BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

යුරෝපා සංගමයේ තානාපතිනිය සහ AKD අතර හමුවක්

T

The Leader Desk

February 13, 2024 • 5:00 PM

යුරෝපා සංගමයේ තානාපතිනිය සහ AKD අතර හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) සහ ජාතික ජන බලවේගයේ
  • ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද අවධානයට ලක් වී ඇත.
  • රුසියානු නියෝජ්‍ය තානාපති මාලිමා නියෝජිතයින් හමුවේ   මේ අතර මෙරට සිටින රුසියානු නියෝජ්‍ය තානාපති (Alexander Dyagilev) අද (13) ජාතික ජන බලවේගයේ (මාලිමා ) නියෝජිතයන් හමුවී ඇත.
  • ඒ අංක 404, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන තැන පිහිටි සිය තානාපති කාර්යාලයේ දී යි.
අකුරු ප්‍රමාණය (Font Size):
නායක අනුර කුමාර දිසානායක (AKD) අතර හමුවක් අද (13) පස්වරුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද අවධානයට ලක් වී ඇත.

එසේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety bill) පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වී අතර දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
 
cxfhdty5
මෙම හමුව සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි ලාර්ස් බ්‍රෙඩාල් (Lars Bredal) සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියහ.

රුසියානු නියෝජ්‍ය තානාපති මාලිමා නියෝජිතයින් හමුවේ
 zvcfdfsdf
මේ අතර මෙරට සිටින රුසියානු නියෝජ්‍ය තානාපති (Alexander Dyagilev) අද (13) ජාතික ජන බලවේගයේ (මාලිමා ) නියෝජිතයන් හමුවී ඇත.

ඒ අංක 404, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන තැන පිහිටි සිය තානාපති කාර්යාලයේ දී යි.

මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන චමින්ද ජයසූරිය සහ මුදිත නානායක්කාර එක්ව සිටියේය.

 රුසියානු තානාපති කාර්යාලයේ උපදේශක German Fedorov ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, දෙරට අතර වන දීර්ඝ කාලීන මිත්‍රත්වය, දෙරට අතර සහයෝගය සහ මෙරටේ මෙන්ම ජාත්‍යන්තර දේශපාලන තත්වය පිළිබඳවද මෙම හමුවේ දී සාකච්ඡා වූ බව වාර්තාවේ.

ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් ඉදිරි මැතිවරණයන් පිළිබඳවද තානාපති නිලධාරීන්ට කරුණු පැහැදිලි කළ බව පැවසේ.

“දුෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ගැන ඔවුන් විශ්වාසය තබමින් සාකච්ඡා කළා. ඒ වගේම මෙරට තේ සඳහා රුසියානු වෙළඳපල තව තවත් පුළුල් කිරීම සම්බන්ධව ඔවුන් අපට සහය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ වගේම රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත එවීමට හැකි උපරිම දායකත්වය ලබා දෙන්නත් ඔවුන් කැමැත්තෙන් පසුවෙනවා. මෙරට බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත් අපි සාකච්ඡා කළා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය මේ රටේ වර්ධනයවීම මෙන්ම එහි ජනප්‍රියත්වය පිළිබඳව ඔවුන් නිරීක්ෂණය කරන බව පැවසුවා.  අපගේ ඉන්දීය සංචාරය පිළිබඳවත් ඔවුන් සතුට පළකලා”යි මෙම හමුවට එක්වූ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් සඳහන් කළේය. 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...