BREAKING
Top Ad
ආරක්ෂක

'පාස්කු ප්‍රහාරයේ' මහ මොළකරු අබුහින්ද් ? - නලින් බණ්ඩාර මැති සබයේ දී කියයි

T

The Leader

September 21, 2023 • 11:52 PM

'පාස්කු ප්‍රහාරයේ' මහ මොළකරු අබුහින්ද් ? - නලින් බණ්ඩාර මැති සබයේ දී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ ඉන්දියාවේ සිට පැමිණි අබුහින් නමැති පුද්ගලයා යැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් සජබ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (21දා) පැවසීය.
  • මෙම අබුහින් නමැත්තා ඉන්දියාවේ සිට ප්‍රහාරය මෙහෙයවූ බවත් ප්‍රහාරය කඩිනම් කිරීමට ක්‍රියා කළේ ද මෙම පුද්ගලයා බවත් ඔහු සඳහන් කළේය.
  • නමුත් අබුහින් කියන්නේ යක්ෂයෙක්.
  • එය මේ මතවාදයේ සිටින අයවලුන් සමඟ ඍජුව සන්නිවේදනය කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ තවත් එක් තාක්ෂණික චරිතයක් මිස "මායාවක් හෝ මිත්‍යාවක්" ලෙස අර්ථ ගැන්වීම සම්පූර්ණෙන්ම වැරදි බව ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අබුහින් මෙරටට පැමිණ සහරාන් සමග රහසේ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවන්ට කිසිදු අයකු සහභාගි කර නොගත් බවට සහරාන්ගේ බිරිඳ හාදියා සාක්ෂි දී ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

මෙම අබුහින් නමැත්තා ඉන්දියාවේ සිට ප්‍රහාරය මෙහෙයවූ බවත් ප්‍රහාරය කඩිනම් කිරීමට ක්‍රියා කළේ ද මෙම පුද්ගලයා බවත් ඔහු සඳහන් කළේය.

'' සහරාන්ගේ බිරිඳ පැහැදිලිව කියලා තිබෙනවා. අබුහින් නමැති පුද්ගලයෙක් පිළිබඳව. මේ අබුහින් නමැති පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ අබුහින් එක්ක කතා කරන කොට සහරාන් අනෙක් අයව ඉවත් කරනවාලු. අබුහින් තමයි මේ ප්‍රහාරය කඩිනම් කරන්න කියලා කිව්වේ. අබුහින් තමයි ඉන්දියාවේ ඉඳලා මේ ප්‍රහාරය මෙහෙයවූවේ. අබුහින් කියන්නේ මිථ්‍යාවක් කියලා අපේ පොලිස් නිලධාරීන් කියලා තිබෙනවා. නමුත් අබුහින් කියන්නේ යක්ෂයෙක්. ප්‍රේතයෙක්. පිසාචයෙක්. ඔහු තමයි මේ ඝාතන පිටුපස ඉන්නේ. අබුහින් තමයි මහමොළකරු. නමුත් ඔහු ගැන හොයන්නේ නෑ ''යැයි ද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීය.

කවුද මේ අබුහින්ද් ?

කෙසේවුවද මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල විමර්ශන පිළිබඳව  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ වැඩමුළුවේ දී ද 'අබුහින්' සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබිණ.

 

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ මතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන විට ඊට සම්බන්ධ අයවලුන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා 2017 අවසන් භාගයේදී තාක්ෂණික චරිතයක් හෙවත් 'අවතාරයක්' ලෙස අබු හින්ද් ඉන්දියාවේ එක් ප්‍රධාන බුද්ධි අංශයක් විසින් නිර්මාණය කළ බව මේ ගැන තොරතුරු සඳහන් කළ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ ප්‍රධානියා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ සම්මන්ත්‍රණයේදී අවධාරණය කළේය. එය මේ මතවාදයේ සිටින අයවලුන් සමඟ ඍජුව සන්නිවේදනය කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ තවත් එක් තාක්ෂණික චරිතයක් මිස "මායාවක් හෝ මිත්‍යාවක්" ලෙස අර්ථ ගැන්වීම සම්පූර්ණෙන්ම වැරදි බව ඔහු සඳහන් කළේය.

 

එම නිලධාරියා සඳහන් කළ පරිදි, ඉන්දියාව මෙම ප්‍රහාරය ගැන වඩාත් නිවැරදි  බුද්ධි තොරතුරු ලබාගනු ලැබුවේ අබු හින්ද් වැනි තාක්ෂණික චරිත භාවිතා කිරීමෙනි. මෙවැනි අවතාර නිර්මාණය කිරීම ලෝකයේ බුද්ධි අංශ විසින් නිරන්තයෙන් සිදු කරන ක්‍රමෝපායන්වල එක් කොටසකි. විශේෂයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් නිරීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ ජාල හඳුනා ගැනීමට මෙන්ම ඔවුහු විසින් සිදු කරන තර්ජන තක්සේරු කිරීමේදී විශාල කාර්ය භාරයක් මෙම අවතාර වලින් සිදු කරයි. 

ත්‍රස්තවාදී සංවිධානවලට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීම, බඳවාගැනීම්  සිදු කිරීම, මෙන්ම බෝම්බ සහ සියදිවි නසාගැනීමේ ජැකට් ඇතුළු ප්‍රහාර සඳහා අවශ්‍ය මෙවලම් නිර්මාණය කර ගැනීම, ප්‍රහාරය සිදු කිරීම සහ ප්‍රහාරයෙන් පසු ප්‍රචාරණ සිදු කිරීම වැනි කටයුතු සඳහා සමාජ මාධ්‍ය ඇතුළු මෙවලම් භාවිත කරනු ලබයි. එම කටයුතු හඳුනා ගැනීම සඳහා මොවුන්ගේ මතවාදයට කැමැත්ත පළ කරමින් සන්නිවේදන කටයුතු සිදු කරන අවතාර නිර්මාණය කිරීම අතිශය වැදගත් වේ.

මේ ගැන ඕනෑ තරම් උදාහරණ මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයන පළ වී තිබේ. අබු හින්ද්  සම්බන්ධයෙන් සිදු කරන ඇතැම් ප්‍රකාශවලට පෝෂණය ලැබෙන්නේ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ ඇතැම් නිලධාරීන්ගේ හාස්‍යජනක වැරැදි සහ ඔවුන්ගේ විමර්ශන දත්තවලට වඩා තම පෞද්ගලික එදිරිවාදිකම්වලට මූලික තැන ලබාදෙමින් සිදු කිරීම නිසා බවටත්,  මේ නිසා අබු හින්ද්ගේ ජංගම සිම් එකේ මූලය ඉන්දියාව දක්වා සොයා ගන්නා අතර එය ඉන්පසු තම පෞද්ගලික අභිලාෂයන්වලට මූලික තැන ලබාදෙමින් එය දේශපාලනීකරණය කර බවට චෝදනා එල්ල වෙමින් තිබේ. 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...