BREAKING
Top Ad
ආරක්ෂක

'පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට අවසාන දිනයේත් පැය12ක් තිබ්බා' - (SIS හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක)

T

The Leader

September 29, 2023 • 2:33 AM

'පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට අවසාන දිනයේත් පැය12ක් තිබ්බා' - (SIS හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය 'චැනල් ෆෝ' නාලිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා අන්තර්ජාලයට මුදාහරිනු ලැබූ වීඩියෝ පටයත් සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධාකාරයේ සාකච්ඡා නිර්මාණය වී ඇත.
  • රාජ්‍ය බුද්ධි සේවයෙ කිසිවෙකුට පොලිස් බලතල නොමැති බව ආචාර්ය කොලොන්නේ මෙම වැඩසටහනේදී අවධාරණය කර සිටියි.
  • කිසියම් පොලිස් නිලධාරියකු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත කළ පසු ඔවුන්ට පොලිස් බලතල අහිමි වන බවත් රාජ්‍ය බුද්ධි සේවය මගින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නා පාර්ශවයන්ට තොරතුරු ලබා දීම පමණක්ම සිදු කරන බවත් කොලොන්නේ පවසයි.
  • දේශපාලකයන් සුපුරුදු පරිදි එහි වගකීම එකිනෙකා අතට පත්කරමින් චෝදනා කරමින් තම අවස්ථාවාදී  දේශපාලන සිදුකරමින් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය බුද්ධි සේවය (SIS) එහි ප්‍රධාන චුදිතයකුව සිටියි. 

'චැනල් ෆෝ' නාලිකාවේ වීඩියෝ පටයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී , මේජර් ජනරාල් සුරේෂ් සලේ හට සෘජු චෝදනා එල්ල කර ඇති අතර වෙනත් සමහරුන්  විසින් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හට ද චෝදනා එල්ල කරයි. 

මේ සම්බන්ධයෙන් Channel +ONE නාලිකාවේ මහීල් බණ්ඩාර සමග සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ කරුණු කාරනා රාශියක් අනාවරණය කර තිබේ. 

නිලන්තට සහ සලේට ඇයි මේ අපවාද? 

හිටපු බුද්ධි අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, පාස්කු ප්‍රහාරය තොරතුරු තමා ළඟ තබා ගෙනත් එම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට නොගත් හෙයින් විවිධ පාර්ශ්ව පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම නිලන්ත ජයවර්ධන භාරගත යුතු බවට අදහස් පළකර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය යනු කුමක්දැයි ඔවුන්ට ඇති අනවබෝධය නිසා බව ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ අවධාරණය කරයි. 

දේශපාලකයන් තමන්ගේ අරමුණු වෙනුවෙන් වාසි ලබාගැනීම සඳහා මෙය නැවත නැවත කරළියේ සාකච්ඡාවට ලක් කර ඇති බවත් ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා මෙවර මෙහි වගකීම නිලන්ත ජයවර්ධන වෙත පටවා ඇති බවත් ආචාර්ය කොලොන්නේ එම වැඩසටහනේදී කියා සිටියි.

1984 නිර්මාණය කළ රාජ්‍ය බුද්ධි සේවය යනු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති සිවිල් සංවිධානයක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන වගකීම රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා තොරතුරු සොයා ගැනීමයි. රාජ්‍ය බුද්ධි සේවයෙ කිසිවෙකුට පොලිස් බලතල නොමැති බව ආචාර්ය කොලොන්නේ මෙම වැඩසටහනේදී අවධාරණය කර සිටියි.

කිසියම් පොලිස් නිලධාරියකු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත කළ පසු ඔවුන්ට පොලිස් බලතල අහිමි වන බවත් රාජ්‍ය බුද්ධි සේවය මගින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නා පාර්ශවයන්ට තොරතුරු ලබා දීම පමණක්ම සිදු කරන බවත් කොලොන්නේ පවසයි.

එහෙයින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන තම රාජකාරිය හරිහැටි ඉටු කළ ඇති අතර ඔහු විසින් පාස්කු ප්‍රහාරය එල්ල වීමට පැය දොළහකට පෙර ප්‍රහාරයේ නිශ්චිත තොරතුරු අදාල තීරණ ගන්නා පාර්ශවයන්ට ලබාදී ඇති බවත් කොලොන්නේ වගකීමෙන් කියා සිටී. 

මේජර් ජනරාල් සුරේෂ් සලේ

තවද වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ,  පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන් හා අනෙකුත් ත්‍රස්තවාදීන් සමග දිගින් දිගටම ගනුදෙනු කොට ඇති බවට වන චෝදනාව ද ආචාර්ය කොලොන්නේ ප්‍රතික්ෂේප කරයි. 

ඕනෑම සතුරු සංවිධානයක හෝ ත්‍රස්තවාදී සංවිධානයක නායකයන් සමඟ සාකච්ඡා කිරීම බුද්ධි අංශ ලබන ජයග්‍රහණයක් බව පවසන කොලොන්නේ, ඒ සම්බන්ධයෙන් උදාහරණ දක්වමින් , එල්ටීටීඊ සංවිධානයේ උප නායකයා ලෙස කටයුතු කල කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් ගලවා යුද ජයග්‍රහණය දක්වා ඔහුගේ සහයෝගය ලබා ගත්තේ බුද්ධි අංශ කළ මෙහෙයුම නිසා බව කියා සිටියි. 

බුද්ධි අංශ මෙහෙයුම් වලදී ත්‍රස්තවාදීන් සමග ඔවුන්ගේ අයෙක් ලෙසද ඇතැම් විට කටයුතු කිරීමට සිදුවන බවත් තවත් විටෙක ත්‍රස්තවාදී කණ්ඩායම් වල සාමාජිකයන් හට මුදල් ගෙවා නම්මා ගන්නා බවද ආචාර්ය කොලොන්නේ කියා සිටී. 

එහෙයින් මේ මොහොතේ රාජ්‍ය බුද්ධි සේවය වෙත එල්ල කරන චෝදනා රාජ්‍යයේ ජාතික ආරක්ෂාව අඩපණ කිරීමේ උත්සාහයක් බව බව ඔහු පෙන්වා දෙයි.
 
කෙසේ වුවත් මේ වනවිට ප්‍රහාරය සිදු වී වසර හතරක් ගත වුවත් තවමත් කිසිවෙකුට යුක්තිය හිමි වී නැත. දේශපාලකයන් සුපුරුදු පරිදි එහි වගකීම එකිනෙකා අතට පත්කරමින් චෝදනා කරමින් තම අවස්ථාවාදී  දේශපාලන සිදුකරමින් ඇත.
කෙසේවුවද ආචාර්ය කොලොන්නේ පවසන්නේ, පාස්කු ඉරුදින ඛේදවාචකය වළක්වා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවය තම වගකීම හරිහැටි ඉටු කළ ඇති බවයි. 

 අප්‍රේල් 21 ප්‍රහාරයට පැය දොළහකට පෙර බුද්ධි අංශ වෙතින් ලද තොරතුරු හා නිර්දේශ නිසි ලෙස ඉටු කළා නම් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාවක් තිබු බව ආචාර්ය කොලොන්නේ මෙම වැඩසටහනින් පෙන්වාදෙයි.

ආචාර්ය කොලොන්නේ සඳහන් කරන පරිදි, බුද්ධි අංශ විසින් විවිධ උපක්‍රම භාවිතා කොට ලබාගත් බුද්ධි තොරතුරු අදාළ තීරණ ගන්නා පාර්ශවයන් වෙත ලබාදී ඇතත් ඔවුන් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ ඇයි දැයි මෙම වැඩසටහනෙන් මතුවන බරපතල කාරණයකි. 

ආචාර්ය කොලොන්නේ සහ මහීල් බණ්ඩාර අතර වූ සංවාදයේදී අනාවරණය වූ කරුණු පහත වීඩියෝවෙන් නරඹන්න 



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...