BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

X-Press Pearl නඩුවේ පංචපුද්ගල තීන්දුව වෙනස් කිරීම අධිකරණයට අපහාසයක්: ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ

T

The Leader Desk

July 31, 2026 • 4:34 PM

X-Press Pearl නඩුවේ පංචපුද්ගල තීන්දුව වෙනස් කිරීම අධිකරණයට අපහාසයක්: ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 200ක අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට පංචපුද්ගල විනිසුරු මඩුලු තීන්දුවක් ත්‍රිපුද්ගල මඩුල්ලක් වෙනස් කළ හැටි
  • නීති විශාරදයින් පෙන්වා දෙන ආකාරයට එය අධිකරණයට අපහාස කිරීමක් පමණක් නොව, මුල් නියෝගය වෙනස් කරමින් ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ල පසුගිය ජනවාරි 26 වෙනි දින ලබා දුන් තීන්දුව නීතිය ඉදිරියේ වලංගු නියෝගයක් ද නොවේ.
  • (සටහන | සරෝජ් පතිරණ) බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක sarojpathi@gmail.com (Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...) 2026 ජුලි 31    
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රේෂ්ඨාධිකරණ ලේකම්වරයා වෙත යොමු කළ RTI ඉල්ලීමට මාසයකට වැඩි කාලයක් තිස්සේ පිළිතුරු නෑ

X-Press Pearl ව්‍යසනය සම්බන්ධ පංච-පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව ක්‍රියාත්මක වීමට ඉඩ නොදී කිසියම් ක්‍රියාමාර්ගයක් ගත් සියලුම රාජ්‍ය නිළධාරීන් අධිකරණයට අපහාස කොට ඇති බව, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ පවසයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ සම නිර්මාතෘවරයෙකු වන ආචාර්ය දාබරේ, නෞකා ව්‍යසනයට එරෙහිව අධිකරණය හමුවට ගිය පළමු පෙත්සම්කරුවා වන අතර, මීපා ආයතනය විසින් පත්කරන ලද expert කමිටුවේ පිටු 6000කට අධික වාර්තාව විශ්ලේෂණය කොට අධිකරණය ඉදිරියේ දීර්ඝ පැහැදිලි කිරීමක්ද කළේය.

වසර 200කට අධික ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ මින් පෙර කිසි දිනෙක සිදු නොවූ අයුරින්, හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් අනතුරුව, පංච-පුද්ගල විනිසුරු මඩුල්ලේ තීරණය ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් වෙනස් කර තිබේ. නීති විශාරදයින් පෙන්වා දෙන ආකාරයට එය අධිකරණයට අපහාස කිරීමක් පමණක් නොව, මුල් නියෝගය වෙනස් කරමින් ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ල පසුගිය ජනවාරි 26 වෙනි දින ලබා දුන් තීන්දුව නීතිය ඉදිරියේ වලංගු නියෝගයක් ද නොවේ.

නඩු විභාගය සඳහා දිගටම පංච-පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි නියෝගයක් දී තිබියදී, එය වෙනස් කිරීමට නියෝග කළේ කවරෙක්ද යන්න විමසමින් ශ්‍රේෂ්ඨාධිකරණ Registrar වරයා වෙත  පසුගිය ජුනි 15 වෙනි දින තොරතුරු දැනගැනීමේ පනත යටතේ යොමු කළ ඉල්ලුම්පත්‍රයට මේ දක්වා කිසිම පිළිතුරක් ලැබී නැත.

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුලි 31

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

X-Press Pearl නඩුවේ පංචපුද්ගල තීන්දුව වෙනස් කිරීම අධිකරණයට අපහාසයක්: ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ | The Leader