BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය ?

T

The Leader

September 20, 2023 • 1:43 AM

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදයේ රාජ්‍යය දෙපාර්තම්න්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාර ක්‍රිස්ටෝපර් ඒ ලෑන්ඩ්බර්ග්
  • එසේම ප්‍රහාරයෙන් පසුව, 2022 පෙබරවාරි 8 වැනි දින  පුළුල් ත්‍රස්ත විරෝධී සහයෝගීතාව සඳහා වූ යෝජනාවක් ද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකස් කොට ඔබේ කණ්ඩායම සමග බෙදාගනු ලැබීය," ක්‍රිස්ටෝපර් ඒ ලෑන්ඩ්බර්ග් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කොට අවසන් කර ඇති බැවින් එම ප්‍රහාර සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම කිසිම තේරුමක් නැති කටයුත්තක් බව එක්සත් ජනපදයේ තීරණය වී ඇත. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණ විමර්ශනයන් පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊයේ (19) කැඳවා තිබු විශේෂ රැස්වීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. 

ඊට අදාල ලියකියවිලිද මන්ත්‍රීවරුන් අතට පත්කර ඇත. 

"2019 අප්‍රේල් 21 වන දින සිදු වූ බෝම්බ ප්‍රහාර වලින් එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව 269 දෙනෙකුගේ ජීවිත ඛේදජනක ලෙස බිලිගනිමින් සහ තවත් අහිංසක මිනිසුන් සිය ගණනක් තුවාල කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඊට වගකිවයුත්තන් සහ ඔවුන්ට සහයෝගය ලබා දුන් අය ගැන විමර්ශනය කොට සහ වහාම නඩු පැවරීම සඳහා කටයුතු කරනු ලැබීය. විධිමත් විමර්ශනයක් කොට අවසන් කර ඇති බැවින් එම ප්‍රහාර සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම කිසිම තේරුමක් නැති කටයුත්තක් බව එක්සත් ජනපදයේ තීරණයයි," එක්සත් ජනපදයේ රාජ්‍යය දෙපාර්තම්න්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාර ක්‍රිස්ටෝපර් ඒ ලෑන්ඩ්බර්ග් නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. 

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩි දුරටත් එහිදී පවසා ඇත්තේ, ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) නියෝජනය කරමින් පුද්ගලයින් 33 දෙනෙකු ප්‍රහාරය සිදු වූ ප්‍රදේශ විමර්ශනය කළ අතර ඊට අදාළ සාක්ෂි එකතු කිරීම, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් පිළිබඳ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ප්‍රහාරයට අදාළ ඩිජිටල් උපාංග පරීක්ෂාව ආදීය සිදුකළ බවයි. 

ඒ සඳහා මෙරට අපරාධ විමර්ශන කොට්ඨාශය ඇතුළු ආයතන පූරණ සහයෝගය ලබාදුන් බව අවධාරණය කරන හෙතෙම, අදාළ පරීෂණ පැවැත්වූ කාලය තුළදී එවකට බලයේ සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා නිරන්තරව දැනුවත් කල බව සඳහන් කර ඇත.

 

"පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය වලට සහාය දැක්වීමට අමතරව, එක්සත් ජනපද රජය - අධිකරණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශය හරහා - ත්‍රස්තවාදයට එරෙහි නඩු පැවරීම සඳහා අවශ්‍යය උපදේශනය සහ පුහුණුව ලබා දී ඇත. එසේම ප්‍රහාරයෙන් පසුව, 2022 පෙබරවාරි 8 වැනි දින  පුළුල් ත්‍රස්ත විරෝධී සහයෝගීතාව සඳහා වූ යෝජනාවක් ද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකස් කොට ඔබේ කණ්ඩායම සමග බෙදාගනු ලැබීය," ක්‍රිස්ටෝපර් ඒ ලෑන්ඩ්බර්ග් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

letter fbi

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...