BREAKING
Top Ad
ආරක්ෂක

රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි’ - එංගලන්තයේ 'ද ටයිම්ස්'

T

The Leader

September 4, 2023 • 10:37 AM

රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි’ - එංගලන්තයේ 'ද ටයිම්ස්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා මියගිය අයගෙන් 43 ක් විදේශීය සංචාරකයින් වන අතර, දරුවන් ද වූහ.
  • “රැස්වීම ඉවර වී, සුරේෂ් සාලි මා ළඟට ඇවිත් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්වයක් අවශ්‍යයි, ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි,” හංසීර් අසාද් මවුලානා, ප්‍රකාශ කර තිබේ.
  • ගෝඨාභය මීට පෙර ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
  • දෙමළ කොටි කැරුල්ල මැඬලීමේ වගකීම ඔවුන් ඒකාබද්ධව ලබා ගත් නමුත් 2015 දී රාජ්‍ය බලය අහිමි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

බෙන් නිකල්සන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දිවි ගලවා ගත් නමුත් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා අහිමි විය.

ඇඳුම් පැළඳුම් දැවැන්තයා වන Asos හි බහුතර කොටස් හිමිකරු සහ එක්සත් රාජධානියේ විශාලතම පුද්ගලික ඉඩම් හිමියා වන ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපතියා වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්ඔ සහ හුගේ බිරිඳ ඈන්ට ඔවුන්ගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අහිමි විය.

sdrf3eමියගිය අය අතර විදේශීය සංචාරකයන් හතළිස් තුන් දෙනෙක් ද වෙති. (ජායා -ලක්රුවන් වන්නිආරච්චි/ඒඑෆ්පී/ගෙටි රූප)



එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ හෙට (05) විකාශය වීමට නියමිත “ඩිස්පැචස්” නම් සම්මුඛ සාකච්ඡාවකදී ඉහළම ස්ථානගත ව සිටි රජයේ අභ්‍යන්තරිකයෙකු කියා සිටියේ, ඔහු ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියෙකු වන සුරේෂ් සාලි සහ ඉස්ලාමීය රාජ්‍යයට අනුබද්ධ බෝම්බකරුවන් අතර කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමට 2018 රැස්වීමක් පැවත් වූ බවයි. එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාව අස්ථාවර කර රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට අවස්ථාව සැලසීමයි.

“රැස්වීම ඉවර වී, සුරේෂ් සාලි මා ළඟට ඇවිත් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්වයක් අවශ්‍යයි, ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි,” හංසීර් අසාද් මවුලානා, ප්‍රකාශ කර තිබේ. “ප්‍රහාරය දිනකින් දෙක තුනකින් කළ සැලසුමක් නොවේ, සැලසුම වසර දෙක තුනකින් සකස් වෙමින් තිබුණා.”

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස හයකට පසු ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන බවට දුන් පොරොන්දුව මත ගෝඨාභය රාජපක්ෂ බලය ලබා ගැනීමත් සමඟ සාලි හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස උසස් කරන ලදී.

ගෝඨාභය මීට පෙර ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. දෙමළ කොටි කැරුල්ල මැඬලීමේ වගකීම ඔවුන් ඒකාබද්ධව ලබා ගත් නමුත් 2015 දී රාජ්‍ය බලය අහිමි විය.

පසුව ඔවුන්ට, සිය රජයේ කාලය තුළ සිදු කරන ලද අධිකරණයෙන් පරිබාහිර ඝාතන, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මහා පරිමාණ දූෂණ පිළිබඳ විමර්ශනවලට මුහුණ දීමට සිදු විය.

ප්‍රහාර වලට බලවත් රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ශ්‍රී ලංකාව තුළ බොහෝ කලක සිට කටකතා පැතිර ගිය නමුත්, හිටපු චැනල් 4 ප්‍රවෘත්ති කර්තෘ බෙන් ද පෙයාර් විසින් ආරම්භ කරන ලද 'බේස්මන්ට් ෆිල්ම්ස්' විසින් සාදන ලද වාර්තා චිත්‍රපටය, බෝම්බකරුවන් සමඟ සම්බන්ධ යැයි කියනු ලබන ඉහළ පෙළේ තොරතුරු හෙළි කරන්නන් කතා කළ පළමු අවස්ථාව සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් ඇති වූ මහජන නැගිටීමක් මධ්‍යයේ ගෝඨාභයට පසුගිය වසරේ බලයෙන් ඉවත් වීමට සිදුවිය.

මවුලානා පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලා ගිය අතර ඔහු සිය සාක්ෂිය යුරෝපීය බුද්ධි අංශවලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබේ. ඔවුහු ඔහුගේ ප්‍රකාශ විශ්වාසනීය ලෙස සලකමින් විමර්ශනය කරති.

පාස්කු ඉරිදා මියගිය අයගෙන් 43 ක් විදේශීය සංචාරකයින් වන අතර, බොහෝ දරුවන් ද වෙති. බෙන් නිකල්සන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දිවි ගලවා ගත් නමුත් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා අහිමි විය. ඇඳුම් පැළඳුම් දැවැන්තයා වන Asos හි බහුතර කොටස් හිමිකරු සහ එක්සත් රාජධානියේ විශාලතම පුද්ගලික ඉඩම් හිමියා වන ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපතියා වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්ට සහ ඔහුගේ බිරිඳ ඈන්ට ඔවුන්ගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අහිමි විය.



නම හෙළි නොකළ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක්, බෝම්බකරුවන් සමඟ සාලිගේ සබඳතා පිළිබඳ මවුලානාගේ සාක්ෂිය තහවුරු කර තිබේ. එම දෙවන රහස් හෙළි කරන්නා බෝම්බ ප්‍රහාරයට පෙර සහ පසුව, හමුදා බුද්ධි අංශ විසින් පොලිස් විමර්ශන නැවත නැවතත් ව්‍යර්ථ කළ බව කියා සිටියේය. “2019 දී මේ පාලනය බලයට පත් වූ විට, විමර්ශනයට සම්බන්ධ සියලුම නිලධාරීන් මාරු කර යවා, විමර්ශනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළා,” නිලධාරියා පවසා තිබේ.



චැනල් 4 විසින් ලබාගත් ලියකියවිලි බෝම්බ ප්‍රහාරයට පෙර අයිසිස් සම්බන්ධ කණ්ඩායමෙන් පොලිසිය වෙනත් මඟක යැවීම සඳහා හමුදා බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ තොරතුරු කිහිපයක් පෙන්නුම් කරන බව පෙනේ. අනෙකුත් ලේඛනවලින් පෙනී යන්නේ බෝම්බ ප්‍රහාරයට සති දෙකකට පෙර ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවූයේ අයිසිස් සංවිධානය කතෝලික පල්ලිවලට පහර දීමට සැලසුම් කරන බවයි. අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් රජය පියවර ගත්තේ නැත.

2021 දී බෝම්බ ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා පරීක්ෂනය වාර්තාවක් අවසන් කළ විට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

xdfgewr45 වින්දිතයන් අවම වශයෙන් රටවල් අටකින් පැමිණ ඇති අතර මීගමුවේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඇතුළු දේවස්ථාන තුනක බැතිමතුන් ද ඇතුළත් වේ. (REUTERS ඡායාරූපයකි).


කොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පාප් වහන්සේගෙන් ආයාචනා කරමින් ප්‍රහාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පසුගිය වසරේ ඉල්ලා සිටියේය.

මවුලානාගේ සාක්ෂිය විශේෂයෙන් කැපී පෙනෙන්නේ සාලි සමඟ බෝම්බකරුවන් සම්බන්ධ කළ බව කියන නිසාය. විපතට පත් වූවන්ගේ පවුල් සඳහා ලන්ඩනයේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති නීතීඥයින් පැවසුවේ ඔහුගේ සාක්ෂිය ශ්‍රී ලංකාවෙන් පිටත මෙන්ම ඇතුළත අධිකරණ බල ප්‍රදේශවල සහන අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට උනන්දුවක් ඇති කරනු ඇති බවයි.



දේශපාලන විරුද්ධවාදියෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට ලක්ව බන්ධනාගාරගතව සිටියදී බෝම්බකරුවන් හමුවූ රාජපක්ෂලාට හිතවත් දේශපාලනඥයකු වූ පිල්ලෙයාන්ගේ සහායකයකු ලෙස මවුලානා වසර ගණනාවක් සේවය කළේය. මවුලානා කියා සිටියේ පිල්ලෙයාන් වහාම “මරණය, මරණය, මරණය” ගැන පමණක් උනන්දු වූ අන්තවාදීන්ගේ ප්‍රයෝජනය දුටු බවයි.



සාලි ඔවුන්ව මුණගැසීමට සැලැස්වීමට පෙර පිල්ලෙයාන් සහ සාලි ඔවුන් සිරෙන් නිදහස් කළ බව මවුලානා පවසයි. “අපට ඔවුන් පාවිච්චි කරන්න පුලුවන්, ඔවුන් ලෝකයේ කිසිවක් ගැන ආසාවක් නැහැ,” පිල්ලෙයාන් උපුටා දක්වමින් මවුලානා පැවසීය.

බෝම්බ ප්‍රහාරය එල්ල වූ දින උදෑසන සාලිගෙන් ඇමතුමක් ලැබුණු බව මවුලානා ද කියා සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් එක් අයකු රැගෙන එන ලෙස දන්වා සිටි නමුත් ඔහුට එය කිරීමට නොහැකි වී තිබේ. බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු හදිසියේම පිටව යාමට පෙර ඉන්දියාවට අයත් හෝටලය තුළ ඇමතුමක් ලබා ගන්නා බව CCTV දර්ශන වල දැක්වේ. පැය කිහිපයකට පසු ඔහු කොළඹ කුඩා හෝටලයක් තුළ බොම්බය පුපුරුවා හැරියේය.



චැනල් 4 වෙත ලිපියක් යවමින් සාලි එම චෝදනා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” ලෙස දක්වා තිබේ. චිත්‍රපට නිෂ්පාදකයින් සමඟ කතා කළ පුද්ගලයින් සමඟ තමාට කිසිදු සම්බන්ධයක් නොතිබූ බව ඔහු එහි සඳහන් කරයි. බෝම්බකරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන දිනවලදී තමා ශ්‍රී ලංකාවේ නොසිටි බව ඔහු පැවසයි. “පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නැහැ,” ඔහු සිය ලිපියේ ලියා තිබේ. පිල්ලෙයාන් හෝ රාජපක්ෂ පවුල චැනල් 4 විසින් අදහස් දක්වන ලෙස කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වා නැත.



(එංගලන්තයේ ටයිම්ස් පුවත් පතෙහි අද පළව ඇති ලිපියක අනුවාදය සේ. පියවර්ධන විසිනි)

(උපුටා ගැනීම -srilankabrief.org)


මුලාශ්‍ර පුවත :

Rajapaksa officials ‘linked to Easter Sunday Sri Lanka bombs’




සබැඳි පුවත් :

පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...