The Leader News
BREAKING
Top Ad
පුවත්

සමාජ පෙරළියකට සියල්ල සූදානම් - AKD

T

The Leader Desk

December 4, 2023 • 3:51 AM

 සමාජ පෙරළියකට සියල්ල සූදානම් - AKD

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නායක අනුර කුමාර දිසානායක (AKD )දෙහිවලදී පැවසීය.
  • ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගයේ දෙහිවල ආසන සමුළුවට සහභාගි වෙමිනි.
  • එක පැත්තකින් පාලකයන්ට තවදුරටත් තමන්ට සුපුරුදු පරිදි පාලනය ගෙනියන්න බැරි වෙන්න ඕන.
  • මානුෂීය බැඳීම්වලින් මිනිස්සු ඈත් වෙලා තෙතමනයක් නැති සමාජයක් බවට සමාජය පත් කරලා.
අකුරු ප්‍රමාණය (Font Size):

නායක අනුර කුමාර දිසානායක (AKD )දෙහිවලදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගයේ දෙහිවල ආසන සමුළුවට සහභාගි වෙමිනි.


''දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක්''



''ඒ කාලේ මතයක් තිබුණා රනිල් බටහිර ගැතියි. මහින්ද දේශප්‍රේමීයි කියලා. දෙන්න වේදිකා දෙකට ගොඩවෙලා කඩු අමෝරාගෙන සටනට කැඳෙව්වා. ඒත් එයාලගේ කඩුව කඩදාසි කියලා ජනතාව එදා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා බිම් මට්ටමේ ජනතාව දෙපිල බෙදිලා ගහමරා ගත්තා. දැන් ඒ ඒ දෙන්නම ඉන්නේ එකම වේදිකාවේ. එයා මෙයා වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙයා එයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් එහෙම ආණ්ඩුවලින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක්.

 '' සමාජ පරිවර්තනයක් සිදු වන්නේ සියවස් ගණනාවකට පස්සේ. ඒකට තත්ත්වයන් මෝරා යන්න ඕන. එක පැත්තකින් පාලකයන්ට තවදුරටත් තමන්ට සුපුරුදු පරිදි පාලනය ගෙනියන්න බැරි වෙන්න ඕන. දැන් ඒක සිදුවෙලා තිබෙන්නේ. තව පැත්තකින් ජනතාවට සුපුරුදු පරිදි ජීවත් වෙන්න බැරි වෙන්න ඕනෑ. දැන් ඒකත් සිද්ධවෙලා තියෙන්නේ. ඒ නිසා සමාජ පරිවර්තනය සඳහා හැම පැත්තකින්ම තත්ත්වය සූදානම්. ඒ නිසා එවැනි සමාජ පරිවර්තනයක් සඳහා ජාතික ජන බලවේගය සූදානම්.''


'' මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. රස්සාවක් නෑ. රස්සාවක් තියෙන කෙනාට හරිහමන් වැටුපක් නෑ. තිබෙන වැටුපෙන් ජීවත් වෙන්න විදිහක් නෑ. ගොවිතැනක් කරගන්න විදිහක් නෑ. කර්මාන්තයක් කරගන්න විදිහක් නෑ. දරුවෙකුටවත් පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඔවුන්ට සමාජ ආරක්ෂාවක් නෑ. මානුෂීය බැඳීම්වලින් මිනිස්සු ඈත් වෙලා තෙතමනයක් නැති සමාජයක් බවට සමාජය පත් කරලා. ඒ නිසා මේක වෙනස් කළ යුතුමයි කියන අධිෂ්ඨානයට අද සමාජයේ බහුතරයක් දෙනා එළැඹිලා අවසන්.

මෙම ආසන සමුළුවේදී දෙහිවල-ගල්කිස්ස හිටපු නාගරික මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ, නීතිඥ හර්ෂණ නානායක්කාර, මුනීර් මුලෆ්ෆර් මවුලවිතුමා ඇතුළු කතිකයෝ රැසක් අදහස් දැක්වූහ. එම අවස්ථාවට විශාල ජනතාවක් එක්ව සිටියහ.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...