BREAKING
Top Ad
ආරක්ෂක

සොනික් සොනික්' කව්ද ? - ‘පාස්කු ප්‍රහාර‘ ඉදිරියටත් වෙන්න පුළුවන් !

T

The Leader

September 21, 2023 • 11:53 AM

සොනික් සොනික්' කව්ද ? - ‘පාස්කු ප්‍රහාර‘ ඉදිරියටත් වෙන්න පුළුවන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා වැනි ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය
  • පාස්කු ඉරිදා වුනේ රටට එන අන්තිම ප්‍රහාරය කියා හිතන්න එපා යැයි කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා, අන්තවාදී හැගීම් තියෙන පිරිස් රට ඇතුලේ මෙන්ම පිටත් ඉන්න බවත් ඒ අය හොයාගන්නට බුද්ධි අංශ දිවා රෑ නොබලා කටයුතු කරන බවත් කීය.
  • පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ 'සොනික් සොනික්' යන වචනයක් රැව් දුන් බව කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා, සොනික් යනු බුද්ධි නිලධාරියෙක් බවද එය අන්වර්ත නාමයක් බවද පැවසීය.
  • ඉතා අසීරුවෙන් ත්‍රස්තවාදී ජාලයට සූක්ෂම ලෙස රිංගා තොරතුරු ලබා ගත්තේ ඔහු බව කී ප්‍රමිත බණ්ඩාර, ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටිමින් එසේ කළ බව ද කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ඉරිදා වුනේ රටට එන අන්තිම ප්‍රහාරය කියා හිතන්න එපා යැයි කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා, අන්තවාදී හැගීම් තියෙන පිරිස් රට ඇතුලේ මෙන්ම පිටත් ඉන්න බවත් ඒ අය හොයාගන්නට බුද්ධි අංශ දිවා රෑ නොබලා කටයුතු කරන බවත් කීය.

පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ 'සොනික් සොනික්' යන වචනයක් රැව් දුන් බව කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා, සොනික් යනු බුද්ධි නිලධාරියෙක් බවද එය අන්වර්ත නාමයක් බවද පැවසීය.

ඉතා අසීරුවෙන් ත්‍රස්තවාදී ජාලයට සූක්ෂම ලෙස රිංගා තොරතුරු ලබා ගත්තේ ඔහු බව කී ප්‍රමිත බණ්ඩාර, ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටිමින් එසේ කළ බව ද කීය.

එම කාරණා තේරුම් ගන්න තරම් පරිණත පාර්ලිමේන්තුවක් මේ රටේ තිබිය යුතු යැයි වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කීය.

 සබැඳි පුවත් :

සහරාන්ගේ අවසන් වීඩියෝවේ සම්පූර්ණ කතාව මෙන්න

Exclusive: දෙහිවල මරාගෙන මැරුණු බෝම්බකරු ජමීල් බිරිඳට දුන් අවසන් පණිවිඩය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය ?

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...