BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනිමට නොහැකි වුනේ ඇයි ?- මරික්කාර් ප්‍රශ්න කරයි

T

The Leader

September 21, 2023 • 1:33 PM

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනිමට නොහැකි වුනේ ඇයි ?- මරික්කාර් ප්‍රශ්න කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුද්ධි අංශ තොරතුරු ලබාදි තිබියදිත් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනිමට
  • මරික්කාර් අද (21) පාර්ලිමේන්තුවේදී පැවසිය.
  • ඔහු මේබව කියා සිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට සහභාගී  වෙමිනි.
  • එහිදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නොහැකි වුනේ ඇයි ? එසේ නොකරේ ඇයි ? කියන කාරණය මෙතෙක් සිදුකළ  විමර්ශනවලින් හෙළිදරව් නැතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අද (21) පාර්ලිමේන්තුවේදී පැවසිය.

ඔහු මේබව කියා සිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට සහභාගී  වෙමිනි.

එහිදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

'' අන්තවාදයට , බෙදුම්වාදයට මෙන්ම එහා පැත්තේ අය හදන ජාතිවාදයටත් අපි දැඩි ලෙස විරුද්ධයි..

මේ ත්‍රස්තවාදය වසර ගාණක් වර්ධනය වන්නට ඉඩ දුන්නේ කොහොමද කියන කාරණය එකදු විමර්ශනයකින්වත් හෙලිදරව් වී නැහැ..

හමුදා බුද්ධි අංශ දේශපාලනීකරණය වෙලා

විමර්ශකයින්ට බාධා කරමින් ගෝඨාභය ජනාධිපති වු පසු විමර්ශකයින් මාරුකරනු ලබනවා.



අතේ ලේ තැවරිලා නැත්නම් ඇයි විමර්ශකයින් මාරු කලේ.. පරීක්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොකලේ.. වසර හතරාමරක් වෙලත් තවමක් විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැ..



රනිල් මහත්තයට අගමැතිකම නැතිවුනේ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුනේ පාස්කු ප්‍රහාරයේ අතුරු ප්‍රතිපල විදිහට. එ නිසා නිසි විමර්ශනයක් කරලා වැරදිකරුවන් නිතිය ඉදිරියට ගෙන එම ජනාධිපතිතුමා සතු මගහැරිය නොහැකි වගකිමක්...

තවත් වැදගත්ම දෙයක් කිමට අවශ්‍යයි...සිංහල බෞද්ධ පාසලකට ගිය, තුන් හිතකවත් ජාතිවාදි හෝ අන්තවාදී නොවු මගේ ප්‍රතිරූපය විනාශ කිරිමට මොවුන් තැත්කලා . .වද කොත්තු , අලුත්ගම මුස්ලිම් -සිංහල ගැටුම ගෙනල්ලා මුස්ලිම් හා සිංහල ජනතාව අතර ජාතිවාදය ඇතිකළා. ...සිංහල මුස්ලිම් වෛරයක් නිර්මාණය කරන්නට කටයුතු කරා...අපකෙරෙහි පවා මිනිසුන් වපර ඇසින්  බැලිමට පවා ජාතිවාදය පතුරුවා.  ..එ ජන්ද දිනාගැනිමෙ පටු අරමුණු ඉෂ්ට කිරිම අරමුණු කරගෙන...

පාස්කු මිනීමැරුම් අවසන්ව දින කිහිපයක් යන්නට මත්තේන් ගෝඨාභය මධ්‍ය හමුවක් තියල ඔහු ජනාධිපති අපේක්ශකයා ලෙස ඉදිරිපත් වන ප්‍රකාශ කෙරුවා.

සහරාන්ගේ බිරිදගේ සක්ෂිවල තිබුනා සහාරන්ට බුද්ධි අංශ සමඟ සම්බන්ධතා තිබුන බව..

අනෙක් එක තමා 'සොනික් සොනිල් ' කියන මිනිහා ගැන පර්යේෂණ ආරම්භ කරලා නතර කරලා..

මෙවා එකිනෙකට සම්බන්ධතා පෙන්වන සිදුවීම. එහෙම හිතෙන එක ඉතාමත් සදාරණයි...



අනික මේක කාල බෝම්බයක්.  එය ක්‍රියාත්මක කිරිමට විශේශ දැනුමක් තිබිය යුතුමයි.. නමුත් එවා හැදුවේ zoom හා videos බලලා කියලා බයිලා කියවනවා.. සහරාන්ගේ බිරිද පිළිගන්නවා දුරකථන ඇමතුමකින් මෙම ප්‍රහාරය ඉක්මන් වුනා කියලා...මෙම පර්යේෂකයන් වසන් කරනවා අබුහසේ කියලා පුද්ගලයෙක් නැ කියලා. එක isis සංවිධානයට කියන නමක්ලු...මේ වගේ බොරු කියන්නේ...



පොඩි සහරන් කියන මිනිහා කටාර්වල ඉදන් ලංකාවට එනවා. මේවා එකි නෙකට සම්බන්ධ සැක සහිත සිදුවිම්..මුස්ලිම් සිවිල් සංවිධාන ජහිඩ්උල්මා සංවිධානයේ අන්තවාදික් නිර්මාණය වෙනවා. ඔහු සමඟ මාරාගෙන මැරෙන කණ්ඩායමක් සැකසෙනවා කියලා ආරක්ෂක ලේකම්වරුන්ට දැනුම් දිලා තිබුනත් ඇයි පර්යේෂන සිදු නොකලේ...

ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා හිටපු කලේ සිදුවුන ලසන්ත ඝාතනය, සිරසට බෝම්බ ගැසිම පිළිබද, සනත් බලසුරිය රටින් පිටත් විම පිළිබද , පොද්දල ජයන්තට ගහලා මුල්ලේරියාව ඉස්පිරිතාලේ ඉස්සරහා දලා යාම පිළිබදව චෝදනා තියන්නේ හමුදා බුද්ධි අංශෙට .

මම  හමුදාවට කිසිසේත්ම විරුද්ධ නැ..නමුත් පොඩි කණ්ඩායමක් ඉන්නවා මේ  සිදුවීම් පිටිපස...මෙවාට පිළිතුරු නොදි ඉදිරියට යන්න බැ...අපිට මේ  මිනිමරු  දෑත්වල ලේ තැවරුනු මිනිස්සු එක්ක කිසිදු ගනුදෙනුවක් තබා ගන්න අවශ්‍ය නැ...



අනෙක අන්තවාදය වර්ධනය වුන කාලයක ප්‍රභාකරන් මරපු හමුදාවට සහරාන් හොයගන්න බැරි විම අපිට කිසිසෙත්ම පිලිගන්න බැ..එ දවස් වල ගෝඨාභය ඉන්දියාවේ ගියේ මොකද ...කාවද මුණගැහුනේ හොයලා බලන්නම ඕන. ..අන්න එකට තමා ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය වෙන්නේ..

පාස්කු ප්‍රහාරයත් සමග සහිදමන්දු වල 16 දෙනෙක් මැරුණත්,  එ අතර සාරාගේ DNA තිබුනේ නැ කියලා පර්යේෂණ වලින් ඔප්පු වුනා...එම පර්යේෂණ සිදුකල IP ජයසිංහ (කල්මුණ පොලිසිය ) මහතා කොරොනා හැදිලා මැරුණා. මැරුණද ? මැරුවද ?  ලේ අතේ ගැවුන අයට මෙවා මහලොකු දෙවල් නෙමෙයි..



අපි පැහැදිලිව කියනවා කතෝලක පල්ලිය, විපක්ෂය , රටේ  මහජනතාව මෙම සිදුකරනු ලබපු පර්යේෂණ වලින් සැහිමට පත් වන්නේ නැත්නම් වහාම ජාත්‍යන්තර පර්යේෂණයකට යන්න...මේ අදිසි හස්තය හැකිතාක් ඉක්මනින් සොයා ගන්න ජාත්‍යන්තර තක්ෂණික සහයයි අවශ්‍යයි. විනිවිද දකින ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය වෙලා තිබෙන්නේ.

ලබන වසරේ ආණ්ඩුව මාරු වෙනවා ..අපේ අණ්ඩුවේ ජාතිවාදයට..අන්තවාදයට ඉඩ නැ..ත්‍රස්තවාදයට හිස ඔසවන්න දෙන්නෙත් නැ..''

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...