කියා දිය යුතු නැත.

සජිත්ගේ ප්‍රකාශයේ පැති දෙකක්

සජිත් ප්‍රේමදාස ගේ මෙම ප්‍රකාශය දෙස දේශපාලන විචාරකයින් බලන්නේ සර්වබලධාරී සුබවාදී දෘෂ්ටියකින් පමණක් නොවේ. එහි පැහැදිලි සමබරතාවක් සහ විවිධ මානයන් දැකිය හැකිය.

ලංකාවේ දේශපාලන නායකයෙකු දේශීය දේශපාලන රාමුවෙන් මිදී, ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා දෙස අවධානය යොමු කිරීම සාධනීය ලක්ෂණයකි. ලෝක සාමය වෙනුවෙන් හඬ නැගීම සහ සංහිඳියාව අගය කිරීම මගින් ඔහු ජාත්‍යන්තරයට පරිණත නායකත්වයක පණිවිඩයක් නිකුත් කිරීමට උත්සාහ කරයි.

අනෙක් අතට, විවේචකයින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සාමය අගය කරන අතරතුර, දේශීය වශයෙන් පවතින ජාතික ගැටලුව, බලය විමධ්‍යගත කිරීම සහ ආර්ථික සමානතාව වැනි සංකීර්ණ ප්‍රශ්න සඳහා ප්‍රායෝගික විසඳුම් පොළොවේ පැළ කිරීමට විපක්ෂයට ඇති දැක්ම කුමක්ද යන්නයි. ජාත්‍යන්තර මට්ටමින් කතා කරන "ගෞරවය සහ අවස්ථා" දේශීය දේශපාලන පොරපිටිය තුළ තහවුරු කිරීම සිතන තරම් සරල නැත.

ඇමරිකාව සහ ඉරානය වැනි දැඩි මතධාරී රාජ්‍යයන් පවා මේ වන විට මේසය වටා වාඩි වී සාකච්ඡා කිරීමට පෙළඹී ඇත. එයින් පැහැදිලි වන්නේ ලෝකයේ කෙතරම් දරුණු ගැටුමකට වුවද අවසාන විසඳුම ලැබෙන්නේ ආයුධයෙන් නොව "සංවාදයෙන්" සහ "රාජ්‍යතාන්ත්‍රික භාවයෙන්" බවයි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින දේශපාලන සහ සමාජයීය බෙදීම් පියවා ගැනීමටද අවශ්‍ය වන්නේ මෙවැනිම විවෘත සංවාදශීලී සංස්කෘතියකි. විපක්ෂ නායකවරයාගේ X සටහන, ජාත්‍යන්තර දේශපාලන ජයග්‍රහණයක් අගය කරන ගමන්ම, අපේ රටේ අනාගතය වෙනුවෙන්ද කල්පනා කළ යුතු ගැඹුරු පාඩමක් ඉතිරි කර තබයි.

(සටහන - විපුල ගුණසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...