The Leader News
BREAKING
Top Ad
Opinion

භික්ෂු විරෝධය හමුවේ ජාතික ව්‍යාපාරයේ අනාගතය |ගෙවිඳු කුමාරතුංග

Awara

Awara

October 19, 2026 • 1:17 PM

භික්ෂු විරෝධය හමුවේ ජාතික ව්‍යාපාරයේ අනාගතය |ගෙවිඳු කුමාරතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා පා ගමන මේ රටේ දේශපාලනයේ වැදගත් කඩඉමක් යැයි සිතමි.
  • අපගේ ජාතික බලවේග දුර්වලව, අඩපණව පැවැති අවස්ථාවක, සිංහල හදවත්, බෞද්ධ හදවත් තවමත් පණ-ගසන බව කියාපෑම මෙහි ප්‍රමුඛ වැදගත්කමයි.
  • වසර දහස් ගණනක් පුරාවට අප කටයුතු කර ඇත්තේ ද එසේය.
  • පොළොන්නරු රාජධානියේ අවසානය සනිටුහන් කිරීමට, එතැන් පටන් පරිහානියේ මාර්ගයට පිවිසීමට, පරාක්‍රමබාහු මහ රජතුමාගේ දැඩි මධ්‍යගත පාලනය හේතු වී දැයි යන්න විමසිය යුතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා පා ගමන මේ රටේ දේශපාලනයේ වැදගත් කඩඉමක් යැයි සිතමි. අපගේ ජාතික බලවේග දුර්වලව, අඩපණව පැවැති අවස්ථාවක, සිංහල හදවත්, බෞද්ධ හදවත් තවමත් පණ-ගසන බව කියාපෑම මෙහි ප්‍රමුඛ වැදගත්කමයි.

මේ විරෝධය අසංවිධානාත්මක ය. අසංවිධානාත්මක මෙන්ම, එක නායකත්වයක මෙහෙයවීමෙන් සිදු කෙරුණක් ද නොවේ. දිගින්-දිගටම බෞද්ධයන්ට කෙරුණු කෙණෙහිලිකම්වලට එරෙහිව හුදී ජනයාගෙන්ම, නිරායාසයෙන් පැනනැඟුණකි. වසර දහස් ගණනක් පුරාවට අප කටයුතු කර ඇත්තේ ද එසේය. පොළොන්නරු රාජධානියේ අවසානය සනිටුහන් කිරීමට, එතැන් පටන් පරිහානියේ මාර්ගයට පිවිසීමට, පරාක්‍රමබාහු මහ රජතුමාගේ දැඩි මධ්‍යගත පාලනය හේතු වී දැයි යන්න විමසිය යුතුව ඇත.

මේ නැඟිටීම ජාතික ව්‍යාපාරය පැත්තෙන් අතිශයෙන්ම වැදගත් ය. අපේම ආණ්ඩුවක් - ගෝඨාභය ආණ්ඩුව - පවතිද්දී ජාතික බලවේග මුහුණ පෑ අතෝරයන් හමුවේ පවා, නව නැඟිටීමක විභවය ඉන් ප්‍රකට වූ බැවිනි.

ගෝඨාභය පාලනය සහ ජාතික බලවේගවල පසුබෑම


ගෝඨාභය රජය යටතේ ජාතික ව්‍යාපාරය මෑත යුගයේ ඛේදනීයම තත්වයට ඇද වැටුණේය. ජාතික ව්‍යාපාරයන්ට නායකත්වය දුන් ඇතැම් භික්ෂූන්ගේ තනතුරු ලෝභය රටටම පෙනුණේය. 

ගෝඨාභය ජනාධිපතිතුමා තමා දුන් ප්‍රතිඥාවලට එරෙහිව කටයුතු කරද්දී, ජාතික ව්‍යාපාරය හා බැඳුණු පිරිස් රජය නිවැරැදි කරගැනීමට ද, පොහොට්ටුව හා සහසම්බන්ධ භික්ෂූන් වහන්සේලා ජාතික වගකීම් පසෙක ලා තම දේශපාලන නායකත්වය රැකීමට ද ලෙස බෙදුණේය. හුදී ජනයා අසරණව විසඳුම් සොයා වෙනත් බලවේග කරා ඇදුණි. බොහෝ ක්‍රියාකාරීන් කලකිරී අක්‍රීය විය.

'ඉඟුරු දී මිරිස් ගැනීමේ' දේශපාලන උගුල

ඒත් සිංහලයන්, බෞද්ධයන් තම හදවතේ ඇණවුම පරිදි පෙරට ඒමට සූදානම් බව මේ සිද්ධිදාමය පෙන්නුම් කර ඇත. එහෙත් ජ.වි.පෙ. ජාතිකත්ව විරෝධී ගමන අඩපණ කිරීමට මේ නැඟිටීම කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත (මේ ලිපිය ලියන අතර විහාරමහා දේවි උද්‍යානයේ භික්ෂූන් වහන්සේලාට පොලිස් පහරදීමක් සිදු කෙරෙන බව දැනගන්නට ඇත). 
ඒ වගේම සැබෑ ජාතික බලයක් ගොඩනැඟෙන (නඟන) තෙක් තවත් වලකට නොවැටීම වඩා යහපත් විය හැකිය. ඉඟුරු දී මිරිස් ගැනීමේ අවසාන ප්‍රතිඵලය වූයේ සිංහලේ රාජ්‍යය අපට අහිමිවීමය.

සැබෑ සිංහල-බෞද්ධ සභ්‍යත්වයක අවශ්‍යතාව

ඒ වගේම, අපි අපි නිවැරැදි වන තෙක්, ලොකු දේවල් බලාපොරොත්තු වීමේ තේරුමක් නැත. අපි සිංහල රාජ්‍යයක්, බෞද්ධ රාජ්‍යයක් අපේක්ෂා කරන්නේ නම්, පළමුව අපි සිංහල විය යුතුය; බෞද්ධ විය යුතුය. උපතින් එසේ වීම ප්‍රමාණවත් නොවේ; අවශ්‍ය ද නොවේ. පැවැත්මෙන්ම, අපි සිංහල-බෞද්ධ සභ්‍යත්වයක උරුමකරුවන් විය යුතුය.
අපගේ එදිනෙදා ජීවිතය ඒ සාරධර්ම මත ගොඩනැඟුනක්ම විය යුතුය. අපගේ අනාගත බලාපොරොත්තු, අපගේ දරුවන් පිළිබඳ බලාපොරොත්තු මේ පොළොව හා බැඳී පැවැතිය යුතුය. නොඑසේව, අපට මේ ජාතික අරගලය අර්ථාන්විත කිරීමට නොහැකි වනු ඇත.

ගෙවිඳු කුමාරතුංග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

යුතුකම සංවාද කවය, gevinducumaratunga@gmail.com

View all stories by ගෙවිඳු කුමාරතුංග
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...