The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා වීඩියෝව ලෝකෙන්ම අංක 1කට

T

The Leader Desk

June 16, 2023 • 8:48 PM

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා වීඩියෝව ලෝකෙන්ම අංක 1කට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ 280ක් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.
  • මූලික වටය සඳහා රටවල් බොහෝමයක් නිර්මාණ යොමු කර තිබුණද මෙහි අවසන් වටයට තෝරා ගෙන තිබුණේ ශ්‍රී ලංකාව, ප්‍රංශය, පිලිපීනය, ආජන්ටිනාව, ඇමරිකාව, තුර්කිය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් රාජ්‍යයයන්හි නිර්මාණකරුවන් විසින් යොමු කළ නිර්මාණ 12ක් පමණි.
  • තෝරාගත් තරඟකාරී නිර්මාණ 12 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක්පිටුවට උඩුගත කළ අතර ජුනි 15 දක්වා සතියක කාලයක් ලොවවටා ජනතා මනාප සඳහා විවෘත කෙරුණි.
  • එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aviation Voice නිර්මාතෘ දේව් කව්සල සමරජීව විසින් නිර්මාණය කළ වීඩියෝව වැඩිම ජනතා ප්‍රතිචාර (මනාප 28,000ක්) ලබාගනිමින් ජයග්‍රාහකයා ලෙස තේරී පත්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ 280ක් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.  

මූලික වටය සඳහා රටවල් බොහෝමයක් නිර්මාණ යොමු කර තිබුණද මෙහි අවසන් වටයට තෝරා ගෙන තිබුණේ ශ්‍රී ලංකාව, ප්‍රංශය, පිලිපීනය, ආජන්ටිනාව, ඇමරිකාව, තුර්කිය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් රාජ්‍යයයන්හි නිර්මාණකරුවන් විසින් යොමු කළ නිර්මාණ 12ක් පමණි.

තෝරාගත් තරඟකාරී නිර්මාණ 12 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක්පිටුවට උඩුගත කළ අතර ජුනි 15 දක්වා සතියක කාලයක් ලොවවටා ජනතා මනාප සඳහා විවෘත කෙරුණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aviation Voice නිර්මාතෘ දේව් කව්සල සමරජීව විසින් නිර්මාණය කළ වීඩියෝව වැඩිම ජනතා ප්‍රතිචාර (මනාප 28,000ක්) ලබාගනිමින් ජයග්‍රාහකයා ලෙස තේරී පත්විණි. පිළිවෙළින් මනාප 4,800ක් ලබාගත් ආජන්ටිනාව දෙවන ස්ථානයටත්, තුර්කිය තෙවන ස්ථානයටත් පත්විය. මෙම නිර්මාණය ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛ පෙළේ ගුවන්සේවා සමුළුවක් වන ICAO Global Aviation Gender Summit 2023 හිදී 2023 ජූලි මස 05දා විශේෂ ඇගයීමට ලක් කිරීමට නියමිතය.

එම නිර්මාණය පහළින්..

 

 පෙර පුවත් :

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා වීඩියෝව ජාත්‍යන්තර තරඟයක අවසන් 12 අතරට !

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...