BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නව වසරට ඉන්දියාවේදී වැඩ අල්ලයි - නිල සජීවී විකාශය සුප්‍රීම් TV

T

The Leader

December 23, 2022 • 10:18 PM

 ශ්‍රී ලංකා ක්‍රිකට් නව වසරට ඉන්දියාවේදී වැඩ අල්ලයි - නිල සජීවී විකාශය සුප්‍රීම් TV

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 වසර උදාවත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින තරග 3 කට සහ විස්සයි – 20 තරග 3 කට ඉන්දියාවේදී සහභාගි වනු ඇත.
  • එම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගි වන ඉතිරි විස්සයි – 20 තරග දෙක 05 වැනිදා පුනේහිදීත් 07 වැනිදා රාජ්කෝට් හිදීත් පැවැත්වෙනු ඇත.
  • එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු වැන්න ජනවාරි 10 වැනිදා ගුවාතිවලදීත් දෙවැන්න 12 වැනිදා කොල්කටා වලදීත් සහ තෙවැන්න 15 වැනිදා ත්‍රිවේන්ද්‍රම්හිදීත් පැවැත්වේ.
  • තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පුරුදු පරිදි නායක දසුන් ශානක වෙත පැවරී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනවාරි 03 වැනිදා මුම්බායිහි ආරම්භ වන විස්සයි – 20 තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

එම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගි වන ඉතිරි විස්සයි – 20 තරග දෙක 05 වැනිදා පුනේහිදීත් 07 වැනිදා රාජ්කෝට් හිදීත් පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු වැන්න ජනවාරි 10 වැනිදා ගුවාතිවලදීත් දෙවැන්න 12 වැනිදා කොල්කටා වලදීත් සහ තෙවැන්න 15 වැනිදා ත්‍රිවේන්ද්‍රම්හිදීත් පැවැත්වේ.
Time 2022.12.24
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පුරුදු පරිදි නායක දසුන් ශානක වෙත පැවරී ඇත.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා එම තරගාවලියේ විවේක ගන්වා, ඉන්දීය කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩයා වෙත පවරා තිබේ.

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ද එම තරගාවලියට සහභාගි නොවන බව වාර්තා වේ.



නිල තරග විකාශක SUPREME TV



මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, සුප්‍රීම් TV නාලිකාවයි.

සුප්‍රීම් ටීවී UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ), UHF අංක 49 ( බස්නාහිර ට), UHF අංක 28 (දකුණට ), UHF අංක 56 ( සබරගුමුවට ) හා ඩයලොග් ටීවි නාලිකා අංක 20 , පියෝ ටීවී නාලිකා අංක 140 හා Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරඟ නැරඹීමට හැකියාව තිබේ. 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...