BREAKING
Top Ad
ආරක්ෂක

ඇමෙරිකාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබන වසරේදී ලැබෙන යානා මොනවා ද?

T

The Leader

November 20, 2025 • 1:54 AM

ඇමෙරිකාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබන වසරේදී ලැබෙන යානා මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹෙන වසරේදී මෙරට ගුවන් හමුදාවට ආධාර වශයෙන් ඇමෙරිකා එක්සත් ජනදපයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ගුවන් යානා දෙකක් සහ හෙලිකොප්ටර් යානා 10ක් මෙරටට ලැබීමට නියමිතව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
  • "මෙරට හමුදාව සඳහා විශේෂයෙන් අපිට ඉන්දියාවෙන් ජීප් රථ 70ක් පමණ ලැබී තිබෙනවා.
  • එමෙන්ම ඉතා හොද නිපුණතාවක් සහිත හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය වන ඇකඩමියක් සඳහා යෝජනාවක් සහ ඒ සඳහා සහය ද ලැබී තිබෙනවා" "ඇමෙරිකා එක්සත් ජනපදය අපිට TH 57 වර්ගයේ හෙලිකොප්ටර් 10ක් 2026 වසරේදී ආධාරයක් ලෙස ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.
  • ඒ වගේම C130 වර්ගයේ ගුවන් යානා 02ක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව 2026 සහ 2027 වසරේදී අපිට ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා, ආධාර වශයෙන්." හෙතෙම පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගතවූ කාල සීමාවේදී ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංස්කරණය කිරිමේදී ජාත්‍යන්තර සහාය විශාල වශයෙන් ලැබී තිබෙන බව ද පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා (නොවැම්බර් 18) කියා සිටියේය.

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර මොනවා ද?

"මෙරට හමුදාව සඳහා විශේෂයෙන් අපිට ඉන්දියාවෙන් ජීප් රථ 70ක් පමණ ලැබී තිබෙනවා. එමෙන්ම ඉතා හොද නිපුණතාවක් සහිත හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය වන ඇකඩමියක් සඳහා යෝජනාවක් සහ ඒ සඳහා සහය ද ලැබී තිබෙනවා"

"ඇමෙරිකා එක්සත් ජනපදය අපිට TH 57 වර්ගයේ හෙලිකොප්ටර් 10ක් 2026 වසරේදී ආධාරයක් ලෙස ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ වගේම C130 වර්ගයේ ගුවන් යානා 02ක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව 2026 සහ 2027 වසරේදී අපිට ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා, ආධාර වශයෙන්." හෙතෙම පැවසීය.

''ඒ වගේම, KA 360 කියන Beechcraft එකක්, ඒ වගේම, KK 350 Beechcraft දෙකක් ඇමරිකාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ආධාර වශයෙන් මේ වන විටත් ලැබී තිබෙනවා.''

''අපේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බලඇණිය සැලකිය යුතු ප්‍රමාණයකින් දුබල වෙලා තිබෙනවා, අලුතින් අපිට හෙලිකොප්ටර් 10ක් එනවා. තිබෙන හෙලිකොප්ටර් ටික ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවලා සියල්ල සකස් කර තිබෙනවා. ඒ නිසා ඉතා හොඳ නූතන කාර්යක්ෂම හමුදාවක් අපි ඇති කර තිබෙනවා. මෙය අපේ වගකීමක් බව අපි විශ්වාස කරනවා." ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 military 1

TH -57 වර්ගයේ හෙලිකොප්ටර් යානා ඇමෙරිකානු නාවික හමුදාව විසින් සිය නියමුවන් පුහුණු කිරීම සඳහා වසර 40කට අධික කාලයක් සේවයට යොදා ගනු ලබයි.

 

'ළඟදීම අපේ ටීම් එකක් ඇමෙරිකාවට යනවා'

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ කියා සිටියේ එළඹෙන ජනවාරි මාසය වන විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙරටට හෙලිකොප්ටර් යානා ලැබීමට නියමිතව ඇති බව යි.

"ජනාධිපතිතුමා කියපු ඇමෙරිකාවෙන් අපිට ලබා දෙනවා කිව්ව ඒ TH -57 වර්ගයේ හෙලිකොප්ටර් යානා ලබන ජනවාරි මාසය වෙද්දී ලංකාවට ලැබෙන්න නියමිතයි.

මේවා සාමාන්‍යයෙන් යොදා ගන්නේ පුහුණු කිරීම් වගේම, ගලවා ගැනීම් සහ ප්‍රවාහන කටයුතු වලටයි. ළඟදීම අපේ ගුවන් හමුදාවේ කණ්ඩායමක් ඇමෙරිකාව බලා යනවා මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩකටයුතු කරන්න." ඔහු පැහැදිලි කළේය.

මේ අතර ඇමෙරිකාවෙන් ලැබීමට නියමිත හෙලිකොප්ටර් යානාවල වර්ණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගැලපෙන ලෙස වෙනස් කරන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඒ පිළිබඳ මෙතෙක් නිසි පිළිතුරක් ලබා දිය නොහැකි බව යි.

එමෙන්ම ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත C -130 ගුවන් යානාවල නියමිත වර්ගය කුමක්ද යන්න සම්බන්ධයෙන් ද තමන්ට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකි බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 military 2

ගුවන් ගතවී ඇති TH -57 වර්ගයේ හෙලිකොප්ටර් යානයක ඡායාරූපයක්

 

ඇමෙරිකාව TH-57 හෙලිකොප්ටර් යානා විශ්‍රාම ගන්වලා ද?

Military.com වෙබ් අඩවියට අනුව මෙම TH -57 හෙලිකොප්ටරය බෙල් හෙලිකොප්ටර් ටෙක්ස්ට්‍රෝන් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන අතර එයට පැයට කිලෝමීටර් 222ක් වේගයෙන් පියාසර කිරීමට හැකියාව ඇත.

මෙම හෙලිකොප්ටර් යානා මුලින් නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ සැහැල්ලු නිරීක්ෂණ හෙලිකොප්ටර් තරගයක් සඳහා ය.

TH-57 සී රේන්ජර් ෆ්ලොරිඩාවේ මිල්ටන් හි නාවික ගුවන් කඳවුරේ නිලධාරීන් සඳහා පියාසර පුහුණුව ලබා දීමට යොදා ගෙන තිබේ.

වසර 40කට අධික කාලයක් පුරා ඇමෙරිකානු නාවික හමුදාව සිය නිලධාරීන් සඳහා පියාසැරි පුහුණුව ලබා දීමට යොදා ගනු ලැබූ TH -56 හෙලිකොප්ටර් යානා වෙනුවට මෙම වසරේ සිට TH-73A වර්ගයේ පුහුණු හෙලිකොප්ටර් යානා ඊට යොදා ගනු ලබන බව Military.com වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ඒ අනුව පළමු TH-73A හෙලිකොප්ටර් යානාව 2021 වසරේදී ඇමෙරිකානු නාවික හමුදාවේ පුහුණුවීම් සඳහා ලබා දී තිබේ.

ඇමෙරිකානු නාවික හමුදාව විසින් ද සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ පියාසැරි පුහුණුව ලබා දීම සඳහා මීට වසර 44කට පෙර එනම් 1981 වසරේදී හඳුන්වා දුන් TH-57B සහ 1982 දී හඳුන්වා දුන් TH-57C හෙලිකොප්ටර් යානා, TH-73A හෙලිකොප්ටර් යානා හඳුන්වා දීමත් සමග ක්‍රමයෙන් සේවයෙන් ඉවත් කරන බවයි.

ඇමෙරිකානු නාවික හමුදාව විසින් ද සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ

(උපුටා ගැනීම - බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...