BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ !

T

The Leader

September 21, 2023 • 2:04 PM

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා ප්‍රහාරයට විවිධාකාර ලෙස වගකිව යුත්තන් ලෙස ජනතාව සැක කරනා ඇතැම් ප්‍රධාන පෙලේ චරිත
  • ඔහු එබව කියා සිටියේ, අද (21) පැවති මාධ්‍ය හමුවකදීය.
  • එහිදී ඔහු  මෙසේද සඳහන් කළේය.
  • "2019 අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී අදත් (21) හෙටත් (22) විවාදයක් තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තවමත් නිදැල්ලේ සිටිනා බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.


ඔහු එබව කියා සිටියේ, අද (21) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු  මෙසේද සඳහන් කළේය.

"2019 අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී අදත් (21) හෙටත් (22) විවාදයක් තියනවා.

මේ ප්‍රහාරයෙන්  270 කට අදික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසකට අනතුරු සිදු වී වසර 4 කුත් මාස 5 කට ගෙවී අවසන්..

මේ අකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරය පාර්ලිමේන්තුවේ සාකච්චා කරන්නට උනන්දුවක් ඇති වූයේ පසුගියදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් ප්‍රචාරය කරනා ලද වැඩ සටහනක් නිසායී. මේ වැඩ සටහනේදී පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෙක් ගැන චෝඳනාවක් ඉදිරිපත් වෙනවා. ඒ අනුව ලංකාවේ මේ පිලිබඳ විශාල කතිකාවක් ඇති උනා. විවාදයක් ඉල්ලනු ලබන්නේ ඒ අනුවයි.

මෙහිදී  අපට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට සිදුවන්නේ මේ සිද්දියෙන් වසර 4 හමාරකට පසුවත් මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයක් ගොඩ නංවන්නට රජයන් අසමත්. වී ඇති බවයි. මේ කාලය තුල ජනාධිපතිවරුන් 3 දෙනෙකු කටයුතු කොට තිබෙනවා. ආරක්ෂක ලේකම්වරු, පොලිස් ඇමති වරු බුද්ධි අංශ ප්‍රධානීන් හා ප්‍රධාන පෙලේ නිලධාරීන් කිහිප දෙනෙකුම වෙනස් වි තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පාර්ලිමේන්තු කමිටුවක් විදේශ ආයතන ඇතුලු විමර්ශණ ගනනාවක වාර්ථා ඉදිරිපත් වී තිබෙනවා. නමුත් තවමත් මේ විමර්ශණ පිලිබඳ සැකය දුරු වී නෑ. තමත් කාටවත් දඩුවම් ලැබීත් නෑ.



මේ සිද්ධියට විවිධාකාර ලෙස වගකිව යුත්තන් ලෙස ජනතාව සැක කරනා සමහර ප්‍රධාන පෙලේ චරිත තවමත් නිදැල්ලේ ඉන්නවා. මෙය ඉතාමත්ම කනගාටු දායක තත්වයක්. ප්‍රහාරයට ලක් වූවන්  යුක්තිය ඉල්ලන්නේ ඒ නිසායි.



රජය තවමත් බොහෝ දේවල් ජනතාවට පමනක් නොවෙයි ජනතා නියෝජිතයන්ටත් වසන් කරමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරය පිලිබඳ ජනාධිපති කොමිසම් වාර්ථාව පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන්නේ කොටස් කිහිපයක් නැතුවයි. එහි යම් කොටස් පාර්ලිමේන්තු මග ලේකම්ගේ අධික්ෂණය යටතේ පුස්තකාලයේ තබනවා කීවත් එය සිදු වී නෑ. මේ විවාදය ආරම්ඹ කිරිමට පෙරවත් එය මංත්‍රීවරුන්ට ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා කිහිපවිටක්ම ඉල්ලා සිටියත් කතානායකවරයා අදත් එය ප්‍රතික්ශේප කලා. මහ ලේකම්වරිය ගාව තියන පිටපත මහජන නියෝජිතයන්ට පෙන්නන්න ජනාධිපති ලේකම්ගෙන් අහන්න ඕනේලු.  අද මහජන නියෝජිතයන්ට ගොස් තිබෙන තැන ඕකයි.



ඒ නිසා අපේ ඉල්ලීම දැන්වත් රජය මේ ගැන නිසි අවධානයක් යොමු කර ජනතාවට ඇත්ත කියන්න. මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙලි දරව් වූ කරුණු අනුව ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගන්න. පරීක්ෂණ වලට සමහර අත්‍යාවශ්‍ය සාක්ෂිකරුවන් ඉදිරිපත් නොකල බව සමහර පරීක්ෂණ වාර්ථාවල කියවෙනවා. එසේ නම් මේ පරික්ෂන සම්පූර්ණ නෑ. එසේ නම් අපක්ෂපාත  හා පරිපූර්ණ පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතුව හෝ නැතුව පවත්වා හැකි තාක් ඉක්මනට මේ පිලිබඳ සැබෑ සත්‍යය රටට හෙලිදරව් කොට වැරදි කරුවන්ට කඩිනමින් දඩුවම් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...