BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ඉරිදා ප්‍රහාරය : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ අවසන් හඬපටය !

T

The Leader

September 17, 2023 • 11:37 AM

පාස්කු ඉරිදා ප්‍රහාරය : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ අවසන් හඬපටය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින්
  • පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහා මොළකරුවෙකු සිටි බවත් එය දේශපාලන අරමුණු මුදුන් පත් කිරීම සඳහා සිදු කළ දෙයක් බවත් එක් පාර්ශවයක් කියද්දී , තවත් පාර්ශවයක් පවසන්නේ එය හුදෙක් ආගමික අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බවයි.
  •   එවැනි තත්වයක් තුළ''සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ අවසන් හඬපටය'' නමින් හඬපටයක් මේවනවිට සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත.
  • පාස්කු ඉරිදා දිනයේ සහරන් ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් ගණන අටකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගියදා විකාශය කළ රුපවාහිනී වැඩසටහනත් සමග පාස්කු ඉරිදා ඛේදවාචකය සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් යළි පුළුල් කතාබහක් මතුව තිබේ.

ඒ අනුව මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු ද අනාවරණය වෙමින් පවතී. එම තත්වය තුල පක්ෂ විපක්ෂ සියලුදෙනාම පාහේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් ද ඉල්ලා සිටිති.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහා මොළකරුවෙකු සිටි බවත් එය දේශපාලන අරමුණු මුදුන් පත් කිරීම සඳහා සිදු කළ දෙයක් බවත් එක් පාර්ශවයක් කියද්දී , තවත් පාර්ශවයක් පවසන්නේ එය හුදෙක් ආගමික අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බවයි.  

එවැනි තත්වයක් තුළ''සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ අවසන් හඬපටය'' නමින් හඬපටයක් මේවනවිට සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත.

පාස්කු ඉරිදා දිනයේ සහරන් ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් ගණන අටකි. මින් එක් බෝම්බ කරුවෙකු වන්නේ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් හෙවත් අබු ඛලීල් ය.


MUHAMMAD IBRAHIM INSHAF AHMEDමොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් හෙවත් අබු ඛලීල්


ප්‍රහාරයෙන් පසු බෝම්බ ප්‍රහාර එල්ල වූ ස්ථාන සියල්ල සහ ඊට සම්බන්ධ බවට සැකකෙරෙන සියලුම දෙනා පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් විමර්ශන කිහිපයක් පැවැත් වූ අතර එහිදී ඉලෙක්ට්‍රොනික උපාංග සියගණනක් වෝහාරික විමර්ශන වලට ලක්කරණු ලැබීය. එෆ්.බී. අයි. සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලසිය ඇතුළු කණ්ඩයාම් රැසක් ඊට සහභාගී වූහ.

එහිදී අනාවරණය වූ එක් විශේෂ පණිවිඩයක් වූයේ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් හෙවත් අබු ඛලීල් විසින් සිය පවුලට ලබා දුන් අවසන් පණිවිඩයයි.

විනාඩි හතක කාලයකින් යුතු මෙම පණිවිඩය (එහි කොටසක් මෙහි පලවේ)  ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිය බෝම්බය පුපුරුවා ගැනීමට මොහොතකට පෙර සිය පවුලේ සාමාජිකයින් සමග බෙදාගෙන ඇති බව, විදේශීය රාජතාන්ත්‍රික මූලාශ්‍ර තහවුරු කරනු ලැබීය.

දෙමළ බසින් පටිගත කොට ඇති එම පණිවිඩයේදී ඉන්ෂාෆ් ඉතාම පැහැදිළිව මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව සහ සිය පවුලේ සාමාජිකයින් විශේෂයෙන් ඔහුගේ මව ගැන ඔහුට තිබු තරහ පැහැදිළි කර ඇත. එහි නොනිල සිංහල පරිවර්තනය පහත පරිදිය.

"මාගේ අම්මටයි තාත්තටයි සහෝදර සහෝදරයින්ටයි ලබා දෙන පණිවිඩයයි. හදිසියෙන්ම වේලාවක් නැතිව තමයි මේ පණිවිඩය කරන්නේ ගොඩාක් දේවල් ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවා. නමුත් ඒකට අවස්තාවක් ලැබුනේ නැහැ. මං කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේ එයා පියාගේ ආගම ඇදහීම ක්‍රියාවලින් සමඟ අන්‍යාගමිකයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම. හමුදුරුවන්ට අධාර ලබාදීමේ කටයුතු වලින් මිදෙන්නට බැරීව ගියාට ඒවා සිරක් කුෆුර් කටයුතු," ඉන්ෂාෆ් අහමඩ් හෙවත් අබු ඛලීල් සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

"මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ලගට ගිහින්. දේවියන් පිළිගන්නට ඕන, මේ සිය දිවි නසා ගැනීමක් නොවේ, තමා විසින් කරන දානයක් කියලා. එහෙම කියන්නට හේතුව මේ දේවියන්ගේ මාර්ගය නිසයි. ඔහේ නිකං මැරෙනවනම් මගේ ගෙදරදීම බෙල්ල කපා ගන්න පුලුවන් නැත්නම් කොහේ හරි ගිහින් පනින්න පුලුවන්. ඒත් මම මෙහෙම අන්‍යාගම්වල අයව මරාගෙන මැරෙන්නේ දෙවියන් ගාවට යන්න ඕන නිසයි".

එසේම එම හඬපටයේ මෙසේද සඳහන්වේ.

"මෙම ප්‍රශ්නවලින් මම මිදෙන්න ඕන. නබිතුමා කියලා තියෙනවා ප්‍රශ්න තියෙන කාලේ යහපත් භක්තිකයෙක් නම් මියයාමට කැමති විය යුතුයි කියලා. මම සාර්ථක වෙළදාමක් දේවියන් එක්ක කළා. ඒ කියන්නේ මගේ ශරීරයේ තිබු ජිවිතය මාගේ මුදල් දේපල දේවියන්ගේ මාර්ගය වෙනුවෙන් කැප කළා. මං හැමදාම යාඥා කළ  දේවියන් මට හීනෙන් කීව්වා. මම මේවා වෙනුවෙන් කිසිම දෙයක් කළේ නෑ. දෙවියෝ ආදරේට තමයි මට මේ මාර්ගය පෙන්නුවේ. මා සතුව තිබෙන ගොඩාක් පව් අයින් කර ගන්න පුලුවන් මරණයට පත්වීමෙන්."

එසේම එම හඬපටයේ මෙසේද සඳහන් වේ.

 "ශරියා මේ රටට එන්න ඕනෑ. දෙවියෝ කුරාණයේ කියන්නේ ප්‍රශ්ණ ඔක්කොම සම්පුර්ණයෙන්ම ඉවත් වීමට ආගම සම්බන්ධයෙන් පිළිපදින කල් යුද්ධ කරන්න කියලා. කුරාණය  අනිවාර්යෙන්ම කියවන්න. හදීස් කියවන්න. නබිතුමා යම් දෙයක් සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරයෙන්ම ක්‍රියා කරන්න. එවැනි දේ වල මහජනතාවගේ අදහස් ගැලපෙන්නේ නැතුව ගියත් ඒක කරන්න."

"නබිතුමා අපිට වඩා හොඳ උගත් දෙවියෙක්. දෙවියෝ කියපු  එක තමා නබිතුමා කීවේ. නබිතුමා කරපු දෙයක් අනුමත කළත් , බැහැර කලත් සමහර ඒවාට තරහා ගියත් එවැනි දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කළා. නබිතුමා හැම දෙයක් ගැනම ක්‍රියා කළේ කොයි විදිහටද ඒ විදිහට ක්‍රියා කරන්න. සියලුම දෙනා ඉගෙන ගන්න, ඉස්ලාම් රාජ්‍යයක අන්‍යආගමික අයවලුන් සමඟ කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියලා. ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහකට ද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැනගන්න ඕන. මේවා සාමාන්‍ය පණිවුඩ," ඔහු සිය අවසන් පණිවිඩයේ කියා ඇත.

"අම්මටයි තාත්තටයි කියන පණිවිඩය තමයි, මට සමාව දෙන්න. මම හිතා මතා ඔයගොල්ලන්ට වරදක් කළේ නෑ. මා නිසා ඔයාලට කරදර අපහසුතාවයන් වෙන්න පුලුවන්. මම මෙම මාර්ගය තොරා ගත්තේ, දෙවියන්ගේ මාර්ගය නිසයි. මේ නිසා අපේ පවුලේ අයට කරදර වෙයි. මගේ අයියලා මල්ලිලාට කරදර වෙයි. මගේ අම්මා තාත්තාට කරදර වෙයි. එහෙම කියලා මට මේ මාර්ගය තෝරා ගන්නේ නැතුව ඉන්න බෑ. මෙවැනි කරදර ආවත් මේ දෙවියන් වෙනුවෙන් කරන දෙයක්. අපට යම් යම් දේ ගැන පරස්පරතාවයන් තිබුණත් ඒවායේ හරි තීන්දුව ඊළඟ ආත්මේදි දෙවියන්ගෙන් දැනගන්න පුළුවන්. ස්තූතියි."

"ඔයගොල්ලො මට මෙයින් පස්සේ බැන්නත් ඊළග ආත්මේ වෙනකල් කරගෙන ගියත් මම සමාව දෙනවා. ඒ නිසා මා හටත් සමාව දෙන්න. මා නිසා කරදර ආවත් දරා ගන්න. මා හිතා මතා කිසිම කරදරයක් ඔයගොල්ලන්ට දුන්නේ නෑ. මේ ක්‍රියාවලිය හේතුවෙන් මම ඉදිරියේ දී  "නිෆාත්" යන තත්වයට පත්වෙනවා, " ඔහු සිය පණිවිඩයේ වැඩි දුරටත් කියා ඇත.

"ඊළඟ එක මමයි ඉල්හාමුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත් වෙනවා. ඒ හේතුවෙන් මෙම පවුලට ගොඩක් කරදර විය හැකියි. පොලිසියෙන් අම්මා තාත්තා වුනත් අත්අඩංගුවට ගන්න පුළුවන්, සමහර විට හිරේ දාන්නත් පුලුවන්. මට  වෙන ක්‍රමයක් නෑ. මම ගැන බැලුවොත් දෙවියන්ගේ මාර්ගයෙන් කටයුතු කරන්න බෑ. ජිහාත් කියන එක මේ කාලේ අනිවාර්යයි. මුස්ලිම් අයවලුන්ව පොකුරු පිටින් මරලා එම  බල්ලෝ ටික අපේ ඇහැ ඉදිරියේ සංචාරය කරනවා. භුක්ති විඳිනවා," ඔහු සිය පණිවිඩය අවසන් කර ඇත්තේ එසේය. 

 
ඉන්සාෆ් අහමඩ් කියන්නේ කව්ද ?

ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ එක් පුත්‍රයෙකු වන මෙම පුද්ගලයාගේ මෙම ප්‍රකාශය තුළ අන්තවාදීන්ගේ සංකීරණ මානසිකත්වයේ ස්වභාවය අවබෝධ කරගත හැකිය. ධර්මෝන්මාදය අසාදනය වූ විට පුද්ගලයෙකු සිතන අයුරු මින් පැහැදිළි වේ. මෙවැනි ප්‍රකාශ නිවැරදිව අධ්‍යනය කිරීමෙන් රැඩිකල්කරණයට එරෙහි නීති පැනවීමේ සහ ඒවා නිවැරදිව ක්‍රියාත්මක කිරීමේ වැදගත් කම අවබෝධ කරගත හැකිය.  


දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු 2018 මාර්තු මාසයේදී කඩු සහ ගිනි අවි මිළදීගෙන තෝරාගත් පිරිස් අතර බෙදා හැරියේ මෙම ඉන්සාෆ් අහමඩ් විසිනි. එසේම ඔහු 2018 නොවැම්බර් දෙහිවල මුහුසීන් නමැති අයෙකුට ඇමෙරිකානු ඩොලර් 23,500 ක් සිරියාවට යැවීම සඳහා ලබාදුන් බව විමර්ශන වලින් ඔප්පු විය.

එපමණක් නොව, 2019 අප්‍රේල් 17 දී සිය සමාගමෙන් රුපියල් මිලියන 34ක් රිල්වාන්ට ලබාදී ඇති අතර ඝාතකයින්ගේ පවුල් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 59ක් බෙදා දී ඇති බව විමර්ශන වලින් තහවුරු වී ඇත.

 

 

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...