BREAKING
Top Ad
පුවත්

IMF ගියා කියල රටට හානියක් වුනේ නැහැ - හිටපු අගමැති රනිල්

T

The Leader

January 7, 2022 • 4:20 AM

IMF ගියා කියල රටට හානියක් වුනේ නැහැ - හිටපු අගමැති රනිල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහයෝගය ලබා ගැනීමෙන් රටකට හානියක් සිදු නොවන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
  • ශ්‍රී ලංකාවට ඩොලර්, විදේශ විනිමය නැත්නම් කොහෙන් හෝ ලබා ගත යුතු බව රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
  • IMF ආයතනය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ආයතනයක් බව පැවසු හිටපු අගමැතිවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතිකළ ප්‍රධාන ආයතන දෙක වන්නේ ලෝක බැංකුව සහ IMF යන ආයතන බව මෙහිදී පෙන්වා සඳහන් කළේය.
  • විශේෂයෙන්ම ආර්ථික වශයෙන් හානි වූ රටවලට උදවු කිරීමට එම ආයතනය කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහු මේබව කියා සිටියේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 'දසදෙසින්' වැඩසටහනට ඊයේ (06) එක්වෙමිනි. ගුවන් විදුලියේ සභාපති ජේෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබිය.

ශ්‍රී ලංකාවට ඩොලර්, විදේශ විනිමය නැත්නම් කොහෙන් හෝ ලබා ගත යුතු බව රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

IMF ආයතනය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ආයතනයක් බව පැවසු හිටපු අගමැතිවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතිකළ ප්‍රධාන ආයතන දෙක වන්නේ ලෝක බැංකුව සහ IMF යන ආයතන බව මෙහිදී පෙන්වා සඳහන් කළේය.

විශේෂයෙන්ම ආර්ථික වශයෙන් හානි වූ රටවලට උදවු කිරීමට එම ආයතනය කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.


''මහවැලිය හදපු හැටි බැසිල් දන්නවා ''


ශ්‍රී ලංකාව IMF සමඟ එක්ව මහවැලිය ඉදිකළ බවත්, එම ආධාර නොතිබුනා නම් මහවැලිය ඉදිකිරීමට නොහැකි වන බව පැවසු හිටපු අග්‍රාමාත්‍යවරයා, එදා  IMF හරහා සිදුවුයේ කුමක්ද යන්න  මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ හොඳින් දන්නා බව කියා සිටියේ, එකල මහවැලි අමාත්‍යව සිටි ගාමිණී දිසානායක යටතේ බැසිල් රාජපක්ෂ කටයුතු කළ ඉතිහාසය ඉඟි කරමිනි.

නොමිලේ පාසල් පෙළපොත් ලබාදීම,වෙළඳ කලාප ඇති කිරීම, පාසල් දියුණු කිරීම, ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්  ලෙස IMF සඳහන් කළ බව රනිල් වික්‍රමසිංහ  පැහැදිලි කළේය.

එමෙන්ම මහපොළ ලබා දීමට හැකිවීම , IMF හරහා සිදුවූ තවත් වැදගත් ක්‍රියාවලියක් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී පැහැදිලි කළේය.

 

තවද 1989 වන විට උතුරේ සහ දකුණේ යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුන බවත්, එම අවස්ථාවේදීත් තමන් IMF සමඟ සාකච්ජා කල බව පැවසු හිටපු අගමැතිවරයා, එමෙන්ම හිටපු ජනාධිපති ප්‍රේමදාස ගේ කර්මාන්තකරණය අනුමත කොට ඇඟලුම් කර්මාන්තශාලා 500 ගොඩනැගීමට සහ ජනසවිය ඇතිකිරීමට IMF ආධාර ලැබුණු බවත් පෙන්වා දුන්නේය.

 

නැවත 2001 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටීමත් සමඟ  IMF ආධාර හරහා යළිත් ශ්‍රී ලංකාව ගොඩනැගුණු බවත් ඔහු පැහැදිලි කළේය.  ඒ වකවානුවේදී ශ්‍රී ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත රටක් බවට පත්ව තිබු බවද  ඔහු පැවසිය.

2015 පසු  IMF ආධාර නැවත ශ්‍රි ලංකාවට ලැබුණු බවත්, ඒ කාලය තුලදී ජනතාවගේ ජිවන වියදම අඩු වුවාද වැඩි වුවාද යන්න රටේ ජනතාවට තීරණය කළ හැකි බව හිටපු අගමැතිවරයා කියා සිටියේය.

IMF සහය මත රටේ ආර්ථිකය ඉතා හොඳින් සකස් කිරීමට හැකි වූ බව ඔහු මෙම සාකච්ජාවේදී අවධාරණය කළේය.

ටැබ් යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන නැවත්වුයේ  IMF නොවන බව ද රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

 

ඉන්දියාව පකිස්ථානය මෙන් 2021 අවුරුද්දේ මුල් භාගයේ IMF සමඟ සාකච්ජා කළා නම් මේ වන විට පහසුවෙන් ම ඩොලර් මිලියන 3 ක 4 ක ආධාර ලබා ගත හැකිව තිබුණු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.



Leader Whats app

 
 
 
 
බුද්ධි අංශ නාමල් ගැන සෝදිසියෙන්! | The Leader TV

.

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...