BREAKING
Top Ad
ආරක්ෂක

චැනල් ෆෝ විවාදය උණුසුම් : මෛත්‍රී - ෆොන්සේකා පැටළෙති

T

The Leader

September 21, 2023 • 5:27 AM

චැනල් ෆෝ විවාදය උණුසුම් : මෛත්‍රී - ෆොන්සේකා පැටළෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (21)පස්වරුවේ ඇතිවිය.
  • දෙදෙනා අතර මෙම  බහින්බස්වීම් ඇතිවූයේ ඒ අවස්ථාවේදීය.
  • මෙයා මේ හැසිරෙන්න හිටපු ජනාධිපති කෙනෙක් විදියටද.
  • අපිත් ඒ මෝඩ වැඩේ 2015 දී  කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දිගින් දිගටම චෝදනා කළේය.

දෙදෙනා අතර මෙම  බහින්බස්වීම් ඇතිවූයේ ඒ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා :


මේකෙ මහ මොළකාරයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මෙයා. අනෙත් කෙනා ගෝඨාභය. සලේ කියන්නේ මැද පෙළ පිතිකරුවෙක් විතරයි. මෙයා සිංගප්පූරුවේ ඉද්දි තමයි බෝම්බ පිපුරුවේ. ලංකාවට ආවේ නෑ හෝටලයක හැංගිලා හිටියා. ඇඳ යට රිංගා ගෙන ඉඳලා තියෙනවා. මම පාර්ලිමේන්තු කාරක සභාවේදී මේ ගැන මේක ප්‍රශ්න කළා. එයා මොකද කිව්වේ. ගුවන් යානයේ සීට් නැහැ කිව්වා. එහෙම බොරු කියලා කවුරුත් නිදා ගත්තට පස්සේ රෑ හොරෙන් රටට ආවා. මේ වගේ බියගුළු රාජ්‍ය නායකයෙක් කවදාවත් බිහිවෙලා නැහැ. අපිට හරි ලැජ්ජයි.

(මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයා කෑ ගසයි)

සරත් ෆොන්සේකා :

කට වහගෙන අහගෙන ඉන්න.

මෛත්‍රීපාල සිරිසේන :
සලේ හිටියේ කොහෙද. තිරුපති තියෙන්නෙ කොහෙද. මම තිරුපති ඕනතරම් ගිහිල්ලා තියෙනවා මට කවදාවත් සලේ හම්බ වෙලා නැහැ. සලේ ඉන්දියාවේ මම ඉන්න තැන දැනගෙන හිටියෙත් නැහැ.මෙයා කියන්නේ පට්ටපල් බොරු. මෙයා හමුදාවේ ඉන්නකොට මෙයාගේ කඳවුරට ගහලා දහස් ගණනක් මැරුණා.

සරත් ෆොන්සේකා :

මේ පිස්සා හැමදාම මේ කතාව කියනවා. යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරය බාරව ඉන්න කෙනා නොවෙයි. දැන් වලිගේ පාගගෙන කෑගහනවා. මෙයා මේ හැසිරෙන්න හිටපු ජනාධිපති කෙනෙක් විදියටද. හරියට පසුපෙළ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට හැසිරෙන්නේ. මෝඩයෙක් වගේ කෑගහනවා. මහ මොළකාරයා නිසා තමයි මේ කෑ ගහන්නේ. අපි කවදාවත් ඇඳවල් යට හැංගිලා හිටපු අය නෙවෙයි. පොදු අපේක්ෂකයන්ටත්  නින්දාවක්. අපිත් ඒ මෝඩ වැඩේ 2015 දී  කළා. අපි දැන් ලැජ්ජ වෙනවා.

(මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයා කෑගහයි)

මෛත්‍රිපාල සිරිසේන :

මෙයා මේ කියන්නේ පට්ටපල් බොරු. මෙයා හමුදාපති කාලේ කාලෙ අපේ කොල්ලො දාහ දෙදාහ මැරුණා. ඒව ගැන මෙයා කතා කරන්නේ නැහැ. හමුදා මූලස්ථානය රැකගන්න බැරි හමුදාපති කෙනෙක් මෙයා. බඩවැල් එළියට එන්න බෝම්බ වැදුණා. බඩවැල් ගෙනිච්චෙ එක වාහනයක. මෙයා ගෙනිච්චේ තවත් වාහනයක. දැන් මෙයා ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තනිකරම ඒක පාක්ෂික එකක්.

සරත් ෆොන්සේකා :

මම හමුදාපති කාළේ හමුදා භටයන් පන් දහස් ගාණක් නැති වුණා. දාහක් දෙදාහක් නොවෙයි. ඒ අය කැපවීම් කරලා තමයි ත්‍රස්තවාදීන් විසිපන්දාහක් ඝාතනය කළේ. යුද්ධය ජයග්‍රහණය කළේ. කැපවීම් නොකර යුද්ද දිනන්න බැහැ. ඇඳවල් යටටවෙලා ඉදලා යුද්ද දිනන්න බැහැ (මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයා කෑ ගසයි)

 

 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...