The Leader News
BREAKING
Top Ad
පුවත්

Mangalogy : මංගල යෝජනා කළ ජීවිතය

T

The Leader Desk

December 4, 2021 • 12:30 PM

Mangalogy : මංගල යෝජනා කළ ජීවිතය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුව ඊයේ (03) සමාජ මාධ්‍යය වෙත මුදා හැර තිබේ.
  • මේ සමග Mangalogy නමින් විලාසිතා සන්නාමයක්ද හඳුන්වා දී ඇත.
  • මංගලට සහ මංගලගේ ජීවිත දැක්මට ආදරය කරන ලාංකිකයන් පිරිසක් විසින් මෙම Mangalogy සන්නාමය හඳුන්වා දී ඇත.
  • ඉදිරියේදී මිට අදාල ව්‍යපෘති තුලින් ලැබෙන 100% ලාභය මංගල යෝජනා කළ, සාමය සහ සහෝදරත්වය, යුක්තිය, සාධාරණත්වය, සංවර්ධනය, පුංචි ළිඳක ලොකු ගෙම්බන් නොවී ලෝකයෙන් කොන් නොවීම ආදී වූ සමාජ දේශපාලන ජීවිත දැක්මට සමගාමී වන ක්‍රියාකාරකම් බලගැන්වීමට යොදවනු ලබන බව Mangalogy නිර්මාණකරුවන් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුව ඊයේ (03)  සමාජ මාධ්‍යය වෙත මුදා හැර තිබේ. මේ සමග Mangalogy නමින් විලාසිතා සන්නාමයක්ද හඳුන්වා දී ඇත.

මංගලට සහ මංගලගේ ජීවිත දැක්මට ආදරය කරන ලාංකිකයන් පිරිසක් විසින් මෙම Mangalogy සන්නාමය හඳුන්වා දී ඇත.

ඉදිරියේදී මිට අදාල ව්‍යපෘති තුලින් ලැබෙන 100% ලාභය මංගල යෝජනා කළ, සාමය සහ සහෝදරත්වය, යුක්තිය, සාධාරණත්වය, සංවර්ධනය, පුංචි ළිඳක ලොකු ගෙම්බන් නොවී ලෝකයෙන් කොන් නොවීම ආදී වූ සමාජ දේශපාලන ජීවිත දැක්මට සමගාමී වන ක්‍රියාකාරකම් බලගැන්වීමට යොදවනු ලබන බව Mangalogy නිර්මාණකරුවන් පවසයි.

මංගල ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වන්නට පෙර විලාසිතා නිර්මාණ ශිල්පියෙක් විය. ශ්‍රී ලාංකාවේදී පමණක් නොව ගෝලීය දේශපාලනයේදීද මංගලව political designer යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය. මෙය කිසිදු ලෙසකින් පක්ෂය දේශපාලනයට සම්බන්ධ නොවන, පවතින දේශපාලනික සංස්කෘතියට සහයෝගය නොදක්වන සන්නාමයක් බව මෙහි නිර්මාණකරුවන් අවධාරණය කර සිටියි.

මෙමගින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත විලාසිතා නිර්මාණ, කලා නිර්මාණ විකිණීමෙන් ලැබෙන ආදායමෙන්, 100% ලාභය අරමුදලට බැර වන අතර, Guaranteed limited ආයතනයක් ලෙස ලියාපදිංචි කර ඇත.

මංගල යෝජනා කළ ජීවිතය අගය කරන, සමාජ ආකල්ප වෙනසක් බලාපොරොත්තු වන සියල්ලන්ගේම සහයෝගය මේ සඳහා අපේක්ෂා කරන අතර, පක්ෂ පාට ජාති ආගම් කුල මල වයස ලිංගික භේදයකින් තොරව සියල්ලන්ටම මෙම සන්නාමය සමග එක්වන්නට ආරාධනා කර සිටින බව නිර්මාණකරුවන් වැඩිදුරටත් පවසයි.

ස්වේච්ඡා සේවයක් ලෙස ඔවුන්ගේ කාලය ශ්‍රමය සහ නිර්මාණ වලින් මේ සඳහා දායක වන අතර, කිසිදු ලෙසකින් මෙමගින් ආදායම් උපයා නොගන්නා බවත්, වාර්ශිකව විගණන වාර්තා ප්‍රකාශනයක් ලෙසින් සමාජගත කරන බවද ඔවුන් සඳහන් කර සිටිති. 

 

Documentary of Mangala Samaraweera - "ඛේමාගේ කොලුවා" Khema's boy' - මංගල සමරවීර

 

මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! | The Leader TV

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...