BREAKING
Top Ad
ආරක්ෂක

'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

T

The Leader

September 4, 2023 • 9:57 AM

'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබියදී
  • පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු දුන් සුරේෂ් සලේ කියා සිටියේ දරුවන් දෙදෙනකුගේ පියකු වන තමා යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙන බවය.
  • මේ වනවිට මම යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙනවා.
  • විත්තිකරු සිදු කළ මේ ප්‍රකාශය නිසා දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් විශාල ආන්දෝලනයක් ඇති වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා, අන්තර්ජාලය ඔස්සේ කළ ප්‍රකාශයකින් සිය කීර්තියට හානියක් සිදු වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (සැප්තැම්බර් 4 වැනිදා) කොළඹ දිසා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ නඩු විභාගය පැවැත්විණි.

නඩු විභාගය සඳහා විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා ද අධිකරණයේ පෙනී සිටියේය.


රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය 2021ඔක්තෝම්බර් 23 දින "සූම් "ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයකින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු දුන් සුරේෂ් සලේ කියා සිටියේ දරුවන් දෙදෙනකුගේ පියකු වන තමා යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙන බවය.

විත්තිකරු කළ මෙම ප්‍රකාශය නිසා තමන්ටත් තම දරුවන්ටත් විශාල තර්ජනයක් එල්ල වූ බව සඳහන් කළ සාක්ෂිකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම හරහා වැරදි සමාජ මතයක් නිර්මාණය වීමට හේතු වන බවත් සඳහන් කළේය.

"මම දරුවන් දෙදෙනකුගේ පියෙක්. මේ වනවිට මම යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙනවා. මගේ සහෝදරයින් හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම රට වෙනුවෙන් ආරක්ෂක හමුදාවලට සම්බන්ධ වෙලා අත පය නැති කරගෙනයි ඉන්නේ. විත්තිකරු සිදු කළ මේ ප්‍රකාශය නිසා දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් විශාල ආන්දෝලනයක් ඇති වුණා. ඒ හරහා මටත් පුද්ගලිකව විශාල පීඩනයක් එල්ල වුණා. අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙද්දී තමා විත්තිකරු මේ ප්‍රකාශය සිදුකළේ. ඒ හරහා සමාජය තුළ වැරදි චිත්‍රයක් නිර්මාණය වීමට හේතු වුණා. එපමණක් නෙවෙයි ඒ ප්‍රකාශය නිසා මගේ දරුවන්ටත් විශාල තර්ජනයක් එල්ල වුණා. මේ ප්‍රකාශය නිසා දරුවා පාසලෙන් ඉවත් කර ගැනීමට සිදු වුණා" සුරේෂ් සලේ සාක්ෂි දෙමින් කියා සිටියේය.


තමාට පුද්ගලිකව දැඩි පීඩනයක්

මෙම ප්‍රකාශය තම දරුවන්ට පුද්ගලිකව විශාල තර්ජනයක් වු බවත් තම දරුවා පාසලෙන් ඉවත් කර ගැනීමට පවා සිදුවු බවත් මෙම ප්‍රකාශය තමාට පුද්ගලිකව දැඩි පීඩනයක් එල්ල කළ බවත් කී සුරේෂ් සලේ අදාළ කරුණු තහවුරු කරමින් දිවුරුම් පෙත්සමක්ද, අපහාසාත්මක බව කියන ප්‍රකාශය අන්තර්ගත සී.ඩී පටයක්ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 25දා තෙක් කල් තැබුණි.

එදින විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් සාක්ෂිකාර සුරේෂ් සලේගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතව තිබේ.

(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
රාජ්‍ය බුද්ධි ප්‍රධානියා රොහාන් පියතුමාගෙන් කෝටි පහක් ඉල්ලයි

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...