BREAKING
Top Ad
ආරක්ෂක

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව ඇමෙරිකාව සමග එළඹුණු නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුම කුමක් ද?

T

The Leader

November 14, 2025 • 11:25 AM

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව ඇමෙරිකාව සමග එළඹුණු නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුම කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | එක්සත් ජනපද තානාපති ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.
  • කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ, මෙමගින් ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කරමින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ආරක්ෂක සහයෝගිතාව වඩාත් විධිමත් කරනු ලැබූ බවයි.
  • | කොළඹ ඇමෙරිකානු තානාපතිවරිය සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාව එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.
  • ශ්‍රී ලංකාව සමඟ පවතින මෙම හවුල්කාරීත්වය, අද දින ඇතිකරගත් අවබෝධතා ගිවිසුම මගින් නැවතත් තහවුරු කරනු ලැබුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ඇමෙරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ, මෙමගින් ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කරමින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ආරක්ෂක සහයෝගිතාව වඩාත් විධිමත් කරනු ලැබූ බවයි.

ඒ, එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) යටතේය.

ශීත යුද්ධය අවසන් වීමෙන් පසු, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (වර්තමානයේ යුද දෙපාර්තමේන්තුව) විසින් 1993 දී රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද රජයේ ජාතික ආරක්ෂක බළකාය සහ හවුල්කාර ජාතීන් අතර කල් පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ය.

මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක දිස්ත්‍රික්කය 13 සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර, ආරක්ෂක හවුල්කාරිත්වය විධිමත් කරන මෙම අවබෝධතා ගිවිසුමට (MOU) අත්සන් තැබුණේ මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ දීය.

එක්සත් ජනපද තානාපති ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.

gchrt767| කොළඹ ඇමෙරිකානු තානාපතිවරිය සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා


මෙම අවස්ථාව එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

මෙම ගිවිසුමට එළඹීම මගින්, හවුල්කාරිත්වය හරහා සාමය පිළිබඳ පොදු ඉලක්කය ඉදිරියට ගෙන යාම සඳහා අවැසි ඉන්දු-පැසිෆික් කලාපීය ස්ථාවරත්වය, සමුද්‍රීය ආරක්ෂාව සහ වෘත්තීය හමුදා සහයෝගීතාව සඳහා වන දෙරටෙහිම පවතින අන්‍යොන්‍ය කැපවීම අවධාරණය කරන බවද තානාපති කාර්යාලය සඳහන් කළේය.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ මෙම නව පරිච්ඡේදයේ වැදගත්කම පිළිබඳව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් පවසා තිබුණේ: "මොන්ටානාහි ලැව්ගිනි සහ ගංවතුර ආපදා සහන සේවා සැපයීමේ සිට විදේශයන්හි සාම සාධක සහ මානුෂීය කටයුතු දක්වා, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායට සිය සේවා සහ වෘත්තීය භාවය පිළිබඳ විශිෂ්ට වාර්තාවක් තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟ පවතින මෙම හවුල්කාරීත්වය, අද දින ඇතිකරගත් අවබෝධතා ගිවිසුම මගින් නැවතත් තහවුරු කරනු ලැබුවා. මෙම සහයෝගිතාවය, ආරක්‍ෂිත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා අවැසි - විශ්වාසය, සූදානම සහ කල් පවතින සාමය ගොඩනැගීම සඳහා වන අපගේ සාමුහික අරමුණ ශක්තිමත් කරනවා." යනුවෙනි.

මේ අතර "මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ ආරක්ෂක හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරන සහ එක්සත් ජනපදය සමඟ පවතින දිගු කාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කරන ප්‍රගතිශීලී මුලපිරීමක් නියෝජනය කරනවා. වසර ගණනාවක් පුරා, අප දෙරට අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය පෝෂණය කරමින්, හමුදා පුහුණුව, ආපදා සහන සහ ආරක්ෂක හුවමාරු වැනි ක්ෂේත්‍රයන්හී දිගු කලක් සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා. මෙම රාමුව සහයෝගීතාවය සඳහා නව මංපෙත් විවෘත කරනවා, ධාරිතා වර්ධනය වැඩි දියුණු කරනවා, සහ කලාපය පුරා සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට දායක වෙනවා." යනුවෙන් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික )සම්පත් තුයියකොන්තා පැවසූ බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

"අපගේ ශ්‍රී ලාංකික සගයන් සමඟ උරෙන් උර ගැටී කටයුතු කිරීමට ලැබීම අපට ගෞරවයක්. එක්ව, අපගේ දෙරටෙහිම ආරක්ෂාව වැඩි දියුණු කරන ශක්තිය, විශ්වාසය සහ කල් පවත්නා බැඳීම් ගොඩනඟමු," යනුවෙන් මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් පවසා තිබේ.

2021 වසරේ සිට, මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා, ඒකාබද්ධ පුහුණුව, විශේෂඥ හුවමාරු සහ අන්‍යෝන්‍ය චාරිකා හරහා ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කරගෙන තිබේ.

මෑත කාලීන කැපී පෙනෙන ක්‍රියාකාරකම් අතරට ඇට්ලස් ඒන්ජල් 2024 (ATLAS ANGEL 2024) සහ පැසිෆික් ඒන්ජල් 2025 (PACIFIC ANGEL 2025) ඇතුළත් වන අතර, එහිදී එක්සත් ජනපද සහ ශ්‍රී ලාංකික පිරිස් මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම සමඟ, ශ්‍රී ලංකාව රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන‌ (SPP) යටතේ එක්සත් ජනපද රජයේ ජාතික ආරක්ෂක බළකාය සමඟ හවුල් වී ඇති රටවල් 115ක ගෝලීය ජාලයට එක්වේ.

මොන්ටානා-ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකා හවුල්කාරිත්වය පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

* ඒකාබද්ධ පුහුණු සහ වෘත්තීය හුවමාරු වැඩසටහන්: අන්තර් ක්‍රියාකාරීත්වය සහ සූදානම වැඩි දියුණු කිරීම සඳහා

* සමුද්‍රීය වසම් දැනුවත් කිරීමේ සහයෝගිතා වැඩසටහන්: ජාවාරම් වැළැක්වීම, සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා

* අර්බුද සඳහා ප්‍රතිචාර දැක්වීම සහ මානුෂීය ආධාර සැපයීම: ආරක්ෂක බළකායේ ද්විත්ව හමුදා-සිවිල් හැකියාවන් උපයෝගී කර ගනිමින් හමුදා වෛද්‍ය සහ ඉංජිනේරු ක්‍රියාකාරකම් ඇතුළත් කිරීමට

* ගුවන් මෙහෙයුම්: කුසලතා සහ විශිෂ්ටත්වය තුළින් මෙහෙයුම් සාර්ථකත්වයට සහාය වීම සඳහා

* හමුදා සහ සිවිල් ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීම: ආපදා සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රකෘතිමත් වීම සඳහා වන හමුදා-සිවිල් සම්බන්ධීකරණය සඳහා


(උපුටා ගැනීම - බීබීසී සිංහල)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...