The Leader News
BREAKING
Top Ad
පුවත්

දිලිත් NPPයටත් ජන්දය දිනන හැටි උගන්නන්න යයි!

T

The Leader Desk

January 26, 2023 • 5:03 AM

දිලිත් NPPයටත් ජන්දය දිනන හැටි උගන්නන්න යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇන්ටිජන් වංචාවක් සම්බන්ධයෙන් තමාට එරෙහිව සිදුකල ප්‍රකාශයන් පිළිබඳව විවෘත සංවාදයකට එන්නැයි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා සිටියි.
  • ඔහු එබව කියා සිටියේ, Iraj Show සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සංවාදයකදී ය.
  • එතකොට මම ඔහුට කරන එක අභියෝගයයි මෙන්න මේ කරුණු දෙක නිදහස් තැනකදී මේකට සංවාදයක් අපි දෙන්න කරන්න ඕනේ.
  • එතකොට ඔහුගේ පක්ෂයට ඒකම ඇති මේක දිනන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



එය අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් ජනතාව තුල විශ්වාසයක් ඇතිකිරීමටත්, එය ම මැතිවරණ ජයග්‍රහණයට විශාල පිටුවහලක් වනු ඇති බවත් දිලිත් ජයවීර පවසයි.

ඔහු එබව කියා සිටියේ, Iraj Show සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සංවාදයකදී ය.

දිලිත් ජයවීර එහිදී මෙසේ පැවසිය.

''කුමාර දිසානායක මගේ මිත්‍රයාට මම එකක් කියන්න කැමති. දැන් මේ දේශපාලනයේ තියෙන්නෙ ව්‍යාජත්වයක්, බොරු කියනවා කටට එන දේ කියනවා තමන්ගේ වාසියට බොරු කියනවා. ඔහුට තියෙන ජනතා ප්‍රතිරූපයේ පලවෙනි ප්‍රශ්නය තමයි එයා ක්‍රෙඩිබල් නෑ කියන එක. දැන් එතුමා මට විවිධ අවස්ථාවන් වල චෝදනා කිහිපයක් කරලා තියෙනවා. ඉස්සෙල්ලම මට පාර්ලිමේන්තුවේ දී පළවෙනි චෝදනාව එතුමා කරේ මම කොළඹ බස් සංකීර්ණය අලුත්වැඩියා කරා, අපේ සමාගම එකතුවෙලා බොහෝ දෙනා ගෙන් උදව් අරගෙන අපේ දායකත්වයෙන් මේක හැදුවා  ඒ වෙලාවේ මෙතුමා ලොකු චෝදනාවක් මට පාර්ලිමේන්තුවේදී කිව්වා ජාවාරමක් කරනවා බස්ටෑන්ඩ් එක හරහා කියලා පලවෙනි වතාවට.

ඔහොම විටින් විට චෝදනා කිහිපයක් කරලා තියෙනවා. මෑතකදී එතුමා මගේ නම නොකියා චෝදනාවක් කෙරුවා. ඒ මොකක්ද ඇන්ටිජන් සහ හෝටල් නිරෝධායන වංචාවක් ගැන. ඒකෙන් මුදල් වංචාවක් කරා කියලා ගානක් හම්බ කර ගත්තා කියලා. එතකොට මම ඔහුට කරන එක අභියෝගයයි මෙන්න මේ කරුණු දෙක නිදහස් තැනකදී මේකට සංවාදයක් අපි දෙන්න කරන්න ඕනේ.

ඇන්ටිජන්  වංචාව සිදු වුණු ආකාරය ගැන, ඒකෙන් දිලිත් ජයවීර හෝ දිලිත් ජයවීරට අදාල සමාගමක් හෝ ලාභ ලැබූ ආකාරය කියන්න ඕනේ. ඊට පස්සේ මේකට සම්බන්ධ වුණ වෛද්‍යවරු ගොඩාක් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට දැනීමක් තියෙනවා. එතකොට මේකට සම්බන්ධ වෙච්ච කාර්යාල නිලධාරීන් පිරිසක් ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලො හිතනවා අනුර කුමාර බොරු කියන්නෙ කියලා. එතකොට අනුර කුමාර බොරු කියනවා කියන එක අනුර කුමාරට හොඳ නෑ. ඒක එතකොට අර කුමාර් ගුණරත්නව දන්නේ නැහැ කියල කියන එකක් වගේ එකක්වත්, වරාය නගරයට ලංකාවෙම ගල් මදි වෙනවා කියන එක වගේ එකක් නෙමෙයි. මේක තාක්ෂණික කාරණාවක්.

ඔහුට කියන්න පුළුවන් දිලිත් මගේ මිත්‍රයා,ඔයා මෙන්න මේ විදිහට මේක කරලා මෙන්න මේ විදිහටයි මේකේ ලාභය අරන් තියෙන්නේ. මෙව්චර මිනිසුන් දහසක් දෙනා මැරී මැරී වැටෙන මොහොතක මේ රට අර්බුදයක තියෙන මොහොතක ඔබ මේ වගේ කැත වැඩක් කරා. එතකොට ඔහුගේ පක්ෂයට ඒකම ඇති මේක දිනන්න.




සබැඳි පුවත් :
'ගෝඨා ගෝ හෝම් ටැග් එක හැදුවේ යෝෂිත' - දිලිත් ගෙන් බරපතල අනාවරණයක්


JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...