The Leader News
BREAKING
Top Ad
පුවත්

බැසිල් Vs විමල් : ගෝඨා ගේ නිහැඬියාව සැක කටයුතුයි ?

T

The Leader Desk

February 10, 2021 • 4:41 AM

 බැසිල් Vs විමල් : ගෝඨා ගේ නිහැඬියාව සැක කටයුතුයි ?  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයාට 'පොහොට්ටු' පක්ෂයේ දේශපාලන නායකත්වය ලබාදිය යුතු බවට අමාත්‍ය විමල් විරවංශ විසින් 'ඉරිදා ලංකාදීප' පුවත්පතට කර තිබු ප්‍රකාශයෙන් පසු ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබු බැසිල්ට පක්ෂ -විපක්ෂ සිතල යුද්ධය මතුපිටට දේශපාලන තලයට පැමිණ තිබේ.
  • ජාතිකවාදීන් විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය අවධාරණය කරමින් සිටින්නේ, විමල් අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව නොව, ආණ්ඩුවේ දේශපාලන බලය අත්පත්කර ගෙන සිටින බැසිල් රාජපක්ෂට එරෙහිව බවයි.
  • පරාජයෙන් පසු 'මහින්ද සුළඟ' හරහා යළි දේශපාලනයේ ඉහලටම ඔසවා තැබූ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්කිරීමට කිසිඳු උවමනාවක් හෝ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත්, තම දේශපාලනයේ 'මුදුන් මල්කඩ' මහින්ද මැතිතුමා බවත් ජාතිවාදීන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ අවධාරණය කරමින් තිබේ.
  • එවැනි මානසික මෙහෙයුමක් හරහා ඊයේ පස්වරුව වනවිට අගමැති මහින්ද රාජපක්ෂ කිසියම් මට්ටමකින් 'බැලන්ස්' කර ගැනීමට ජාතිකවාදීන් සමත්ව ඇති බවක් පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ලෙසිනි.
 
ජනාධිපතිවරයාට 'පොහොට්ටු' පක්ෂයේ දේශපාලන නායකත්වය ලබාදිය යුතු බවට අමාත්‍ය විමල් විරවංශ විසින් 'ඉරිදා ලංකාදීප' පුවත්පතට කර තිබු ප්‍රකාශයෙන් පසු ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබු බැසිල්ට පක්ෂ -විපක්ෂ සිතල යුද්ධය මතුපිටට දේශපාලන තලයට පැමිණ තිබේ.
 
ජාතිකවාදීන් විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය අවධාරණය කරමින් සිටින්නේ, විමල් අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව නොව, ආණ්ඩුවේ දේශපාලන බලය අත්පත්කර ගෙන සිටින බැසිල් රාජපක්ෂට එරෙහිව බවයි.
 
 
 
 
2015 පරාජයෙන් පසු 'මහින්ද සුළඟ' හරහා යළි දේශපාලනයේ ඉහලටම ඔසවා තැබූ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්කිරීමට කිසිඳු උවමනාවක් හෝ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත්, තම
දේශපාලනයේ 'මුදුන් මල්කඩ' මහින්ද මැතිතුමා බවත් ජාතිවාදීන් සිය සමාජ මාධ්‍ය  ඔස්සේ අවධාරණය කරමින් තිබේ.
 
 
එවැනි මානසික මෙහෙයුමක් හරහා ඊයේ පස්වරුව වනවිට අගමැති මහින්ද රාජපක්ෂ කිසියම් මට්ටමකින් 'බැලන්ස්' කර ගැනීමට ජාතිකවාදීන් සමත්ව ඇති බවක් පෙනේ.
 
 
 
ගැටුමට මුල ?
 
කොරෝනා වසංගත තත්ත්වය හැරුන කොට ජනාධිපති ගෝඨාභයගේ වසරක පාලන කාලය තුළ කිසියම්  අසාර්ථකත්වයක් ඇතිවීමට බලපෑ මුලික කාරණය ජනාධිපතිවරයාට ආණ්ඩුවේ දේශපාලන බලය හිමි නොවීම බව විමල් විරවංශ ප්‍රමුඛ 'ජාතිකවාදීන්ගේ' අදහස වී තිබේ.
 
ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් අතර පැහැදිලි දුරස්භාවයක් මතුව තිබීම නිසා 'ස ෆේල්' යන ජනමතයක් සමාජය තුල ගොඩනැගීමට විපක්ෂයට යම්කිසි හැකියාවක් ලැබුන බවද ඔවුන්ගේ අදහස වී ඇත.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පක්ෂ දේශපාලන කටයුතු බැසිල් රාජපක්ෂ වෙත පවරා, රාජ්‍ය පරිපාලන කටයුතු තමන් යටතේ තබාගනිමින් පසුගිය වසර පුරා කටයුතු කළේය.
 
බැසිල් රාජපක්ෂ විසින් අත්පත්කර ගෙන තිබෙන දේශපාලන බලය ජනාධිපතිවරයා වෙත හුවමාරු වියයුතු බව ජාතිකවාදීන්ගේ අභ්‍යන්තර සාකච්ජා වලදී අවධාරණයට ලක්ව තිබු අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව ද වරින් වර දැනුවත් කර තිබී ඇත. 
 
 
ගෝඨාභය 'දේශපාලන බලය' අතට ගන්න යන බව 'ද ලීඩර්' කිවේ ජනවාරි 01
 
2021 වර්ෂය ආරම්භයේ සිට පක්ෂ දේශපාලන කටයුතුවලට මැදිහත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි 'ද ලීඩර්' 2021 වසරේ ජනවාරි පළමුවෙනිදා වාර්තා කළේ එවැනි මෙවැනි දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙමින් තිබෙන බවට ලැබුන තොරතුරු පාදක කර ගනිමිනි. 
 
ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගැනීමට යන්නේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් විසින් දිගින් දිගටම සිදුකරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බව 'ද ලීඩර්' වාර්තා කලේ, ''2021: ගෝඨාභය 'දේශපාලන බලය' අතට ගැනීමට යයි!'' යන සිරස්තලයෙන් යුතුවය.
 
 
 
 
ජනාධිපතිවරයා හා දේශපාලන ක්‍රියාකාරීන් අතර බරපතල දුරස්වීමක් ඇති බව කැබිනට් අමාත්‍යවරුන් පවා පවසන බව එම පුවත් මගින් අනාවරණය කර තිබිණ.
 
දේශපාලන කටයුතු හා රාජ්‍ය පරිපාලන කටයුතු මනා සම්බන්ධීකරණයකින් සිදු නොවන බවට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් චෝදනා කරමින් සිටින බවත්, රජයේ බොහෝ කටයුතු අඩාලවීමට හා ඇනහිටීමට එය බලපා ඇති  බවත් එම පුවත් වාර්තාවේ සඳහන් විය.
 
2024 ජනාධිපතිවරණයට බැසිල් ද ?
 
 
 
Basil rajapaksa presser 08Jul2020
 
විමල් ප්‍රමුඛ ජාතිකවාදීන් විසින් මෙසේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දේශපාලන බලය අත්පත්කරදීමේ මෙහෙයුමක් ආරම්භකර තිබියදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ බැසිල්වාදීන් පවසන්නේ, ආණ්ඩුව අපහසුතාවයට පත්කරන විමල් විරවංශ වහාම කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හරිය යුතු බවයි.
 
විමල් විරවංශ විසින් ආණ්ඩුව තුළ කුමන්ත්‍රණය කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙරේදා (08) අගමැති මහින්ද රාජපක්ෂ හමුවී පෙන්වා දී තිබිණ.
 
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් නොවන්නේ නම් බැසිල් රාජපක්ෂ ඉදිරිපත්කල යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු බැසිල් වාදීන්ගේ අදහස වී ඇත. එවැනි තත්වයක් තුල විමල් විරවංශ ඇතුළු 'ජාතිකවාදීන්ගෙන්' බාධාවක් එල්ල වෙතැයි ඔවුන් මේවනවිටත් උපකල්පනය කර ඇති බව වාර්තාවේ.
 
කෙසේවුවද අවසානයේ රාජපක්ෂ පවුලේ සහෝදරයින් විසින් ඇතිකර ගන්නා එකඟතාවයට යටත්වීමට විමල්ට මෙන්ම ප්‍රසන්නට ද සිදුවනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ද ලීඩර්' වෙත පැවසිය. 
 
 
සබැඳි පුවත :

 

 

 
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව?
 

 
 
උතුරේ තරුණයන්ගේ වකුගඩු විකුනන දොස්තරගේ රංගන
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බැසිල් Vs විමල් : ගෝඨා ගේ නිහැඬියාව සැක කටයුතුයි ? | The Leader