The Leader News
BREAKING
ළමා අපයෝජන චෝදනාවට වරදකරු වූ හිමිනමකට වසර 8ක සිරදඬුවම්●යෝජිත PSTA සහ PTA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයක්●ආර්ථිකය ස්ථාවර වුවත් ව්‍යාපාරිකයින් තවමත් බලා සිටින්නේ ඇයි?●දමිළ කිවිවර චේරන් දිවි සැරිය නිම කරයි●ඩොලර් මිලියන 500ක ඉලක්කය බිංදුවට; නාගරික සංවර්ධනයේ අර්බුදය හෙළිවේ●අතුරුදන් වූවන් හඳුනාගැනීමට DNA බැංකුවක්: BTF හදිසි ආයාචනයක්●වැලි කඩදාසි රහසට වසර 8කට පසු බැන්ක්‍රොෆ්ට් නිහඬතාව බිඳී: කමින්ස් දැඩි පීඩනයක●සිංගප්පූරුවේ විශ්‍රාම වයස 65 දක්වා ඉහළට: රැකියා සංස්කෘතිය වෙනස් වෙයිද?●2027 හොඳම සංචාරක ගමනාන්තය ඉන්දියාවයි; සැබෑ ඉන්දියාව කියවන කාන්තාවෝ●රාජකීය පෙන්ඩනයක් නිසා කරීනා කපූර්ට නීතිමය දැනුම්දීමක්●
Top Ad
Opinion

නෝලන්ගේ ‘ද ඔඩිසි’ සිනමාවෙන් අපේ දේශපාලනය කියවන්නේ කොහොමද? දීප්ති TV සුප්‍රීම්හිදී පහදයි

T

The Leader Desk

August 20, 2026 • 5:52 AM

නෝලන්ගේ ‘ද ඔඩිසි’ සිනමාවෙන් අපේ දේශපාලනය කියවන්නේ කොහොමද? දීප්ති TV සුප්‍රීම්හිදී පහදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • TV සුප්‍රීම් නාලිකාවේ විකාශය වූ Ideas front ‘ස්මාර්ට් කැෂුවල්’ වැඩසටහනට එක්වෙමින් ප්‍රකට දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න මෙම අදහස් පළ කළේය.
  • ට්‍රෝජන් යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් අතිශය පරිපූර්ණ බුද්ධිමතෙකු සහ වීරයෙකු ලෙස දකිමින් ඔඩිසියස් සිය ගමන අරඹන ආකාරය පෙන්වා දෙන දීප්ති කුමාර ගුණරත්න, එය ලංකාවේ 2009 යුද ජයග්‍රහණයෙන් පසු යුද නායකත්වයන් කෙරෙහි ගොඩනැඟුණු පරමාදර්ශී ප්‍රතිරූපයට සමාන කළ හැකි බව සඳහන් කළේය.
  • ඔඩිසියස්ගේ ගමන්මඟේදී හමුවන කුණාටු, රාක්ෂයන් (එකැස් යෝධයා) සහ දූපත් වැනි බාහිර බාධාවන් පිටතින් එන සැබෑ සතුරන් නොව, ඔහුගේම අභ්‍යන්තරික මනෝභාවයන් සහ ආත්ම මූලිකත්වයේ ප්‍රක්ෂේපණයන් බව අධ්‍යක්ෂවරයා සංකේතවත් කරන බව වැඩසටහනේදී අවධාරණය කෙරිණි.
  • නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන් තුළ පැනනගින ආර්ථික හා සමාජීය අර්බුද පිටතින් එන බාධාවන්ට වඩා පද්ධතියේම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවල ඵලයක් වන අයුරින්ම, පුද්ගලයාගේ සැබෑ අභියෝගය පවතින්නේ තමන් තුළම බව මෙහිදී පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


හෝමර්ගේ වීර කාව්‍යය සහ නූතන සමාජ මනෝභාවය පිළිබඳ ගැඹුරු විග්‍රහයක්


හෝමර්ගේ පුරාණ ග්‍රීක වීර කාව්‍යය පසුබිම් කරගනිමින් නිර්මාණය වූ 'ද ඔඩිසි' (The Odyssey) සිනමාපටයේ යටිපෙළ දාර්ශනික හා මනෝවිශ්ලේෂණාත්මක කියවීමකට ලක්කරමින්, නූතන දේශපාලන හා සමාජීය යථාර්ථය පිළිබඳ විග්‍රහයක් පසුගියදා එළිදැක්විණි.

TV සුප්‍රීම් නාලිකාවේ විකාශය වූ Ideas front ‘ස්මාර්ට් කැෂුවල්’ වැඩසටහනට එක්වෙමින් ප්‍රකට දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න මෙම අදහස් පළ කළේය. ප්‍රවීණ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන ‘ගරාජ් ප්‍රඩක්ෂන් හවුස්’ නිෂ්පාදනයකි.

සිනමාපටයේ තාක්ෂණික හා දෘශ්‍ය ප්‍රයෝග (IMAX තාක්ෂණය ආදී) පිළිබඳ පමණක් අවධානය යොමුකිරීමෙන් ඔබ්බට යමින්, එහි අන්තර්ගත දාර්ශනික ප්‍රවේශය සහ මානව මනෝභාවයන්ගේ ක්‍රියාකාරිත්වය මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක්විය.

වීරත්වයේ පරමාදර්ශය සහ ස්වයං ප්‍රතිරූපයේ සීමා

සාම්ප්‍රදායික හේගලියානු දයලෙක්තිකයේ (Thesis, Antithesis, Synthesis) ත්‍රිත්වය වෙනුවට දාර්ශනික ස්ලාවෝයි ජිජැක් (Slavoj Žižek) ඉදිරිපත් කරන සිව්පියවර චලනය ඔස්සේ ප්‍රධාන චරිතය වන ඔඩිසියස්ගේ චර්යාව මෙහිදී විග්‍රහයට ගැනිණි.

ට්‍රෝජන් යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් අතිශය පරිපූර්ණ බුද්ධිමතෙකු සහ වීරයෙකු ලෙස දකිමින් ඔඩිසියස් සිය ගමන අරඹන ආකාරය පෙන්වා දෙන දීප්ති කුමාර ගුණරත්න, එය ලංකාවේ 2009 යුද ජයග්‍රහණයෙන් පසු යුද නායකත්වයන් කෙරෙහි ගොඩනැඟුණු පරමාදර්ශී ප්‍රතිරූපයට සමාන කළ හැකි බව සඳහන් කළේය.

බාහිර බාධා යනු අභ්‍යන්තර ගැටලුවලම ප්‍රක්ෂේපණයක්ද?

ඔඩිසියස්ගේ ගමන්මඟේදී හමුවන කුණාටු, රාක්ෂයන් (එකැස් යෝධයා) සහ දූපත් වැනි බාහිර බාධාවන් පිටතින් එන සැබෑ සතුරන් නොව, ඔහුගේම අභ්‍යන්තරික මනෝභාවයන් සහ ආත්ම මූලිකත්වයේ ප්‍රක්ෂේපණයන් බව අධ්‍යක්ෂවරයා සංකේතවත් කරන බව වැඩසටහනේදී අවධාරණය කෙරිණි.

නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන් තුළ පැනනගින ආර්ථික හා සමාජීය අර්බුද පිටතින් එන බාධාවන්ට වඩා පද්ධතියේම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවල ඵලයක් වන අයුරින්ම, පුද්ගලයාගේ සැබෑ අභියෝගය පවතින්නේ තමන් තුළම බව මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම සෛරන්වරුන්ගේ (Sirens) හඬ ඔස්සේ නිරූපණය වන ‘අසීමාන්තක කාමුකත්වය සහ විනෝදය’ පිළිබඳ ෆැන්ටසිය මෙන්ම, පශ්චාත් නූතන පීතෘමූලික සමාජයක පිරිමින්ගේ සිනිකල් (Cynical) චර්යාවන් පිළිබඳවද දාර්ශනික විවරණයක් ඉදිරිපත් කෙරිණි.

‘ගැලවුම්කාර’ දේශපාලනය සහ ස්වයං විවේචනයේ අවශ්‍යතාව

සමාජයක පවතින ගැඹුරු අභ්‍යන්තර ගැටලු ස්වයං විවේචනාත්මකව විසඳා ගැනීමට උත්සාහ නොකර, බාහිරින් පැමිණෙන "අධි-ක්‍රියාකාරී ගැලවුම්කරුවන්" මත විශ්වාසය තැබීමට යාමෙන් සමාජය නැවත නැවතත් අර්බුදයකට ඇදවැටෙන බව දීප්ති කුමාර ගුණරත්න  මෙහිදී ප්‍රකාශ කළේය.

නූතන පරම්පරාව පවුල් ආයතනයෙන් ඈත්වීම සහ සාම්ප්‍රදායික වගකීම් පෞද්ගලික විනෝදයට බාධාවක් ලෙස සැලකීමේ සමාජ ප්‍රවණතාවද සාකච්ඡාවට බඳුන් විය.

ඔඩිසියස් සිය ගමනාන්තය වන ඉතකාවට ළඟාවීමෙන් පසු අවබෝධ කරගන්නේ තමන් පුත්‍රයාට උරුම කර දී ඇත්තේ පරිපූර්ණ පරමාදර්ශයක් නොව අවිනිශ්චිත අරාජකත්වයක් බවයි. ඒ අනුව, තමන්ගේම වේදනාව (Suffering) රසවිඳින නිෂ්ක්‍රීය තත්ත්වයෙන් මිදී, අන්‍යයන් මත වරද පැටවීම වෙනුවට සමාජයක් ලෙස අවංක ස්වයං විවේචනයකට (Self-criticism) එළඹීමේ වැදගත්කම අවසාන වශයෙන් මෙහිදී අවධාරණය කෙරිණි.

'' ගරාජ් ප්‍රඩක්ෂන් හවුස් '' විසින් නිෂ්පාදනය කරන 'ස්මාර්ට් කැෂුවල්' රුපවාහිනී වැඩසටහන සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 9.30 ට TV සුප්‍රීම් රුපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අතර ඊට සමගාමිව ඩයලොග් TV ( 12 )  හා පියෝ TV  ( 122) නාලිකා ඔස්සේ විකාශය වේ,

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...